• About us
  • Contact us
Sunday, July 26, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ලස්සනට හදාගන්න වාස්තු ලෙඩ

November 28, 2020
in Astrology
Reading Time: 1 min read
A A
ලස්සනට හදාගන්න වාස්තු ලෙඩ
Share on WhatsAppShare on Facebook

‘කිසි ලෙඩක්, දුකක් නැතිව හරි අපූරුවට හිටපු අපිට මෙහාට ආවට පස්සේ ලෙඩවල ඉවරයක් නැහැ’ මහත්තයා යනුවෙන් පවසමින් දිනක් මා හමුවන්නට පැමිණි කාන්තාවක පැවැසුවේ හෙම්බත් වූ ස්වරූපයෙන්. ඇගේ කායික මෙන්ම මානසික මට්ටමත් පිරිහීමට පත්ව ඇති බව බැලූබැල්මටම පැහැදිලිව පෙනුණා. එහෙත් ඇය පවසන ආකාරයට ඔවුන් අසනීපවලට මුහුණ දෙන්නට පටන්ගෙන තිබුණේ ඉතා මෑතදි. ඒ අනුව ඇගෙන් විස්තර විමසූ විට පැවැසුවේ, තමන් සහ පවුලේ අය මෙයට ප්‍රථම කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිව සිටි බවත්, ඒ කාලයේ තම පවුලේ අයට කිසිදු රෝග පීඩාවක් නොවූ බවත්ය. එහෙත් තමන් ඇතුළු පවුලේ අය දැන් සිටින නිවෙසට පැමිණි පසු සියලුදෙනාටම නිතර, නිතර අසනීප වන බවත්, මේ නිසාම හිතට නිදහසක් නැති බවත් ඇය වැඩිදුරටත් කියයි. ඒ අනුව ඇගේ ඉල්ලීමට පදිංචි නිවෙස පරීක්‍ෂාකර බැලීමට මාහට පැවරිණි.

නිවෙස ඉදිරිපිටට යද්දී සිතට ආවේ මෙතරම් සුන්දර පරිසරයක මනස්කාන්ත අයුරින් පිහිටා තිබූ මෙම නිවෙසේ වාස්තු දෝෂ ඇත්ද යන්නයි. මන්ද, පරිසරයේ පිහිටීමට ගැළපෙන අයුරින් වර්ණ ගන්වා ඉතා අලංකාරව එම නිවෙස ඉදිකර තිබිණි. එහෙත් ගෘහණියගේ තොරතුරු අනුව එහි පදිංචිව සිටි පිරිසට නම් සුවදායී ජීවිතයක් උරුමව තිබුණේ නැත.

නිවෙස තුළට පිවිසි විගස පෙර තිබූ මානසික මට්ටම ක්‍ෂණිකව වෙනස් වන බව ප්‍රධාන පියස්ස යටදීම අවබෝධ විය. ප්‍රධාන උළුවස්ස යටම තිබුණේ නිවෙසේ අලංකාරය උදෙසා ඉදිකළ කුඩා පල කිහිපයකට බෙදූ වහලයක් සහිත කොටසකි. එහි කුරුපා සවි කිරීමෙන් යටලී මූට්ටුත් අතිශය දෝෂ සහිත බව බැලූ බැල්මටම හැඟී ගියේය. ඒ අනුව එම වහල කොටස පල දෙකකට බෙදා දෝෂ ඉවත් කරන්නට හැකි බව පැහැදිලි කළ අතර, නිවෙසේ ඇතුළත දොරවල් සහ ජනෙල් පිහිටා තිබුණු ආකාරය අනුව ඉදිරි දොරෙන් ඇතුල් වෙද්දී පිටුපස දොරෙන් පිටත දර්ශනය විය. එයද නිවැසියන්ට සහ ආර්ථිකයට සුබදායක නොවන්නකි.

නිවෙසේ ගෘහණිය නිතර, නිතර අසනීප වීමට ප්‍රධාන හේතුවක් ඇත්ද යන්න සොයා බලද්දී වඩාත් අවධානය යොමු කළ යුතු කොටස වන්නේ මුළුතැන්ගෙයයි. එය නිවැරැදි වාස්තුවකට අනුව පිහිටා ඇති නිවෙසේ සතුටත්, සමගියත්, නිරෝගීතාවයත් උතුරා යයි. එහෙත් එම නිවෙසේ මුළුතැන්ගෙය නිවැරැදිව දිශා ගතකොට ඉදිකර තිබුණෙද නිවෙස තනන්නට පෙර ඉදිකර තිබූ වැසිකිළිවළකින් අඩක් මුළුතැන්ගෙයට හසුවී තිබිණි. එයද නිවෙසේ මුල්ලකට හසුවන අයුරින් තිබුණු අතර, එයින් ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය අභියෝගයට ලක්ව තිබිණි. මේ ආකාරයට නිවෙසක් තුළ වැසිකිළි වළක් පිහිටීමෙන් එම නිවෙසේ පදිංචිකරුවන් රෝග සඳහා ගන්න ඖෂධවල නියම ගුණ ශරීරවලට නොදෙන්නත් හේතු වෙනවා. එසේම නිවෙසක වැසිකිළි වගේම කුණු, ඉඳුල් සෝදන ස්ථානයන්ද වාස්තුව අනුව නිසි තැන්වල ස්ථානගත නොකළහොත් එය අසුබ විය හැකිය.

