• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

මිනිසාගේ හෙට ගැන අද කියන සත්ව අනාවැකි

November 14, 2020
in Astrology
Reading Time: 2 mins read
A A
මිනිසාගේ හෙට ගැන අද කියන සත්ව අනාවැකි
Share on WhatsAppShare on Facebook

කුරුලු කූඩුවක් නිවසේ හැදුවොත් දරු සම්පත්

විවාහ ප්‍රමාදයට ගිරවකුගෙන් විසඳුමක්

වටිනාකමක් නැතැයි සිතන ඇතැම් දේ නොසිතූ මොහොතක අවශ්‍ය විය හැක. පැරැන්නන් මේ කාරණාව ගැන විවිධ කතා පවසා තිබෙනු අසන්නට ලැබෙන අතර, බළල් වසුරුද බෙහෙත් සඳහා අවශ්‍ය වෙයි යන්නත් කුකුළු වසුරුද බෙහෙත් සඳහා අවශ්‍ය යැයි යන්නත් ප්‍රසිද්ධ කියුම් දෙකකි. එසේම බෙහෙත් සඳහා නොගන්නා පැළෑටියක් නොමැති බව බුදු සමයේ සිටි ජීවක වෙදැදුරුගේ චරිතයෙන් පැහැදිලි වෙයි. මේ ආකාරයට අගයක් නැතැයි කියා ඉවත දමන බොහෝ දේ මිනිසාට ප්‍රයෝජනවත් වන අතර අගයක් නැතැයි වටිනාකමක් නැතැයි සිතන සත්ව කොට්ඨාසයක් කරදරයක් ලෙස දකින සත්ව කොට්ඨාසයක් විටෙක මිනිසාට උපකාර වෙයි. ඒ නොවරදින අනාවැකිකරුවන් වෙමිනි. ඒ අනුව සුබ පෙරනිමිති අසුබ පෙරනිමිති පෙන්වා දීම සේම ගුරුකමටත්, වෙදකමටත් සතුන්ගෙන් ලැබෙන සහාය අපමණය. එහිදී සතුන් හා ගෙතුණු ඇදැහිලි විශ්වාස සුළුකොට තැකිය නොහැක. එමෙන්ම එවැනි කතා සහ විශ්වාසයන්ද බොහෝය.

කෘෂිකාර්මික දියුණුවට උරදෙන ගවයා හින්දුන් විසින් දේවත්වයෙන් සලකනු ලබයි. ශිව දෙවියන්ගේ වාහනයද ගවයාය. එළදෙන කිරි මව ලෙස මිනිසුන් විසින්ම පිළිගනු ලබයි. සතුන් සහ පක්ෂීන්ට පැරැන්නන් දේව සංකල්පය මඟින් ලබාදුන් දේවත්වය හාස්‍යයට යොමුවන අවස්ථාද නැත්තේ නොවේ.

සෙනසුරුගේ වාහනය ලෙස සැලකෙන කපුටාට සමාජය තුළ ඇත්තේ විශාල පිළිගැනීමකි. කපුටාට ආහාර දීම ආදී කාරණා ඇසුරින් පිහිට පතන්නෝද බහුලය. කපුටා ස්නානය කළ ජලය ඇතැම් රෝගයන්ට ප්‍රතිකර්ම සඳහා භාවිතා කරයි. හින්දු දෙවියන්ට අයත් සතකු ලෙස පිළිගැනෙන මොනරාටද හිමිවන්නේ විශේෂ ගෞරවයකි. තවත් ආකාරයට එම ගෞරවය අභියෝගයට ලක්කරමින් මොනර හිස උයා කෑමට ගැනීමෙන් බලයත්, මස් ආහාරයට ගැනීමෙන් තිරිහන් වීමත් හිමිවන බව විශ්වාසයයි. මොනර පිහාටු කුෂ්ට රෝග සඳහා ප්‍රතිකාරවලට ගැනෙයි.

දින සහ යාමයක් ගෙවී යන මොහොතේ කුකුළාගේ හැඬලීම භූතාවේශයකින් සිදුවෙන්නක් බවට අතීත භාරත පිළිගැනීමක් විය. එවැනි අවස්ථාවක මරන ලද කුකුළන්ගේ මස් ආහාරයට නොගැනීමටත් පිරුවටයක ඔතා වළදැමීමටත් අතීත භාරතීයයන් කටයුතු කර ඇත. කපුටන් නාද කිරීම නිවෙසකට අමුත්තන් පැමිණෙන බවට පෙරනිමිත්තකි. බකමූනන්ගේ නාදය මළවුන්ගේ පණිවුඩ රැගෙන ඒමත් ලෙසට සැලකෙයි. තවද බකමූනා සහ කපුටා වෛරී පක්ෂීන් දෙදෙනෙකි. එම පක්ෂීන් දෙදෙනාගේම පිහාටු හූනියම් කටයුතු සඳහා යොදාගැනෙයි. බකමූනු මාංශ ආහාරයට ගැනීමෙන් නිවට ගති මතුවන බවටත් විශ්වාසයේ ඇත. හූනියම් නොවැදීමට බකමූනු අස්ථි කොටස් සුර තුළ දමා පැලඳීමද සිරිතකි.

