දේශපාලනය සහ ජ්‍යොතිෂය එකම කාසියක දෙපැත්තක් හා සමානවම දැඩි සුසංයෝගයක් පෙන්වන විෂයන් දෙකක් බව ගෙවුණු වසර කිහිපයේදී හොඳින්ම දක්නට ලැබුණා. දේශපාලනඥයා පමණක් නොවෙ ඡන්දදායකයා පවා ඡන්දය දැමීමටත් සුබ වේලාවක් යොදාගෙන තිබූ බව පසුගිය මැතිවරණවලදී අසන්න ලැබුණේ මේ සුසංයෝගය තවදුරටත් තහවුරු කරමිනි. සෑම දේශපාලන පක්‍ෂයකම නායකයන් ඇතුළුව අනුගාමිකයෝ කවුරුත් සිය ජන්ම පත්‍රය අතැතිව සියලු කටයුතු කළත් එසේ නොකරන එක් පක්‍ෂයක්ද සිටිනවා. ඒ අනුව ජ්‍යොතිෂය, හඳහන, නැකැත් ආදිය පිළිබඳ කිසිදු විශ්වාසයක් නොමැති ජනතා විමුක්ති පෙරමුණත් 2020 වෙනුවෙන් සිය ජනාධිපති අපේක්‍ෂකයා ඉදිරිපත් කරනු ලැබුවා.
ඒ අනුව අගෝස්තු 18 වැනිදා සවස 6.03ට යෙදුණු සුබ නැකැත ජාතික ජනබලවේගය වෙනුවෙන් අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ප්‍රකාශයට පත්කරනු ලැබුවා. ජ්‍යොතිෂය පිළිබඳ තැකීමක් නොකරන ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙක් ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් තත්කාල කේන්ද්‍රයක් නිර්මාණය කිරීම ජ්‍යොතිෂවේදී ඉන්දික තොටවත්ත අතින් සිදුවූයේ ඊට අනතුරුවය.
ජනාධිපති අපේක්‍ෂකයා ලෙස තෝරාගැනුණු අගෝස්තු 18 වැනිදා සවස 6.03ට යෙදුණු ඒ වෙලාව අනුව අනුර කුමාරගේ තත්කාල භාව කේන්ද්‍රය සැකසී තිබෙන අතර ඉන්දික තොටවත්ත ඒ පිළිබඳ කරන විග්‍රහයයි මේ.

සාමාන්‍යයෙන් භාව කේන්ද්‍රයක් නිර්මාණය කිරීමේදීත් භාව දොළහක් අනුව සැකසුණත් අනුර කුමාරගේ භාව කේන්ද්‍රයේ භාව දොළහක් පමණක් තිබීම සුවිශේෂී තත්ත්වයක්. ඒ අනුව එහි 3 වැන්න සහ 9 වැන්න ගිලී තිබෙන අතර මකර රාශියේ අග කොටස යෙදී තිබෙනවා.
ලග්නය වන්නේ වෘශ්චික ලග්නයයි. උත්‍රසල නැකැතත්, සිංහ නවාංශකයත් දක්නට ලැබෙනවා. හය වැන්නට රවිත්, දොළොස්වැන්නට ශනි සහ කේතුත්, හත්වැන්නට රවි – කුජ – සිකුරුත් යෙදෙන හඳහනත්, 3 වැන්න සහ 9 වැන්න ගිලී පවතින නිසා බැලූබැල්මට නව වැන්නාධිපති බුධ වුවත් සිකුරු නවවැන්නාධිපති වන අතර, දසවැන්නාධිපති වන්නේ කුජ ග්‍රහයායි.
භාව කේන්දරයේ බලවත් බව අනුව ධර්මකර්මාධිපති යෝගය යෙදෙනවා. රවිගේ බලවත් බව නිසා උපේන්ද්‍ර යෝගය බුධ ආධිපත්‍ය යෝගය ඇතුළු බලවත් යෝග කිහිපයක්ම මෙහිදී හඳුනාගන්න පුළුවන්. ඊට අමතරව ලග්නය සහ 11 වැන්න අතර ප්‍රබල පරිවර්තනය යෝගයක් යෙදීමත් සුවිශේෂ තත්ත්වයක් ලග්න සහ ජන්ම ඒරාෂ්ටක දෙකක්ද දක්නට ලැබෙනවා. ගතකරමින් සිටින්නේ ගුරුගේ මහා දශාවයි.