මේ කාලය ඇතැම් පිරිස් වාස්තු හෝ සෞඛ්‍ය ගැන නොසිතා ඇසට ප්‍රිය වෙන්නට, දකින්නන්ට ප්‍රිය වෙන්නට මෙන්ම වියදම සීමා කරන්නට සිතා ඉතා කුඩා පලවලට බෙදමින් පියවර කිහිපයක් යටතේ වහලය ඉදිකරන්නට පෙලඹෙයි. මෙය වාස්තුවට අනුව කළහොත් අලංකාරය සේම සෞඛ්‍ය ආරක්‍ෂාවද ලැබුණත් එසේ නොවීමෙන් සිදුවන්නේ මහා අයහපතකි. නිවෙසක ඉහළම මහලයේ මුදුන් යටලීය ගෘහමූලිකයාට තදින්ම බලපාන බැවින්, එය ඉතා නිවැරැදිව පිහිටුවිය යුතුය. එහිදී ගෘහමූලිකයාගේ උසට වඩා දිගින් අඩු යටලීයක් යෙදුවහොත් ඔහුට විශාල සෞඛ්‍ය තර්ජනයකට මුහුණපාන්නට සිදුවෙයි. එනිසා නිතරම මුදුන් යටලීය කොටස් කිහිපයක් එකට සවි කළ එකක් නම් එම කොටස් සියල්ල පෙර කියූ ආකාරයටම දිගින් වැඩි විය යුතුය. එම කොටස් ප්‍රමාණය ඔත්තේ සංඛ්‍යාවක් වීමද වඩාත් සුදුසු වෙයි. එමෙන් සියලුම මූට්ටු සඳහා ලී ඇණ භාවිත කළ යුතුය. මූට්ටු යොදන විට පරාල මූට්ටු හෝ වෙනත් මූට්ටු එකට නොයෙදෙන ලෙස යෙදීමත් වැදගත් සහ නිවැරැදි වෙයි.

මේ නිවැසියන් තවත් වරදක් සිදුකරගෙන ඇති බව පැහැදිලි වූයේ නිවෙසේ නැඟෙනහිර දෙසින් අමුතුවෙන් ඉදිකර තිබූ කොටසිනි. ඉන් දෝෂ ගණනාවක් නිවෙසට එකතු වී තිබූ බව පෙනෙන්නට තිබිණි. ඒ අනුව එම කොටස ඉවත් කළයුතු බව පැහැදිලිව පෙනුණේය. මේ සියලු කාරණා සමඟ නිවෙසේ පිවිසුම් ගේට්ටුවේ පිහිටීමත් දෝෂ සහිත වී තිබුණු අතර, එයට හේතු වී තිබුණේ නිවෙසට නැඟෙනහිරින් එකතු කර තිබූ කොටසයි. එම කොටස වෙනස් කිරීමෙන් පසුව ගේට්ටුවේ පිහිටීමත් නිවෙසේ පිහිටීමත් ගැටලු රහිත තත්ත්වයට පත්කරගත හැකි විය.

කෙසේ නමුත් වර්තමානයේ ඉදිකිරීම් කටයුතු කරන බොහෝ දෙනකුට පැවැසීමට ඇත්තේ, තම හිතුමතේට නිවෙසට කොටස් එකතු කිරීම සහ නිවාස ඉදිකිරීමට යෑම මුදලත්, ජීවිතයත් විනාශ කරගැනීමක් බැවින් නිසි පරිදි අවශ්‍ය උපදෙස් ඇතුව නිසි පදනමකට එම කටයුතු කරගැනීම ඔබගේ අනාගත සුබ සිද්ධියට හේතුවනු බවයි.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්දකුමාර

SendShareShare
Previous Post

යකෙක් එක්ක පවුල්කන අනුරුද්ධිකා

Next Post

අලුත් පොලිස්පතිගේ පළමු හමුව

MORE NEWS

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

Load More
දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News
Exclusive

දිනේෂ්ගේ සජීවී දිවි නසාගැනීමයි – ඉංග්‍රීසි ගුරුවරියගේ නිරූපණ තරගයයි! ෆේස්බුක් බලලා තීන්දු ගන්න හදිසි වෙන්න එපා! Sri Lanka Latest News

සමාජ මාධ්‍ය යනු තොරතුරු හුවමාරු වන වේගවත්ම තැනක්. නමුත් එය ඇතැම් විට සත්‍යය යටපත් කරමින් අසත්‍යයට පියාපත් ලබාදෙන තැනක්ද වේ....

Read more
පුළුවන් නම් ඒ කතාව එළියට ඇවිත් කියන්න! නීතීඥ සංගම් සභාපති මුලින්ම අභියෝග කළා! දැන් විපක්ෂනායක සජිතුත් මාලිමා මන්ත්‍රීට අභියෝග කරලා! අසිත නිරෝෂන් කොන්ද කෙළින් තියාගෙන අභියෝගය බාරගනීද? කොන්ද කඩාගෙන සද්ද නැතිව ඉදියිද? I Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

රටවල් හදන හැටි තමිල්නාඩු මහ ඇමැතිගෙනුයි බුර්කිනාෆාසෝ ජනාධිපතිගෙනුයි ඉගෙන ගනිල්ලා! Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

අධිකරණ පද්ධතියට විනිසුරුවන්ගේ නීතීඥවරුන්ගේ අඩුවක් නෑ! විශ්‍රාම වයස වැඩි කළා කියලා අධිකරණ ප්‍රමාණය වැඩිවෙන්නේ නෑ! නාමල්ගේ පාර්ලිමේන්තු කතාව! I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

කිලිනොච්චි වැටලීමකට ගිය වනජීවියට ගම්මුන් ගහයි! STF එකත් එයි! අහසට වෙඩි තියයි! ගැටුමින් STF 4ක් රෝහලේ! ගම්මු 9ක් කූඩුවේ! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.