සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, සිය පාරිභෝගික පහසුව තවදුරටත් පුළුල් කරමින් SLT අන්තර්ජාල බිල්පත් ගෙවීම් මෑතකදී වැඩිදියුණු කර ඇත. ඒ අනුව, ජංගම සහ අන්තර්ජාල බැංකුකරණ ඇතුළු සෙලාන් බැංකුවේ ගෙවීම් පහසුකම් හරහා SLT ස්ථාවර දුරකථන, Peo TV සහ බ්‍රෝඞ්බෑන්ඞ් සේවාවලට අදාළ බිල්පත් ගෙවීම් සිදුකරන පාරිභෝගිකයන් හට දැන් ගෙවීම් සිදු කළ මොහොතේම සිය SLT ගිණුම යාවත්කාලීන කර ගැනීමට හැකි වේ. සියලුම සෙලාන් බැංකු පාරිභෝගිකයන් හට හිමිකර ගත හැකි මෙම නව සේවාව, SLT කාර්යාලයට පිවිසීමෙන් තොරව ඕනෑම මොහොතක සිය බිල්පත් ගෙවීමේ අසමසම පහසුව පාරිභෝගිකයන්ට උදාකරදී ඇත. පාරිභෝගික පහසුව සඳහා සිය මෙහෙයුම් කටයුතුවල ප්‍රමුඛතාව හිමිකරදී ඇති සෙලාන් බැංකුව, උපරිම අගයක් සහ බැංකුකරණ අත්දැකීමක් හිමිකර දිය හැකි මුල්‍ය සේවා පිරිනැමීම සඳහා නිබඳ කැප වෙයි.
සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, නවීන තාක්ෂණය, නවෝත්පාදන සේවා සහ විශිෂ්ටත ම පාරිභෝගික සේවාව සමඟින් සිය අගනා පාරිභෝගිකයන් හට අසමසම බැංකුකරණ අත්දැකීමක් ලබාදීමේ දැක්ම අනුව කටයුතු කරයි. ශීඝ්‍රයෙන් වර්ධනයවන සුළු හා මධ්‍ය පරිමාණ, පාරිභෝගික සහ ආයතනික පාරිභෝගික පදනමකට හිමිකම් කියන සෙලාන් බැංකුව, දිවයින පුරා විහිදුනු ශාඛා 173ක්ද, මුදල් තැන්පතු යන්ත්‍ර 70ක්ද, චෙක් තැන්පතු යන්ත්‍ර 66ක්ද, ATM ඒකක 216ක්ද සමඟින් සිය ජාලය තවදුරටත් පුළුල් කර ඇත.










