• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

මම ලේසියෙන් අතහරින්නෙ නැහැ

November 17, 2020
in Heart
Reading Time: 3 mins read
A A
මම ලේසියෙන් අතහරින්නෙ නැහැ
Share on WhatsAppShare on Facebook

කලාව වෙනුවෙන් ජීවත් වෙනවා කියන්නෙ විහිළුවක්…

කලා ක්‍ෂේත්‍රයේ යුග පරම්පරාවක් හදමින් ඇගැයීමට ලක්වුණු සම්මානලාභී ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් පිලපිටිය කාලෙකට පස්සේ ‘හාට්’ පිටු අතරට එක්කර ගන්න හිතුවා. මොකද ඔහුගේ ජනප්‍රියතාව එදා මෙන්ම අදටත් ප්‍රේක්‍ෂක හදවත් තුළ රැඳෙන නිසා. ඉතින් මේ ගෙවන කාලවකවානුවේ ඔහුගේ වැඩකටයුතු ගැන අපි කතාබහ කළේ මේ විදියටයි.
රොෂාන්ට මේ දවස්වල නිදහසේ දරු සුරතල් බලන්න පුළුවන් කාලවකවානුවක් නේද?

ඔව්. ඉතින් පසුගිය දවස් කිහිපයේම ටිකක් කාර්යබහුල වෙලා තමයි හිටියේ. එහෙමයි කියලා මම ගෙදර එන්නෙ කොයිවෙලේද කියලා බලාගෙන හිටියේ. දැන්නම් ඉතින් ගෙදරට වෙලා පවුලේ අයත් එක්ක සතුටින් ඉන්නවා.
මේ දවස්වල රොෂාන් ටෙලිනාට්‍ය කිහිපයකම අපට දැකගන්න පුළුවන්?
‘මහාවිරු පණ්ඩු, අහස් මාලිගා, නෑනලා ටෙලිනාට්‍යවල විවිධ චරිත නිරූපණය කරනවා. ඒ අතර මහාවිරු පණ්ඩු ටෙලිනාට්‍යයට හොඳ ප්‍රතිචාර ලැබෙනවා.
මෑත කාලයේ රොෂාන් සිනමාවට දක්වන දායකත්වයේ අඩුවක් අපි දකිනවා. සිනමාව අත්හැරලාද?
එහෙම අත්හරින්නේ නැහැ. පෙර සේම සිනමාවටත් හොඳ දායකත්වයක් මම ලබාදෙනවා. රටේ මේ තිබෙන කොරෝනා වසංගතය නිසා සිනමාශාලා පවා වසා දැමුවා. ඒ විතරක් නෙවේ සිනමා ශාලාවට එන ප්‍රේක්‍ෂකයන්ගේ පැමිණීමේත් අඩුවක් දැකගන්න පුළුවන්. ඉතින් මම සම්බන්ධ වුණු චිත්‍රපට කිහිපයක්ම තිරගත වීමට තිබෙනවා. ඉදිරියේදී එය දැකගන්න පුළුවන් වෙයි.
කලා ක්‍ෂේත්‍රයේ කාලයෙන් කාලයට යුග පරම්පරාවන් බිහිවුණා. එහෙම යුග කාලයක් ඔබටත් තිබුණා නේද?
මම එහෙම යුගයක් කියලා වැඩ කරලා නැහැ. එහෙමයි කියලා මම වැඩ කරන්නේත් නැහැ. ලෙස්ටර් ජේම්ස් පීරිස් අධ්‍යක්‍ෂණය කළ ‘ගොළු හදවත’ තමයි මම සම්බන්ධ වුණු පළමු නිර්මාණය. එදායින් පසු මම විවිධ නිර්මාණවල වැඩ කරමින් මගේ උපරිම දායකත්වය ලබා දෙමින් කලාව පෝෂණය කිරීමට දායකත්වය ලබාදුන්නා කියලා කිව්වොත් හරි. හැබැයි කවදාවත් මම හිතාගෙන නැහැ කලාකාරයෙක් වෙලාම මැරෙන්න ඕනෑ කියලා. මොකද මම අහම්බෙන් මේ ක්‍ෂේත්‍රයට සම්බන්ධ වුණු කෙණෙක් නිසා.
ඒ කියන්නේ රොෂාන් ජීවත් වෙන්නේ අරමුණක් නැතිවද?
