• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

මෙරට ප්‍රථම නිකාය භේදයට පාර කපාපු අක්කර පන්සියයේ විහාර සංකීර්ණය

November 21, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
මෙරට ප්‍රථම නිකාය භේදයට පාර කපාපු අක්කර පන්සියයේ විහාර සංකීර්ණය
Share on WhatsAppShare on Facebook

මෙරට රාජාවලියේ වට්ටගාමිණී අභය හෙවත් වලගම්බා රජුට හිමිවන්නේ සුවිශේෂී තැනකි. විහාරාරාම රාශියක් ඉදිකිරීමේ ගෞරවය නිතැතින්ම හිමිකරගන්නා වලගම්බා රජු තුන්හෙළය එක්සේසත් කළ දුටුගැමුණු රජුගේ සහෝදරයා වන සද්ධාතිස්ස රජුගේ බාල පුත්‍රයා හෙවත් සිවුවන පුත්‍රයාය. දුටුගැමුණු රජුගේ මරණයෙන් පසුව රජකම හිමිවූයේ සද්ධාතිස්ස කුමරුටය. ඔහුට පසු ඔහුගේ පුතුන් සිවුදෙනාට පිළිවෙළින් රජකම හිමවිය. ඒ අනුව මුලින්ම වැඩිමහල් සහෝදරයා වූ චුල්ලත්ථන, ඉන්පසු ලජ්ජිතිස්සත් ඔහුගෙන් පසුව බල්ලාඨනාගත් රජ විය.

බල්ලාඨනාගගෙන් පසුව වට්ටගාමිණී වලගම්බා නමින් රාජත්වයට පත්විය. එහෙත් ආක්‍රමණිකයන්ගේ තර්ජන හමුවේ සිය රාජධානියෙන් පලායන්නට වළගම්බා රජුට සිදුවූ අතර රජුගේ පලායෑම දුටු ‘ගිරි’ නම් නිගණ්ඨකයා මහා කළු සිංහලයා පලා යනවා යැයි රජුට අවමන් කළ බවත් වංශකතාවල සඳහන් වේ.

ගිරි නිගණ්ඨයාගේ මේ අවසන් කිරීම වළගම්බා රජුට කිසි දිනෙක අමතක නොවීය. ආක්‍රමණිකයන්ගේ ග්‍රහණයෙන් බේරී සිටින්නට වළගම්බා රජුට දීර්ඝ කාලයක් මළුල්ලේ සැඟවී සිටින්නට සිදුවූ අතර ඉන් පසුව ඔහු යළිත් රාජත්වය ලබා බලයට පත්විය.

යළි බලයට පත්වීමෙන් පසු වළගමබා රජු තමන්ට නිගා කළ ගිරි නිගණ්ඨයා වාසය කළ අසපුව විනාශ කොට ඔහුව පලවා හැර අක්කර 500ක් වූ එම භූමිභාගයේ අභයගිරිය නිර්මාණය කර ඇත. ඉන්පසු තමන්ට යළි බලයට ඒමට උදව් කළ මහා සංඝයා අතරින් කුප්පිල මහා තිස්ස ස්වාමීන් වහන්සේට අභයගිරි විහාර සංකීර්ණය පූජා කොට ඇත. එහිදී උන්වහන්සේ මෙම ආරාම සංකීර්ණය පිළිගෙන ඇති අතර, එම ආරාම පූජාවෙන් පසුව ශ්‍රී ලංකාවේ ප්‍රථම නිකාය භේදය ඇතිවීමට හේතු යෙදී ඇති බව වංශ කතාවල සඳහන් වේ. එනම් පොදුවේ මහා සංඝරත්නයට හැර අන් ආකාරයට පෞද්ගලික පූජාවන් බැහැර කිරීම අකැප බැවින් එලෙස පෞද්ගලික ආරාම පූජාව බාරගත් නිසා උන්වහන්සේ මහා විහාරයෙන් නෙරපා ඇත. එතැන් පටන් උන්වහන්සේට මහා විහාරයෙන් ඉවත්ව අභයගිරියේ වැඩ වාසය කරන්නට සිදුවී ඇත. ඒ අවස්ථාවේ තවත් භික්ෂුන් වහන්සේ 500 නමක් මහා විහාරයෙන් නික්ම අභයගිරියේ වැඩ වාසය කරන්නට පැමිණ ඇති අතර එලෙසින් ප්‍රථම නිකාය භේදය සිදුව තිබේ. එතැන් පටන් මහා විහාර නිකායට අමතරව අභයගිරිය මූලික කරගත් අභයගිරි නිකායද ආරම්භ වී තිබේ.

