Dr Rela Institute & Medical Centre යනු ඉන්දියාව පුරා ප්‍රකට අක්මාව බද්ධ කිරීමේ විශාලතම ඒකකය සහිත එම කාර්යය සඳහාම විශේෂඥ හැකියාවකින් යුතු දක්ෂ වෛද්‍යවරුන්ගෙන් යුතු රෝහලකි. කොවිඞ් වසංගත තත්ත්වය හේතුවෙන් රටම අගුළු දමා තිබූ කාලය තුළ නිර්මාණ වී ඇති අනපේක්ෂිත තත්ත්වය හමුවේ සිය පළමු අක්මා කොටස් පරිත්යාගකරුවා වූ රෝගියාගේ බිරිඳ එම කාර්යය සඳහා යෝග්‍ය නොවීමෙන් ඇතිවූ අවිනිශ්චිත අවස්ථාවක මෙම රෝහලේ කාර්ය මණ්ඩලයේ සුවිශේෂී කැපවීම ඔස්සේ ශ්‍රී ලාංකීය මහාචාර්යවරයකුගේ ජීවිතය බේරා ගැනීමේ පසුබිම නිර්මාණය විය.
ප්‍රසංග නාමල් කරුණාරත්න මහතා යනු 44 වන වියේ පසුවූ ශ්‍රී ලංකා රජයේ විද්‍යා, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශයේ මහාචාර්යවරයෙකි. මෙහිදී ඔහුගේ බිරිඳ පරිත්‍යාගශීලීයකු වීමේ අපේක්ෂාවෙන් සිදුකරනු ලැබූ CT ස්කෑන් පරීක්ෂණයෙන් අනාවරණය වූයේ ඇයගේ අන්ත්රය තුළ කුඩා ගෙඩියක් නිර්මාණය වී ඇති බවය. මෙම තත්ත්වය ඇය පරිත්‍යාගශීලියකු වීම සඳහා නුසුදුසු විය. නමුත් වාසනාවකට මෙන් ඇයගේ සහෝදරයා පරිත්‍යාගශීලියකු ලෙස ඉදිරිපත්වීම හේතුවෙන් සැප්තැම්බර් මස 24 වන දින පැය 9ක සාර්ථක සැත්කම් කාර්යයක් සිදුකළ අතර පසු ශල්‍යකර්මයන් මගින් රෝගියා මෙන්ම පරිත්‍යාගශීලියා පූර්ණ සුවය ලැබීය.
මෙහිදී ශල්‍ය වෛද්‍යවරුන්, වෛද්‍ය කණ්ඩායම සහ Dr Rela Hospital කාර්ය මණ්ඩලය වෙත සිය ස්තුතිය පුදකරමින් කරුණාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ, “Dr Rela Hospital කාර්ය මණ්ඩලයේ සියලුමදෙනාගේ නොපසුබස්නා උත්සාහය සහ මනුෂ්‍යත්වයට මම නැවත ස්තුති කළ යුතුයි. මට දැන් ලැබිල තියෙන්නේ අලුත් ජීවතයක්” යනුවෙනි.











