වෙස්ටර්න් යුනියන් සහ සෙලාන් බැංකු හවුල්කාරිත්වය පසුගියදා නිල වශයෙන් සෙලාන් බැංකු ප්‍රධාන කාර්යාලයේදී ප්‍රකාශයට පත් කෙරිණි. සෙලාන් බැංකුවේ සහ වෙස්ටර්න් යුනියන් සමාගමේ නියෝජිතයන් මෙම අවස්ථාවට සහභාගි වූ අතර වෙස්ටර්න් යුනියන් සමාගමේ ශ්‍රී ලංකා සහ මාලදිවයින් ප්‍රධාන කළමනාකාර නූර් එලාහි මහතා අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය හරහා එම අවස්ථාව සමඟ එක් වූයේය. වෙස්ටර්න් යුනියන් හරහා මුදල් ලබාගත් පළමු සෙලාන් බැංකු පාරිභෝගිකයෝ ද එම අවස්ථාවට සහභාගී වූහ. සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව, අඛණ්ඩව අසමසම සේවා ප්‍රමිතිය සමගින් පාරිභෝගිකයන්ගේ මූල්‍ය අවශ්‍යතාවලට සහයෝගය ලබා දෙන සේවා පිරිනමමින් සිය මෙහෙයුම් කටයුතුවල ප්‍රමුඛස්ථානය පාරිභෝගිකයන් හට ලබා දීමට නිබඳ කැපවී සිටී.











