අද (18) දිනයේ අයවැය විවාදය ආරම්භ කරද්දී පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ සිට ඇත්තේ මැතිඇමැතිවරුන් දෙදෙනකු පමණක් බව වාර්තා වේ.
ඒ, අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතාත් තවත් එක් මන්ත්‍රීවරයෙකුත් පමණි.
ඒ අවස්ථාවේ අනෙකුත් සියලුම මැතිඇමැතිවරුන් අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ජන්ම දිනයට සුබ පැතීම සදහා ඒ මහතාගේ කාර්යාලයට ගොස් සිට ඇති බවද දැනගන්නට ඇත.
අද දින විපක්ෂය වෙනුවෙන් අයවැය විවාදය ආරම්භ කළේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතාය.