අභයගිරි විහාරය ලංකාවේ මහායාන බුදු දහමේ කේන්ද්‍රස්ථානයක් ලෙස සලකා ඇති අතර පස්වන සියවස පමණ වන විට අභයගිරි විහාරය ආශ්‍රිතව වැඩ වාසය කළ ස්වාමීන් වහන්සේ ප්‍රමාණය 5000කටත් වැඩිවූ බවද පැවැසේ. එසේම දන්ත ධාතුන් වහන්සේ සහ පාත්‍රා ධාතුවද අභයගිරි විහාරය සන්තකයේ තිබුණු බවත් එනිසාම අභයගිරියට ඉතා ප්‍රබල සහ උසස් ස්ථානයක් හිමිව තිබූ බවද පැවැසේ.

අභයගිරි නිර්මාණ සැලැස්ම ඉතා මනරම් සහ උසස් බව පෙනී යන අතර එහි ස්ථුපයක්, බෝධිඝරය, පොහොය ගෙය, ප්‍රධාන ඝරය, පිරිවෙන් නේවාසිකාරාම, ළිං, පොකුණු ආදී සියල්ලෙන් අංගසම්පූර්ණව ප්‍රධාන විහාරාරාමයක් ලෙස තිබූ බවද පැහැදිලි වේ.

ප්‍රථම නිකාය භේදය එසේ සිදුවීමෙන් පසුව ක්‍රි.ව. 275 සිට 302 දක්වා රජකම් කළ මහසෙන් රජු මිසදුටුවකුගේ බස් අසා රැවටී අශ්ශීල භික්ෂුන් වෙසෙන්නේ යැයි සිතා මහා විහාරය විනාශකොට උඳු වැපිරූ බවත් ඉන් පසුව ජේතවනාරාමය ගොඩනැඟීමත් ඒ සමඟ ශ්‍රී ලංකාවේ තුන්වැනි නිකාය ලෙස ජේතවන නිකාය ආරම්භ වී ඇත. එය මෙරට තුන්වැනි නිකාය භේදය ලෙසින් සැලකේ.

කුමාර රත්නායක

SendShareShare
Previous Post

JR කනපිට හරවපු MRගෙ අයවැය (විමලසිරි ජයලත්ගෙ රටේ පැත්ත)

Next Post

Unilever හොරණ නිෂ්පාදන කර්මාන්ත ශාලාව ඇගයීමට ලක් වේ

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News
Exclusive

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

ජනාධිපතිවරයා හරි ආඩම්බරයෙන් කියනවා "අපිට කෝටි ගාණක සල්ලි තියෙනවා" කියලා. හැබැයි, තමන් ගෙවන බද්දට සාධාරණ වූ රටේ ආයෝජනයක් වෙන්නේ නැහැ...

Read more
‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පැනලා ගිය ගෝඨාට ආණ්ඩුවෙන් වාහන 19ක්! කන්න බොන්න හැම මාසෙම ආණ්ඩුවෙන් නවලක්ෂ පනස්දාහක්! ඒක පුංචි වියදමක්..! ප්‍රශ්නෙ ඇහුවාම බන්දුල දුන්නු උත්තරේ!

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි ඉල්ලා ගෝඨා අභියාචනාධිකරණයට එයි! I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

ඉස්සර වගේ නෙමෙයි කෙට්ටු වෙලා..! හිරේ ඉන්න මහින්දානන්දයි නලිනුයි අද අල්ලස් නඩුවට මහාධිකරණයට ගෙනාවේ මෙහෙමයි..! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

සභාවේදී ආණ්ඩුව පැත්තෙන් මන්ත්‍රී අර්චුනාට අපහාස කරද්දී විපක්ෂනායක සජිත් අර්චුනා වෙනුවෙන් පෙනී සිටී! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.