• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

දැන් නළු නිළියො හොයන්නෙම ඕපදූප

November 28, 2020
in Heart
Reading Time: 2 mins read
A A
දැන් නළු නිළියො හොයන්නෙම ඕපදූප
Share on WhatsAppShare on Facebook

මෙගා හින්ද දැන් දෙන්නෙ බත් පාර්සල්

‘ගිරිකුල’ තරණය කරමින් මහපොළොවේ හැපෙමින්, දුක්කම්කටොලුවලට මුහුණ දෙමින්, ජීවිත කතිකාවක ජීවිතයක් ගැන කියා දෙන යකඩ ගැහැනියක් තමයි ඇය. ඇය මේ කලා ක්‍ෂේත්‍රයටම වටිනා සම්පතක් බඳුය. ඒ තරමට ඇයගේ හඬට වගේම රූපයට ඔබ ආදරය කළා. ඒ නිසාම ඇය සමඟ අප කතා කිරීමට හිතුවේ ඔබට වගේම අපටත් වටිනාකමක් ඇය ගැන දැනුණු නිසා. ඒ ප්‍රවීණ චරිතාංග ජනප්‍රිය රංගන ශිල්පිනී නිල්මිණි තෙන්නකෝන්.
නිල්මිණි මේ දවස්වල සද්දබද්ධ නැතුව මොකද කරන්නේ?
අලුත් ටෙලිනාට්‍යයකට සම්බන්ධ වෙලා වැඩකටයුතු කරගෙන යනවා. එයට අමතරව මගේ සැලෝන් එකෙත් වැඩකටයුතු කරගෙන යන අතරතුර, දුවත් එක්ක සතුටින් ජීවත් වෙනවා.
නැවැතත් ‘ගිරිකුල’ නිල්මිණි තරණය කරන නිසා ඔබ ගැන ගොඩදෙනෙක් කතාබහ කරනවා?
ඇත්තටම එය ගැන මටත් සතුටුයි. මුලින්ම ‘ගිරිකුල’ ටෙලිනාට්‍යයේ සුදත් රෝහණට විශේෂ ස්තුතිය පුදකරනවා ඒ චරිතයට මාව තෝරා ගැනීම නිසා. මගේ ඒ රංගන කුසලතාව වෙනුවෙන් සම්මානයක් පවා මට හිමිවුණා. කාර්යබහුලත්වයෙන් ගෙවන කාලවකවානුවක තමයි මගේ ආදරණීය ජනතාවට එය නැරැඹීමට සිදුවුණේ. නමුත් ‘ගිරිකුල’ නරඹන්න බැරි වුණු ගොඩදෙනකුට එය දැන් නිදහසේ නැවැත නරඹන්න පුළුවන්. කොච්චර බැලුවත් එපා වෙන්නැති නිර්මාණයක් ‘ගිරිකුල.’
පසුගිය කාලේ ඔබට බොලිවුඞ් කලා ශිල්පීන් සමඟ රංගනයෙන් දායක වීමට අවස්ථාවක් ලැබුණා නේද?
සුනිල් ආරියරත්න අධ්‍යක්‍ෂණය කරන ‘කදිරදේව සුරිඳුණි’ සිනමා නිර්මාණයට සම්බන්ධ වීමෙන් තමයි මට ඔවුන් සමඟත් රඟපෑමට සිදුවන්නේ. ඒ ශිල්පීන් ඉන්දියාවේ වෙළෙඳ දැන්වීම් සඳහා පෙනීසිටි නිරූපණ ශිල්පීන්. මම මෙයට පෙරත් එක්තරා රූපවාහිනී නාලිකාවක අධ්‍යක්‍ෂණය කළ ටෙලිනාට්‍ය දෙකක විදේශීය ශිල්පීන් සමඟ වැඩ කළා.
ඔබ විදේශීය ශිල්පීන් සමඟ වගේම ලාංකීය වත්මන් නවක කලා ශිල්පීන් සමඟද වැඩ කළා. ඔබට දැනුණු වෙනස කොයිවගේද?
කියන්න සතුටුයි. ඔවුන් තුළ තිබුණු විනය, ඒ වගේම අධ්‍යක්‍ෂවරුන් සමඟ වගේම ප්‍රවීණ ශිල්පීන්ට තිබුණු ගරුත්වය ඔවුන් හදවතින්ම රැක්කා. නිර්මාණය වෙනුවෙන් උපරිම කැපවුණා. නමුත් අපේ වත්මන් නවක පරපුර තුළ දකින්නට නැතිම දේ විදේශීය රටක ශිල්පීන් අපට පෙන්නුවා.
හැම චරිතයක් පිළිබඳවම ඔවුන් දැනුවත් වුණා. පිටපත හොඳින් අධ්‍යයනය කරලා ඔවුන්ගේ කාර්යයන් අකුරටම කළා. අපේ භාෂාව ඔවුන්ට බැරි වුණත් තවත් කෙනකු සම්බන්ධ කරගෙන අපෙන් පවා උපදෙස් ලබාගත්තා. ඔවුන් කලාවට දේවත්වයෙන් සලකන්නේ. ඒ විතරක් නෙවේ මම දැක්ක තව දෙයක් තමයි ප්‍රධාන රංගන ශිල්පීන්ගෙන් ආශීර්වාදය ලබාගෙන තමයි ඔවුන් රඟපෑමට යොමුවන්නේ. අපේ නවක පරපුරට ඒ කිසිවක් අදාළ නැහැ. ඔවුන් රැකගතයුතු අපේ කලාව ඉදිරියේදී මොන තැනක තිබේදැයි කියලා හිතාගන්න බැහැ මේ යන විදියට.
බිහිවුණු මෙගා රැල්ල කලාවට පිළිලයක් වන්නට ඇති නේද?
