ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ වතු සමාගමක් වන හේලීස් වතු සමාගමේ තේ වතු 2020 සැප්තැම්බර් මස පවත්වනු ලැබූ Western High Grown තේ සඳහා වූ වෙන්දේසියේදී ඉහළම දළ විකුණුම් සාමාන්‍ය (GSA) සඳහා වූ ඉහළම ස්ථාන 10ම ලබා ගනිමින් පෙර නොවූ විරූ සන්ධිස්ථානයක් අත්කර ගත්තේය.
තලවාකැලේ වතු සමාගමෙහි (TTEL) තේ වතු හයක්, කැලණිවැලි ප්ලාන්ටේෂන්ස් (KVPL)හි තේ වතු තුනක් සහ හොරණ ප්ලාන්ටේෂන්ස් (HPL)හි එක් තේ වත්තක් සැත්තැම්බර් මාසයේදී හොඳම වතු 10 බවට පත්වෙමින් වතු සමාගමක් ලෙස අපව ක්ෂේත්‍රයේ තවත් සන්ධිස්ථානයක් කරා ළඟා කරන ලදී.
“හේලීස් වැවිලි සමාගම සෑමවිටම සිය නිෂ්පාදනයන්ගේ උසස් ගුණාත්මක බව පිළිබඳ සැලකිලිමත් වන අතර මෙය සිදු කරනු ලබන්නේ නිෂ්පාදනයේ සියලුම අංශ පුරා විශිෂ්ටත්වය ඇති කිරීම සඳහා වූ නොසැලෙන කැපවීම තුළිනි. මෙයට පාරිසරික කෘෂිකාර්මික සහ කර්මාන්තශාලා කළමනාකරණය යනාදියෙහි හොඳම භාවිතයන් පවත්වා ගෙන යාම සහතික කිරීම මෙන්ම අපගේ සේවකයින් සවිබල ගැන්වීම සඳහා වූ අසමසම කැපවීමද ඇතුළත් වේ- එමඟින් ඔවුන් තම උපරිමය ලබා දීමට දැඩි උනන්දුවක් දක්වයි.
“විශේෂයෙන්ම මෑත මාසවලදී ක්ෂේත්‍රයේ නිපදවන විශිෂ්ට තේ වර්ග කිහිපයක් සමඟ දේශීය වශයෙන් දැඩි තරගකාරීත්වයක් අපට දක්නට ලැබුණා- එබැවින් අපගේ තේවල ගුණාත්මකභාවය නිරන්තරයෙන් පිළිගැනීමට හා ජයග්‍රහණයට පාත්‍ර වීම ඇත්තෙන්ම ගෞරවයක්- අපට එය කළ හැකි වූයේ අන්තර්ජාතික වෙළෙඳපොළ සඳහා හොඳම තේ වර්ග කිහිපයක් නිර්මාණය කිරීමට කාර්ය මණ්ඩලයේ වූ කැපවීම නිසා” යනුවෙන් හේලීස් වැවිලි සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ආචාර්ය රොෂාන් රාජදුරෙයි මහතා පැවසුවේය.










