ආණ්ඩුව මේ වනවිට මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඉලක්ක කොටගෙන දැවැන්ත දඩයමක් දියත්කර ඇති බවත්, ආණ්ඩුව පත්වී වසරක් තුළ සිදුවන මේ බරපතළ ප්‍රහාරය හෙලා දකින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා (18) කීවේය.
“මේ ආණ්ඩුව පත්වෙලා වසරක් සම්පූර්ණ වෙලා තිබෙනවා. ආණ්ඩුවේ අසමත්කම හැම තත්පරයක් ගානෙම ඔප්පු කරමින් ඉන්නවා. ඒ අතර තමන්ව විවේචනය කරන මාධ්‍ය ඉලක්ක කරගෙන දැඩි මර්දනයක් දියත් වෙනවා. මාධ්‍යවේදීන් සිරගෙදරට ගෙනයන මාධ්‍ය දඩයමක් ආණ්ඩුව කරගෙන යනවා. කිසිසේත්ම ඒ දඩයමට අපි ඉඩ දෙන්නේ නෑ. ඊට එරෙහිව අපි සටන් කරනවා. ආණ්ඩුවට අපි කියනවා. කරුණාකරලා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියවන්න.
මේ සිදුවෙන්නේ මොනවාද? කොයිම ආකාරයක හෝ මාධ්‍යට එරෙහිව දියත් වෙන මර්දනයට සහ බලපෑමට අපි විරුද්ධයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ආණ්ඩුව උල්ලංඝනය කරනවා.
පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් ඉලක්ක කරගෙන ආණ්ඩුවේ මර්දනය උග්‍ර වෙලා තිබෙනවා. මේ අත්අඩංගුවට ගැනීම් තුළින් අදහස් ප්‍රකාශ කරන පරිශිලිකයන් බියවැද්දීමට උත්සහ කරන්නේ නම්, එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට සහ මානව හිමිකම්වලට එල්ලකරන ප්‍රබල පහරක්.
මට නිර්දය ලෙස මාධ්‍ය ප්‍රහාර එල්ල කරලා තියෙනවා. එහෙත් අපි කවදාවත් මාධ්‍යට එරෙහි වෙලා නෑ. අපිට විවේචන දරා ගැනීමේ සංවරය සහ ශක්තිය තිබිය යුතුයි. විශේෂයෙන්ම සමාජ මාධ්‍ය වෙත ආණ්ඩුවේ දැඩි මර්දනය යොමුවෙලා තියෙනවා.
මේ ආණ්ඩුවේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ශ්‍රී ලංකාව තුළ මාධ්‍ය නිදහස සුරක්ෂිත කොට පෝෂණය කරන බව ඉතා පැහැදිලිව සදහන් කොට තිබෙනවා. සියලු වාරණ ඉවත් කරනවා කියලා තිබෙනවා. නමුත් වසරක් යන්නත් පෙර ඒ සියල්ල බොරු වෙලා ඉවරයි. අපි ආණ්ඩුවට කියනවා විවේචනවලට සවන් දෙන්න. ඒවාට ඉඩ දෙන්න. ඔවුන්ගේ නිදහස අහුරන්න එපා. සමාජ මාධ්‍යට එරෙහි ආණ්ඩුවේ ත්‍රස්තවාදය නවත්වන්න. ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කළා ඇති. එය ක්‍රියාවෙන් ඔප්පු කරන්න.”











