රට තුළ ව්‍යාපාර සඳහා සෘණාත්මක බලපෑමක් පැවතියද, මෙරට ජීවිත රක්ෂණ ක්ෂේත්‍රයේ වෙළෙඳපොළ ප්‍රමුඛයා වන සෙලින්කෝ ලයිෆ් සමාගම 2020 සැප්තැම්බර් 30 වනදායින් අවසන් වන මාස නමයක කාලය තුළදී රුපියල් බිලියන 26ක ඒකාබද්ධ ආදායමක් වාර්තා කිරීමට සමත්වී තිබෙන අතර එය 14%ක වර්ධනයකි.
මෙම කාලය තුළදී සමාගමේ දළ ලිඛිත රක්ෂණ වාරික ආදායම 13.8%කින් වර්ධනය වී රුපියල් බිලියන 15.5ක්වී තිබෙන අතර ආයෝජන සහ අනිකුත් ආදායම් 14.3%කින් වර්ධනය වී රුපියල් බිලියන 10.8ක්වූ බව සමාගම සඳහන් කරයි.
මෙම කාල සීමාව තුළදී සමාගම විසින් සිය ජීවිත රක්ෂණ අරමුදලට රුපියල් බිලියන 6.7ක මුදලක් බැරකළ බවත් 2020 සැප්තැම්බර් 30 වනදා වනවිට සෙලින්කෝ ලයිෆ් ජීවිත රක්ෂණ අරමුදලේ වටිනාකම රුපියල් බිලියන 103.6ක් දක්වා වර්ධනය වී තිබෙන බවත් සමාගම වාර්තා කරයි. මේ අතර, සලකා බලන කාල සීමාව තුළදී සමාගම විසින් කොටස්කරුවන්ගේ අරමුදලට රුපියල් බිලියන 2.9ක මුදලක් බැරකර තිබෙන අතර 2020 තුන්වන කාර්තුව අවසන් වනවිට සමාගමේ කොටස්කරුවන්ගේ අරමුදල රුපියල් බිලියන 35.8ක් දක්වා වර්ධනය වී ඇත.
මෙම මාස නමය තුළදී සමාගමේ රක්ෂණ ඔප්පුහිමියන්ට රුපියල් බිලියන 9.1ක ශුද්ධ හිමිකම් සහ ප්‍රතිලාභ ගෙවූ බවත් මෙම ප්‍රතිලාභ ගෙවීම පෙර වසරේ අදාළ කාලය සමග සැසඳීමේදී 12.8%කින් වර්ධනය වී තිබෙන බව සමාගම සඳහන් කරයි.











