• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

හඬ විතරක් නෙමෙයි මගේ පෙනුමත් ශිවන්‍යා වගේ

November 29, 2020
in Heart
Reading Time: 2 mins read
A A
හඬ විතරක් නෙමෙයි මගේ පෙනුමත් ශිවන්‍යා වගේ
Share on WhatsAppShare on Facebook

හඬකවන හැමෝටම රඟපාන්න පුළුවන්…

රාවණා ටෙලි නාට්‍යයේ ජනප්‍රිය වූ චරිත අතර ධරණිට හිමි වෙන්නේ සුවිශේෂී තැනක්. ප්‍රේම දඩයමේ ශිවන්‍යාගේ චරිතයට හඬ කවමින් ටෙලිනාට්‍ය කලාවට අවතීර්ණ වුණු පූර්ණිමා විදේශිකා තමයි රාවණා ටෙලිනාට්‍යයේ ධරණිගේ චරිතයට පණ පොවන්නේ. මේ පූර්ණිමා අපි එක්ක කළ කතාබහ.
රාවණා ඉවර වෙලා ටික කාලයක් ගත වුණත්, තවමත් ධරණිට ලැබෙන ප්‍රතිචාර නම් අඩුවක් නැතුව ඇති නේද?
ඇත්තටම ඔව්. තවමත් ධරණිට ඉතාම හොඳ ප්‍රතිචාර ලැබෙනවා. වැඩිහිටි, තරුණ පරම්පරාවෙන් විතරක් නෙවෙයි අපේ බාල පරම්පරාවෙනුත් ධරණිට ලැබෙන ප්‍රතිචාර ඉතාම ඉහළයි. බැට් මෑන්, සුපර් මෑන් වීරයෝ කරගෙන හිටිය අපේ ළමා පරම්පරාවට අලුත් වීරයෝ ටිකක් හඳුන්වලා දෙන්න රාවණා ටෙලි නාට්‍යයට පුළුවන් වුණා කියලයි මම හිතන්නේ. වෙනත් ටෙලි නාට්‍යවල වගේ නෙවෙයි ඇත්තම කිව්වොත් ධරණිට බැනපු කවුරුවත් මට තවම හම්බ වෙලා නැහැ.
හඬ කැවීම් ශිල්පිනියක් විදියට ක්ෂේත්‍රයට ආව පූර්ණිමා රංගන ශිල්පිනියක් බවට පත් වෙන්නේ රාවණා හරහා. කොහොමද ඒ වෙනස ඔබ දකින්නේ?
රඟපාන හැම දෙනාටම හඬ කැවීම් කරන්න බැරි වුණාට, හඬ කැවීම් කරන හැම දෙනාටම රඟපාන්න පුළුවන් කියලයි මම හිතන්නේ. රාවණා ටෙලි නාට්‍යයේ රංගන ශිල්පීන් සඳහා වෙනම හඬ කැවීම් සිදු කළා. නමුත් මගේ චරිතය සඳහා මමමයි හඬ කැවීම සිද්ධ කළෙත්. මගේ පළමු රංගනය වුණත් ඒකට උපරිම සාධාරණය කරන්න මට පුළුවන් වුණේ හඬ කැවීමෙන් ලැබුණු පළපුරුද්ද නිසා කියල මට හිතෙනවා.
ඔබ හඬ කැවීම් ශිල්පිනියක් විදියට වැඩ කරන්න පටන් අරගෙන සෑහෙන කාලයක් වෙනවා. ඇයි රංගනයට පිවිසෙන්න මේතරම් ප්‍රමාද වුණේ?
මීට කලින් මට ආරාධනා ලැබිලා තිබුණත් ඒ චරිතවලට මම ඒ තරම් කැමැති වුණේ නැහැ. සටන් ජවනිකා පිරුණු ධරණි වගේ චරිතයකට තමයි මම කොහොමත් ආශාවෙන් හිටියේ. මොකද මම පාසල් යන කාලයේ ක්‍රීඩාවෙන් සමස්ත ලංකා දක්වා ගිය කෙනෙක්. ධරණි ලැබෙනකම් ඒ වගේ චරිතයක් නොලැබුණු හින්දා තමයි රංගනයට එන එක ප්‍රමාද වුණේ. රංගනයට එකතු නොවුණත් වැඩසටහන් ඉදිරිපත් කරන්නියක් විදියට මම දිගටම රූපවාහිනී ප්‍රේක්ෂකයන් ඉදිරියට ආවා.
අපි ප්‍රේම දඩයම ගැන කතා කරමු. මං හිතන්නේ පූර්ණිමාව රටම හඳුනා ගත්තේ එතැනින්?
ඇත්තටම ඔව්. මෑත කාලයේ විකාශනය වූ ටෙලි නාට්‍ය අතරින් පිස්සුවක් බවට පත් වුණු නිර්මාණයක් තමයි ප්‍රේම දඩයම. එහි ශිවන්‍යාට හඬ කැවීම් කරන්න ලැබුණු එක මගේ ජීවිතයේ සංධිස්ථානයක් කියලයි මට හිතෙන්නේ. ළමා කාලයේ ඉඳන්ම රූපවාහිනී වැඩසටහන් එක්ක සම්බන්ධ වෙලා හිටියත් වැඩිහිටියෙක් විදියට ක්ෂේත්‍රයට සම්බන්ධ වෙන්න පුළුවන් වුණේ ප්‍රේම දඩයම හින්දා.
කොහොමද ඒ අවස්ථාව ලැබුණේ?
ප්‍රේම දඩයම ටෙලි නාට්‍ය සඳහා යොදා ගත් බොහෝ හඬ කැවීම් ශිල්පීන්ට එහි රංගන ශිල්පීන්ට තරමක් හෝ සමාන පෙනුමක් තමයි තිබුණේ. මගේ පෙනුමත් ශිවන්‍යාගේ පෙනුමට සමාන හින්දා තමයි හඬ කැවීම් පරීක්ෂණ සඳහා ඒ අය මට කතා කරලා තිබුණේ. ඒ වෙද්දී මම හඬ කැවීම් සඳහා සම්බන්ධ වෙලා තිබුණේ නැහැ. කොහොම හරි අන්තිමට ශිවන්‍යාට හඬ කවන්න මාව තේරුණා.
මොනවද ඔබේ අනාගත බලාපොරොත්තු?
මගේ උපාධිය අවසන් කරන එක තමයි ලොකුම බලාපොරොත්තුව. මම හදාරන්නේ මනෝවිද්‍යා විෂය. ඊට පස්සේ ඒ ක්ෂේත්‍රයෙන් ඉදිරියට යනවද නැද්ද කියන එක මම තවම තීරණය කරලා නැහැ. හැබැයි කලාව වෘත්තිය විදියට තෝර ගන්නත් මගේ අදහසක් නැහැ. මගේම ව්‍යාපාරයක් කරන්නත් මගේ හිතේ බලාපොරොත්තුවක් තියෙනවා.
චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

සමහරු අපිවත් කපාගෙන යනවා

Next Post

නළු නිළි රොත්තකටම කොරෝනා

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වතුපිටිවල ප්‍රදේශයේදී තරුණයකු සහ පොලිස් නිලධාරියකු අතර සිදුවූ වාදයක් ඇතුළත් වීඩියෝවක් මේ වනවිට සමාජ මාධ්‍යවල සැරිසරමින් තිබේ.Sri Lanka Latest News

Read more
පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.