මමත් මනුෂ්‍යයෙක්. අනෙක් අයට වගේම මටත් අරමුණක් තියෙනවා. හැබැයි කලාව වෙනුවෙන් ජීවත් වෙනවා කියලා පැවැසුවොත් එය විහිළුවක්. කලාවේ කිසිම ප්‍රතිපත්ති මාලාවක් නැහැ. නමුත් විදේශීය රටවල කලාව තුළ ප්‍රතිපත්තියක් තියෙනවා. අපේ රටේ කලාවටත් ප්‍රතිපත්තියක් අනිවාර්යයෙන්ම අවශ්‍යයි. මම අදාළ බලධාරීන්ට පවා මේ ගැන දැනුවත් කළා.
ඉදිරියේදීවත් ඔබ පවසන පරිදි ප්‍රතිපත්ති මාලාවක් ඇතිව කලාවට සුබවාදී කාලයක් උදාවෙයි?
වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිඳුන් කලාවට විතරක් නෙවේ රටටම සුබවාදී කාලයක් උදාකරාවි කියලා විශ්වාසයක් තිබෙනවා. දේශපාලනඥයෙක් කවදාවත් අසරණ වෙලා කියලා අහන්න ලැබෙනවාද නැහැ. මුළු රටේම ජනතාව පිනවන කලාකරුවන්ට අවසානයේ අත්වන ඉරණම එයට වඩා හාත්පසින්ම වෙනස්. ඔවුන් අසරණ වුණාම කිසිම කෙනකුගේ පිහිටක් නැහැ කියලා අපි කවුරුත් දන්නවා.
ඔබ පවසන විදියට ඔය ප්‍රශ්නයට මුහුණ පෑමට සිදුවන්නේ රංගන ශිල්පීන්ට විතරමද?
කවදාවත් මම එහෙම කියන්නේ නැහැ. කලාව වෙනුවෙන් දායකත්වය සපයා දෙන සියලුම දෙනා ගැන මම කතා කරන්නේ. මාධ්‍යවේදීන් පවා ඔය දුෂ්කරතාවලට මුහුණ පානවා. කැමරා ශිල්පියෙක් ගත්තොත් ඔහුටත් කැමරාවක මුදල පියවාගන්න වෘත්තියට අමතරව වෙඩින් එකක් හරි කරලා තමයි මුදල හොයන්න වෙලා තියෙන්නේ. බලන්න නුවර පෙරහැරේ නැට්ටුවෙක් කකුල්වල දියපට්ට දාගෙන නටනවා. ඒත් ඔවුන්ගේ ඒ දක්‍ෂතාවට කිසිම වටිනාකමක් නැහැ. මේ සියලු දෙනාම සුරක්‍ෂිත කළ යුතුයි කියලයි මම කියන්නේ. නිකම් නමට කලාකරුවෙක් කියලා කිව්වට පලක් නැහැ.
ඔබටත් පසුගිය කාලේ විවිධ ප්‍රශ්න මතුවුණා නේද. දැන් ඒ ප්‍රශ්න විසඳිලාද?
මට එහෙම කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. වෙන අය මගේ ප්‍රශ්න ප්‍රශ්නයක් කරගෙන කටයුතු කළාද කියන්න මම දන්නෙත් නැහැ. මගේ පවුලේ සියලුදෙනාම දුක – සැප බෙදාගෙන සතුටින් ජීවත් වෙනවා.
අපි ඔබේ දකින විශේෂත්වයක් තමයි ඔබට සම්මාන නැතත් ඒ සතුට බෙදාගැනීමට නිරන්තරයෙන් ඔබ දායක වන බව?
මම සම්මාන ඕන තරම් හිමිකරගෙන තියෙනවා. හැම පාරම සම්මාන මට හිමි වෙන්න කියලා නීතියක් නැහැ. ඉතින් මට ආරාධනා කළොත් ඒ සුන්දර මොහොතට මම යන්නේ ඉතාමත් සතුටින්. මොකද ඒ සොඳුරු දවසේ සම්මානයක් ගන්නේ මගේම සහෝදර ශිල්පිනියක් හෝ ශිල්පියෙක්. ඔවුන් වෙනුවෙන් ඒ මොහොතේ අත්පුඩියක් හරි මට ගහන්න ලැබීමත් වටිනවා.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

ගෝඨාගේ අවුරුද්ද (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

Next Post

මිනිසාගේ හෙට ගැන අද කියන සත්ව අනාවැකි

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.