කොවිඞ්-19 සටනේ පෙරමුණේ සිටින අපේම සහෘදයන් වෙනුවෙන් සහයෝගය දැක්වීමට සෙලින්කෝ ලයිෆ් දියත් කර තිබෙන වැඩසටහනට අනුව සමාගම විසින් ශ්‍රී ලංකා පොලීසියට පුද්ගලික ආරක්ෂණ උපකරණ තොගයක් බෙදාදීම පසුගියදා ආරම්භ කරන ලදී.
මේ අනුව, ජීවිත රක්ෂණ අංශයේ ප්‍රමුඛයා විසින් කොවිඞ්-19 දෙවන රැල්ලෙන් වඩාත් පීඩාවට පත්වූ බස්නාහිර පළාතේ දිස්ත්‍රික්ක තුනෙහි පොලිස් ස්ථාන 111ක් වෙත මෙම පුද්ගලික ආරක්ෂණ කට්ටල ප්රදානය කර ඇත.
මෙම පුද්ගලික ආරක්ෂණ කට්ටල බෙදාදීම කොළඹ නාගරික කලාපයේ පොලිස් ස්ථාන තුනක් තෝරා ගනිමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ සභාපති ආර්. රෙන්ගනාදන් මහතා සහ සමාගමේ අධ්යක්ෂ මණ්ඩලය විසින් පසුගියදා ආරම්භ කරන ලදී. මෙහිදී මෙම පුද්ගලික ආරක්ෂණ උපකරණ ශ්‍රී ලංකා පොලීසිය වෙනුවෙන් කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සිසිර කුමාර මහතා විසින් භාර ගත්තේය.
කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල පිහිටි සෙලින්කෝ ලයිෆ් ශාඛාවල කණ්ඩායම් විසින් ඉදිරියේදී තෝරා ගන්නා ලද අනිකුත් පොලිස් ස්ථාන වෙත මෙම පුද්ගලික ආරක්ෂණ කට්ටල බෙදාදෙනු ඇති බව සමාගම සඳහන් කරයි.











