ලොව නිර්මාණශීලී හා ලාභදායී ජංගම දුරකථන හා උපාංග සම්බන්ධ ප්‍රමුඛයා වන OPPO සමාගම සිය නිෂ්පාදනවල උසස් තත්ත්වය සම්බන්ධ විශේෂ ප්‍රවර්ධන වැඩසටහනක් 2020 නොවැම්බර් මාසය තුළ ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබේ. OPPO දුරකථන සහ අනෙකුත් උපාංග වෙළෙඳපොළේ ඇති අනෙකුත් නිෂ්පාදන හා උපාංග අතරින් වෙනස්වන ආකාරය පෙන්වා දීම මෙම වැඩසටහනේ මූලික අරමුණ වී ඇත. ඒ අනුව OPPO දුරකථන හා උපාංග නිපදවෙන ආකාරය පෙන්වන වීඩියෝ දර්ශන එකතුවක් සමාජ මාධ්‍ය හරහා ප්‍රකාශයට පත්කිරීමට OPPO කටයුතු කරමින් සිටිති. නිෂ්පාදනයේදී විශිෂ්ටත්වය සම්බන්ධයෙන් OPPO සමාගම දක්වන ප්‍රමුඛත්වය සහ සැලකිල්ල සහ එම සැලකිල්ල නිසා උසස් තත්ත්වයෙන් යුත් නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමට සමාගමට හැකිවී ඇති ආකාරය වාර්තා වැඩසටහන් ස්වරූපයෙන් නිර්මාණය කර ඇති මෙම වීඩියෝ දර්ශන තුළින් පෙන්නුම් කෙරේ.
මීට අමතරව OPPO නිෂ්පාදනවල උසස් තත්ත්වය සම්බන්ධ සැබෑ තීරකයන් බවට පත්වෙමින්, ඒ පිළිබඳව තම අදහස් හා අත්දැකීම් බෙදාගැනීමට පාරිභෝගිකයන්ට අවස්ථාව සලසා දීමටද OPPO කටයුතු කර ඇත. ඒ අනුව OPPO නිල Facebook සහ Instagram (@OPPOSriLanka) පිටුවෙත පිවිස MyOPPOStory හෑෂ්ටැග් සහිතව තම අත්දැකීම් සඳහන් කිරීමට පාරිභෝගිකයන්ට අවස්ථාව හිමිවේ. එම පාරිභෝගික අත්දැකීම් shorturl.at/egyO4 පිටුවෙත පිවිසීමෙන් නැරඹිය හැක.











