• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

යකෙක් එක්ක පවුල්කන අනුරුද්ධිකා

November 28, 2020
in Heart
Reading Time: 3 mins read
A A
යකෙක් එක්ක පවුල්කන අනුරුද්ධිකා
Share on WhatsAppShare on Facebook

බරපතළ නැති සැහැල්ලු ජීවිතයක් ගෙවනවා…

කලා ක්‍ෂේත්‍රයේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් ‘යකෙක්’ සමඟ කරන්න යන වැඬේ නම් හරිම අපූරුයි. ඉතින් මේ යකා සමඟ එක වහලක් යටට ගිහින් පවුල්කන්න පුළුවන් වෙයිද කියන එක ඔබට වගේම අපටත් කුතුහලයක්. ඉතින් යකෙක් එක්ක පෙම් බඳින අනුරුද්ධිකා පාදුක්කගේ සමග`යි අපි මේ ගැන කතා කළා.

අනුරුද්ධිකා නැවැත ටෙලි කරළියට පැමිණියා එහෙනම්?
කාලයක් මම ටෙලිනාට්‍යවලට සම්බන්ධ නොවී හිටියේ දරුවන්ගේ වැඩකටයුතු නිසා. දැන් පුතාලා දෙන්නම ලොකුයි. එයාලාට දැන් හැමදේම තේරුම් ගන්න පුළුවන් නිසා කලා කටයුතුත් ප්‍රශ්නයක් නැතිව කරගෙන යන්න පුළුවන්. එහෙම වුණා කියලා මවක් විදියට මගෙන් විය යුතු යුතුකම් දරුවන්ට ඒ විදියටම කරනවා වගේම, බිරියක්, ගෘහණියක් විදියට මගෙන් විය යුතු හැම වැඩකටයුත්තක්ම කරන්න මම බැඳී සිටිනවා.
ඔබ සම්බන්ධ වුණු නිර්මාණ කිහිපයක්ම මේ දවස්වල අපට දැකගන්නට පුළුවන්. ඒ අතර ‘පොදු’ ගැන කතා කළොත්?
‘පොදු’ ටෙලිනාට්‍ය තවම විකාශය වුණේ නැහැ. ශර්මිලා ධර්මරත්නගේ නිර්මාණයක්. ‘පොදු’ ටෙලිනාට්‍ය එය වෙනස්ම නිර්මාණයක්. 28 වැනිදා සිට ‘පොදු’වල වෙනස දැකගන්න පුළුවන්. දීර්ඝවත්, ප්‍රසංගීත ටෙලිනාට්‍යයක් නෙවෙයි ‘පොදු’ නිර්මාණය. ඉතාමත් සුළු කොටස් කිහිපයක නිර්මාණයක්. ප්‍රේක්‍ෂකයන්ට එය වෙනස්ම අත්දැකීමක් වෙයි.
ඔය අතර, ඔබ යකෙක් එක්ක දාන සෙල්ලමකුත් අපි දකිනවා?
‘මායාමන්ති’ ටෙලිනාට්‍ය ස්වාධීන රූපවාහිනියේ දිනපතා රාත්‍රි 7.00ට විකාශය වෙනවා. හාස්‍ය මුසුකරගත්ත නිර්මාණයක්. හැබැයි තවත් පැත්තකින් ගත්තොත් සීරියස් කතාවක්. ඇමැතිවරුන්ගේ ඇත්ත ස්වරූපය, වන විනාශය සම්බන්ධව තමයි කතා කරන්නේ. මම මේ ටෙලිනාට්‍යයට සම්බන්ධ වෙලා අවුරුදු දහයක් විතර වෙනවා. දැන් තමයි විකාශය වෙන්නේ. මුදලාලි කෙනෙක්ගේ දුවෙක් ලෙසට තමයි මම රඟපාන්නේ. බරපතළයක් නැතුව සැහැල්ලුවෙන් ගෙවන ජීවිතයක්. හැබැයි යකාගේ පැමිණීමත් එක්ක ඒ සියල්ල උඩු යටිකුරු වෙනවා.
ඒ කියන්නේ යකෙක්ව සරණ පාවාගන්නත් සිදුවෙනවා?
ඒ ගැන මම දැන්ම කියන්න කැමැති නැහැ. කතාව රසවිඳින අයට හානියක් සිදුවන නිසා.
ඔබ අවුරුදු දහයකට කලින් සම්බන්ධ වුණු නිර්මාණයක් නිසා ඒ නිර්මාණ කාලවකවානුවේ වටිනාකමකුත් ඇති නේද?
මම ගොඩාක් කාර්යබහුල රංගන ශිල්පිනියක්. ඒ තරමට නිර්මාණ ගොඩක වැඩ කළා. මෑත කාලයේ සිනමා නිර්මාණ කිහිපයකට සම්බන්ධ වුණා. ඉතින් ‘මායා මන්ත්‍රි’ ටෙලිනාට්‍ය මටත් විශේෂ නිර්මාණයක්. වෙනස්ම අත්දැකීමක්.
ඔබ මෙගා ටෙලිනාට්‍යවලට වැඩි කැමැත්තක් නැති බව අපි දකිනවා?