මෙම භාව කේන්ද්‍රය අනුව අපට අනුර කුමාර දිසානායකගේ ඉදිරි දේශපාලනය කෙටිකාලීනවත්, දීර්ඝකාලීනවත් විග්‍රහ කරන්න පුළුවන්. කෙටිකාලීනව විග්‍රහ කරනවා නම් මේ ආරම්භ කළ ගමන බාධක සහිතයි.
තම ප්‍රකාශය සඳහා මේ සකසා තිබූ වේලාව මා සෑදුවා නම් තවත් විනාඩි 25ක් හෝ 30ක් ඉදිරියටයි හදන්නේ. මේ වේලාව අනුව කෙටිකාලීනව දේශපාලන ගමන එතරම් යහපත් නැහැ. නමුත් දීර්ඝකාලීනව බලන විට මේ තත්කාල කේන්දරය අනුව 2030දී අනුර කුමාරගේ බලය ඉතා වැඩිවන බව කියන්න පුළුවන්.
දීර්ඝකාලීනව ඔහුට සාර්ථක ගමනක් යන්න පුළුවන් වගේම ශනිගේ නැකැතකින් ශනිගේ දශාවකින් ආරම්භ කළ මේ ගමන දුෂ්කරතා සහිතයි. ඒ කෙසේ නමුත් ජාතික ජනබලවේගය වශයෙන් රටට අලුත් තරුණයෙක් ඉපැදුණු මොහොතක් හැටියට මේ වෙලාව දක්වන්න මං කැමැතියි.
පෙර කිව්වා මෙන් මේ වෙලාව තවත් විනාඩි 25ක් 30ක් ඉදිරියට අරන් හැදුවා නම් ගෝඨාභය මහතාටත්, එක්සත් ජාතික පක්‍ෂයටත් දැඩි බලපෑමක් කිරීමේ හැකියාව අනුර කුමාරට හිමිවෙනවා.
රාජ්‍ය පාලනය ගැන කතාකරන රවි ඉන්නේ ලග්නගතවයි. ලග්නාධිපති කුජ අයස්ථානගතව සිටිනවා. 11 වැන්නේ ලග්නගත බුධ සහ 11 වැන්නේ ඉන්න කුජ අතර ප්‍රබල පරිවර්තනයක් දක්නට පුළුවන්. ඒ අනුව ඔහුගේ නායකත්ව හැකියාව හොඳින්ම පෙන්වනවා. මෙහිදී මතක් කළ යුතුයි ජනතා විමුක්ති පෙරමුණේ පුරෝගාමියා රෝහණ විජේවීරයන්ගේත් ලග්නය වෘශ්චික. ඒ වගේම වී. අයි. ලෙනින්ගේ ලග්නයත් වෘශ්චික. ඒ ඔස්සේ අනුර කුමාරගේ ලග්නයත් වෘශ්චික වීම තුළ සුබ බලාපොරොත්තු දක්නට ලැබෙනවා. නමුත් ලග්නය එකක් වීම නිසා මේ සියල්ලම සමානයි කියන්න බැහැ. මොකද මහත්මා ගාන්ධිතුමා වගේම ඇඩොල්ෆ් හිට්ලර්ත් තුලා ලග්නයෙන් ඉපැදුණු අය.
ඉදිරි මාස දෙකක කාලය අනුර කුමාර දිසානායකට වගේම ජනතා විමුක්ති පෙරමුණටත් ප්‍රබල රහස් කුමන්ත්‍රණ ක්‍රියාත්මක වන බව ශනි – කේතු යෝගය 12 වැන්නේ යෙදීම නිසා පෙන්වනවා.
කෙසේ වෙතත් අගෝස්තු 18 වැනිදා දැල්වූ ගිනි පුපුර 2030දි ලැව්ගින්නක් බවට පත්කරගන්න අනුර කුමාරට හැකියාව තිබෙන බවට මේ භාව කේන්ද්‍රය සාක්‍ෂි දරනවා.
කුෂාණි ශෂිප්‍රභා





