අපවත් වී වදාළ අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය පූර්ණ රාජ්‍ය අනුග්‍රහය සහිතව අද (22) පස්වරුවේ සිදුකිරීමට නියමිතය.
කෙසේවෙතත් ඊයේ (21) පාර්ලිමේන්තුව රැස්වූ අවස්ථාවේදී විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අතිපූජ්‍ය නාපානේ පේමසිරි නාහිමියන් වෙනුවෙන් සභාව විනාඩියක නිශ්ශබ්ධතාවයක් පළ කළ යුතු බව කියා සිටියද ආණ්ඩු පක්ෂය ඊට විරෝධය පළ කළේය.
එමෙන්ම කතානායකවරයාද ඊට ඉඩ දිය නොහැකි බව සදහන් කර සිටියේය.
එහිදී පාර්ලිමේන්තුව තුළ කිසියම් උණුසුම් විවාදයක් මතුවූූ ආකාරයක්ද දැකගත හැකි විය.