වැඩි නෙවේ, මම කොහෙත්ම කැමැති නැහැ. මෙගා ටෙලිනාට්‍යවලින් මට අනන්තවත් ආරාධනා ආවා. ඒත් පසුකාලීනව මම සම්බන්ධ නොවන නිසා ආරාධනා ආවේ නැහැ.
ඒ තරමට මෙගා ටෙලිනාට්‍ය ප්‍රතික්‍ෂේප කිරීමට හේතුවක් ඇති?
මම කැමැති නැහැ මෙගා නිළියක් විදියට හඳුන්වනවාට. මම වේදිකාවෙන් ආපු කෙනෙක්. ඒ වගේම මට කිසිම වුවමනාවක් නැහැ නිතර දෙවේලේ රූපවාහිනියේ පෙනී සිටින්න. එහෙම ආශාවක් තිබුණා නම් මම මීට කලින් මෙගාවලට කොටුවෙලා. හොඳ නිර්මාණ පිටපතක් නැහැ. අගක් – මුලක් නොදැන අපි කොහොමද කතාව දැනගන්නේ. ඉතින් ඒ කිසිවක පිළිවෙළක් නැතුව වැඩ කරන්න බැහැ අපිට.
මෙගා ටෙලිනාට්‍ය කලාව නිසා ප්‍රාසංගික නිර්මාණයට හානියක් සිදුවුණා කියලා ඔබ හිතනවාද?
දැන් දකින දකින රූපවාහිනි නාලිකාවල මේ නාට්‍ය බිහිවෙලා උපරිම. ඒ අතර විදේශීය නාට්‍ය විකාශය වෙනවා. ඉතින් එදා තිබුණු නිර්මාණකරණයට ප්‍රේක්‍ෂකයන් කැමැතියි. ඒ මෙගා නාට්‍ය නිසා. දැන් විකාශය වන ප්‍රාසංගික ටෙලිනාට්‍යවලට එදා වගේම අදටත් ලොකු වටිනාකමක් තිබෙනවා. එය නැරැඹීමට ප්‍රේක්‍ෂකයන් ලොකු නැඹුරුවක් තිබෙනවා. මෙගා ටෙලිනාට්‍ය වුණත් කමක් නැහැ ජනතාවට දැනෙන හොඳ නිර්මාණ කතාවක් නම්. නිකම් කරන්නම්වාලේ මෙගා කරලා වැඩක් නැහැ.
ඔබ මෙගා ටෙලිනාට්‍යවලට විරුද්ධ වුණත් පසුගිය කාලේ මෙගා ටෙලිනාට්‍යයකට සම්බන්ධ වීමට කැමැත්ත පළකළා නේද?
මම දන්න හොඳ අධ්‍යක්‍ෂවරයකුගේ නිර්මාණයක්. එය මෙගා වුණත් ඒ නිර්මාණයේ වටිනාකමක් තිබෙන බව මම දැක්කා. ඒ නිසා තමයි මම එයට සම්බන්ධ වීමට හිතුවේ. ඒත් කොරෝනා ප්‍රශ්න නිසා ඒ වැඩකටයුතු කල්ගියා. හොඳ රසික පිරිසක් ඇතිවෙයි ‘ඔෂින්’ වගේ මෙගා නාට්‍යයක් නිර්මාණය වුණොත්.
පසුගිය කාලේ ‘සුනාමි’ සිනමා නිර්මාණයේ ඔබේ රංගනයන් අපි දැක්කා?
ඔව්. හොඳ සිනමා නිර්මාණයක්. මම එහි සුළු චරිතයක් නිරූපණයක් කළත් ඒ ‘සුනාමි’ කතාවට මූලික වන සුවිශේෂී චරිතයක්. ඒ අතුරුදන් වුණු ළමයා හොයලා දීමට මූලික වන නිසා.
‘හිතුමතේ ගෙවුණු ජීවිතය’ කොයි වගේද?
අපේ වැඩිහිටි පරපුර දන්න සත්‍ය කතාවක් තමයි ‘හිතුමතේ ජීවිතය’ කතාව. හරිම දුක්බර කතාවක්. මමත් අහලා තියෙනවා. ඒත් කවදාවත් මම හිතුවේ නැහැ ඒ කතාවට මටත් සම්බන්ධ වෙන්න ලැබෙයි කියලා. මම ග්‍රාමසේවා නිලධාරියකුගේ බිරියකගේ චරිතයක් තමයි නිරූපණය කරන්නෙ. තවම ඒ චිත්‍රපටය තිරගත වුණේ නැහැ.
වේදිකාවෙන් පැමිණි ඔබ වේදිකා නිර්මාණවල දැන් දකින්නට නැති තරම්?
ටෙලිනාට්‍ය, චිත්‍රපටවල තිබුණු කාර්යබහුලත්වය නිසා මට වේදිකාව වෙනුවෙන් ලොකු කාලයක් කැප කිරීමට බැරිවුණා. පුහුණුවීම් කටයුතු සඳහා දින, වෙලාවන් වෙන් කිරීමට අපහසු නිසා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ගුණවත් වාසනාවන්ත පංචකල්‍යාණියක් තෝරාගන්න

Next Post

ලස්සනට හදාගන්න වාස්තු ලෙඩ

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.