වැලිකඩ බන්ධනාගාරයේ රදවා සිටින සිරකරුවන් පිරිසක් බන්ධනාගාර වහළට නැගී විරෝධතාවක් ආරම්භ කර ඇති බව වාර්තා වේ.
රස පරීක්ෂණ වාර්තා දිගින් දිගටම ප්‍රමාද වීම හේතුවෙන් තමන්ට සිරගතව සිටින්නට සිදුව ඇති බව පවසමින් මෙසේ වහළය මත නැගී ඔවුන් විරෝධතා ආරම්භ කර ඇති බව පැවසේ.
හැකි ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා ලබා දෙන ලෙස ඔවුන් ඉල්ලා සිටින බවද දැනගන්නට ඇත.