අනිවාර්යයෙන්ම. මේ ඇවිත් තිබෙන මෙගා සංස්කෘතියක් නිසා ශිල්පීන්ට දෙන කෑම වේල පවා බත් පාර්සල් බවට පත්වෙලා. හැබැයි ඒ අතර උදයකාන්ත වර්ණකුලසූරිය, යසපාලිත නානායක්කාර, සිඞ්නි චන්ද්‍රසේකර වැනි නිර්මාණවේදීන් ශිල්පීන්ට සුදුසුම තැන එදා වගේම අදටත් සලකනවා. අපේ කලාව ඉහළම තැනකට ගෙනත් තිබුණා අපේ ප්‍රවීණ ශිල්පීන්. නමුත් දැන් එය නැතිවී යන සලකුණු තමයි අපි දකින්නේ.
හැබැයි ඔය අතර අපේ නවක පරපුර අතර මේ ක්‍ෂේත්‍රය රැකගන්න පුළුවන් පිරිසකුත් ඇති නේද?
මොකද නැත්තේ. දක්‍ෂ පිරිසක් ඉන්නවා හොඳ නිර්මාණ කරන්න පුළුවන් අය. ඔවුන් රැකගන්න කවුරුත් නැහැ. නිෂ්පාදකවරුන් හිඟවීමක් දකිනවා. මොකද නිෂ්පාදනය කළත් ඔවුන්ගේ නිර්මාණ විකුණගන්න බැරිව අසරණවෙලා. නිර්මාණ පෝලිම් පිට පෝලිමේ තිබෙනවා. ඒ නිර්මාණවල අපේ සල්ලි ඉල්ලගන්න ගියොත් ටෙලිෆෝන් කෝල් එකක් දීලා එයට වඩා මුදලක බිලක් අපිට ගෙවන්න සිදුවෙනවා. මේ සියල්ලටම ක්‍රමවේදයක් නැතිකම තමයි ප්‍රශ්නය.
අපි දකිනවා විවිධ මාදිලියේ රූපවාහිනී වැඩසටහන් තුළින් ශිල්පීන්ගේ ප්‍රතිපත්තිවලට හානි සිදුවන බව?
ඉස්සර අපි වැඩක් කළොත් ඒ නිර්මාණ ගැන තමයි සියලුම මාධ්‍යයන්ගෙන් කතා කරන්නේ. නමුත් දැන් ඒ සියල්ල පිරිහිලා. ඕපා-දූප හොයනවා. අන් අයට වගේම අපටත් පෞද්ගලික ජීවිතයක් තිබෙනවා.
මේ ට්‍රැක් ෂෝ ප්‍රමිතියක් නැතුව සිදුවන්නේ නැතිනම් ප්‍රේක්‍ෂක ආදරය මෙයට වඩා ශිල්පීන්ට තිබෙනවා. ඇයි දැන දැනත් තමන්ගේ ප්‍රතිරූපයට හානිකර ගන්නේ. මම කියන්නේ ඒ ශිල්පීන්ට කොන්ද පණ තිබිය යුතුයි. තමන්ගේ පෞද්ගලික තත්ත්වයට හානි කරගන්නැතුව කටයුතු කරගන්න.
මේ සියල්ලම සිදුකරගන්නේ ජනප්‍රියතාවට නේද?
මෙයින් සිදුවන්නේ ජනප්‍රියතාවය නෙවෙයි. තමන්ට තමන්ම හානිකර ගැනීමක්. ජනතාව ප්‍රිය වුණොත් තමයි ආදරය ගෞරවය ලැබෙන්නේ. අපි ආවේ අපේ ගරුත්වය රැකගෙන. අදටත් ජනතාව ආදරය කරනවා. ලංකාවේ දක්‍ෂ පිරිසක් ඉන්නවා. ඔවුන්ගේ දක්‍ෂතාව රැකගෙන ඉදිරියට යෑමයි වැදගත්. සින්දු කියන්න දක්‍ෂ පිරිසක් ඉන්නවා. ඔවුන් රඟපාන්න ගියාම වෙන්නේ මොකද එක නාට්‍යයකින් ඔවුන් වැළලිලා යනවා. මේ සියල්ල හරියට තේරුම් අරගෙන නිවැරැදි ගමනක් යන්න ඕනෑ. අපේ උතුම් කලාව රැකගන්නට නම් කරන්නම් වාලේ මේ කලාව කළොත් අපි රැකගෙන ආපු කාලයෙනුත් වැඩක් නැහැ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ඇත්ත නැත්ත හරියට කියන නිමිති සහ පෙරනිමිති

Next Post

වික්ටර් ‘ස’ – ගෝඨා ‘ස’ (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

MORE NEWS

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News
Heart

හුණු දූවිලි සුවඳයි ‘ස’ යන්නේ වාසනාවයි එක්ක නුරානි දැන් හරි සංවරයි…. මට හිතුණු හිතුණු චරිත රඟපාන්න බැහැ… ! නුරානි තෙන්නකෝන් I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News
Heart

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News
Heart

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News
Heart

මං හොයන්නේ ප්‍රේමයක්… ලැබිලා ඉන්නේ හරිම කෙනා නොවෙන්න පුළුවන්…! තිළිණ බොරලැස්ස I Sri Lanka Latest News

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News
Heart

ලව් සීන්වලින් කළු සීන්වලට බැහැපු විශ්ව පෙරළිය…! අතිවිශිෂ්ටයි විශ්ව…! කේස් එක ලීක් වෙයි කියලා හිතුවේ නැහැ…! විශ්ව කොඩිකාර I Sri Lanka Latest News

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.