ගිරවකු ඇති කිරීමෙන් කඩිනම් විවාහයකට මඟපෑදෙන බවටද විශ්වාසයක් තිබේ. මේ අතර ගිරවුන් පිළිබඳව හරි අපූරු ජනප්‍රවාද තිබේ. ඒ අනුව එකල බිරියන්ගේ නොමනා ක්‍රියා ගැන ගිරවුන් සැමියාට කේලම් කියූ බවද පැවසේ. ඇටි කුකුළු පැටවකුගේ පාද රන් කෙන්දකින් බැඳීමෙන් පසු ඇටි කුකුළා ලී කැබැල්ලක් තබා එම රන් කෙන්ද කඩා දමයි. එම ලී කැබැල්ල තමන් සන්තකයේ තබා ගැනීමෙන් බොහෝ සම්පත් උදාකරන අතර එයට කළුනික යනුවෙන් හඳුන්වයි.

කුඹුරට බසින විට ගොවියන් රාජාලියාගේ නම තුන්වරක් මතුරා තමන්ව නාගයන්ගෙන් ආරක්ෂා කරදෙන ලෙස අයැදීම පැරැණි කෙම් පිළිවෙතකි. සර්පයන් අතර විශේෂ සර්පයකු වන පිඹුරාගෙන් ලබාගන්නා තෙල අනතුරකින් වෙන්වූ සම සහ මස සම්බන්ධ කිරීමට සමත් වෙයි. පිඹුරු අස්ථියක් ඉණට තබා බැඳීමෙන් අපස්මාරය රෝගය සුවවන බවත් සිහිනයෙන් බියවීම නවතින බවත් විශ්වාසයයි. කොටි දත් හෝ නිය ඉණ හෝ ගෙල පැලඳීමෙන් භූත දෝෂ දුරුවෙයි.
නාගයකු නිවෙසට පැමිණීමෙන් රජයෙන් හෝ රජයේ නිලධාරීන්ගෙන් අසුබයක් සිදුවන බවට පෙරනිමිත්තකි. නීතිමය ගැටලු සහ විවිධ චෝදනාවන්ට ලක්වීමද එයින් හඟවන බව පැවසේ. පරවියන් නිවෙසට පැමිණීම හතුරන් මිතුරු වීමකි. අසල්වැසි සුහදතා වර්ධනයත්, නීතිමය ගැටලු නිරාකරණයත් සාමදානය ඇතිවීමත් පරවියන්ගේ පිළිගැනීමෙන් දැනුම්දෙයි.

කුරුල්ලන් නිවෙසේ කූඩු තැනීම විවාහක කාන්තාවකට දරුපල හිමි වීමකි. ගේ කුරුල්ලන් නිවෙසේ පදිංචි වීම අඹු සැමි සමගියට හේතුවෙයි. මී මැස්සන් මීවද බැඳීම නිවැසියන්ට හදිසි ධන ලාබ උදාකර දෙන බවත් කබරගොයි නිවෙසට පැමිණීම නිවෙස පාළුවීමේ පෙරනිමිත්තක් බවටත් විශ්වාසයේ ඇත. හක්බෙල්ලාගෙන් සාදාගන්නා හක්ගෙඩිය උතුම් ජය සංකේතයකි.
මේ අනුව තවත් බොහෝ විශ්වාසයන් සහ ඇදහීම් සමාජය තුළ අනන්තවත් අසන්නට දකින්නට තිබේ. ඒ ඒ කාල අනුව මේවා වෙනස් වෙමින් අලුත් වෙමින් යන බවක්ද පෙනෙන්නට ඇති අතර මේ විශ්වාසයන් සුළුකොට සිතා පහසුවෙන් බැහැර කළ නොහැකි බව බහුතරයක් දෙනාගේ මතයයි.
ජ්‍යොතිෂවේදී මතුගම ජයනෙත්ති

SendShareShare
Previous Post

මම ලේසියෙන් අතහරින්නෙ නැහැ

Next Post

හැමදේම සිද්ධවුණේ හදිසියේ

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.