• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

දරුපල නැති අයට විස්මිත පිළියමක්

November 7, 2020
in Astrology
Reading Time: 1 min read
A A
දරුපල නැති අයට විස්මිත පිළියමක්
Share on WhatsAppShare on Facebook

සැමියා දකුණෙන්ද බිරිය වමෙන්ද යහනට යෑමෙන් වාසනාවන්ත දරු සම්පත්

ඉරට්ටේ දිනවල පුතුන්ද ඔත්තේ දිනවල දූවරුන්ද පිළිසිදගනී

නිසි කල වයස එළැඹි පසු ස්ත්‍රී, පුරුෂ දෙදෙනකු විවාහ විදියට එළැඹීම දුර අතීතයේ පටන් සිදුවන සම්ප්‍රදායකි. විවිධ රටවල්වල මෙය සිදුවීමේ ක්‍රමවේදය වෙනස් වුවද විවාහක අරමුණ එකක් බව රහසක් නොවේ. එහිදී විවාහ වන දෙදෙනකුගේ අරමුණු අතර ප්‍රධාන තැනක් ගන්නා කාරණය වනුයේ සිය පරපුර පවත්වාගෙන යෑම වන බැවින් දෙදෙනකු විවාහ වීමෙන් පසු ඔවුන් ඇඟිලි ගනිමින් සිටින්නේ දරු සිඟිත්තකු සිය කැදැල්ලට එකතුවෙන තෙක්ය. සිය පරපුර ඉදිරියටත් පවත්වාගෙන යා හැකි නිරෝගී බුද්ධිමත් දරුවකු ලැබේවායි ඔවුන් නිතරම සිතින් ප්‍රාර්ථනා කරමින් බලා හිඳින්නේය. එහෙත් උතුම් දරු සම්පත් සෑම අඹු සැමි යුවළකටම හිමි නොවීම කනගාටුවට කරුණක් බවට පත්ව ඇති අතර, ඒ හේතුව නිසාම විසිරී ගිය පවුල් ජීවිත ප්‍රමාණය අතිවිශාලය. ජීවිත කාලය පුරා සුසුම් හෙළමින් විඳවන අඹු සැමියන් ප්‍රමාණයද අතිවිශාලය. එසේම පවුල් ආරවුල් ගැටුම් බහුතරයකට මේ ප්‍රශ්නය හේතු සාධක වී ඇති බවද අද වන විට පැහැදිලිව පෙනී යයි.

මේ සම්බන්ධව ගැඹුරින් කරුණු විමසා බැලීමේදී අඹු සැමියන් විවාහයට ප්‍රථම නිසියාකාරව හඳහන් ගළපා නොගැනීම යන කාරණයත් ප්‍රබල හේතුවක් සේ දැක්විය හැකිය. මන්ද ඒ ඒ අයගේ කේන්දර තුළ ඇති දරුපල සම්බන්ධ වූ විවිධ ග්‍රහ පිහිටීම් එකිනෙකාගේ ග්‍රහ තත්ත්වයන් සම්බන්ධව ගැළපෙන්නේ කෙසේද යන්නත් සොයා බැලිය යුතුය. එසේ නොමැතිව කාන්තාවට පමණක් වරද භාරදී නිදහස් වන්නට සිතීම සාර්ථක නොවේ. මන්ද දරුපල අහිමි පිරිමින්ද බහුතරයක් සිටින බව තේරුම්ගත යුතුය.

මේ කාරණා සඳහා ප්‍රබලව බලපානු ලබන්නේ ඒ ඒ ජන්මීන් පෙර භවයකදී කළ පින් පව් බවටද පුරාණ ඍෂිවරු අදහස් දක්වා ඇත. ඒ අනුව මිල මුදල්, යාන වාහන මේ සියල්ල ලබන්නට පෙර පින වාසනාව තිබූ ඇතැම් අයට දරුපල නොමැතිව දුක් විඳීමට සිදුවූ අවස්ථාද වේ. ඒ කිසිවක් ලබන්නට පෙර පින නොවූ බොහෝමයක් දෙනා දරු සම්පත් විශාල වශයෙන් ලබමින් ජීවත් වන අයුරුදු මේ දෙවර්ගයේම සම්පත් ලබමින් ජීවත් වන අයද සමාජය තුළ දක්නට ලැබේ. එනිසා තමන් පෙර භවයන්හි කළ කී දේ අනුව දරුපල ප්‍රමාද වුවද අහිමි වුවද ඒ තත්ත්වයන් නිසිලෙස මඟහරවා ගන්නට කළ හැකි වත්පිළිවෙත් බොහෝ ප්‍රමාණයක් ජ්‍යොතිෂයේ දක්වා ඇත.
ජ්‍යොතිෂ ශාස්ත්‍රයට අනුව දරුවන් පිළිබඳව සොයා බැලීමේ ක්‍රමවේදයන් රාශියක් ඇත. ඒ අනුව කේන්දරයක පස්වැන්නෙන් දරුවන් පිළිබඳව හඳුනාගත හැකිය. යම් ජන්මියකුගේ කේන්දරයේ පස්වැන්න දෙස ඉතා කල්පනාකාරීව අවධානය යොමුකළහොත් ඔහුට ඇයට ලැබෙන නොලැබෙන දරු සම්පත් ගැන සියල්ල එහි සටහන්ව තිබෙනු දැකිය හැක. පස්වැන්න සිටින ග්‍රහයන් පස්වැන්නට දෘෂ්ටි හෙළන ග්‍රහයන් එහි අධිපති සහ එම ග්‍රහයාගේ තත්ත්වයත් එසේම පුත්‍රකාරක ගුරු පස්වැන්නෙන් පුළුල්ව සොයාබැලිය යුතු කරුණුය. යම් ස්ත්‍රියකගේ කේන්දරයේ සඳු සහ සිකුරු ග්‍රහයන් අසුබව නීච හෝ සතුරුව පීඩාවට පත්වී නම් ඇය ලිංගික කටයුතු කෙරේ යොමු නොවන්නීය. එහෙයින් ඇයගෙන් දරුපල අපේක්ෂා කිරීම නිෂ්ඵලය. යම් ලෙසකට පහ අධිපති උච්චව හෝ ස්වෂේත්‍රව බලවත්ව සිටී නම් වාසනාවන්ත දරුවන් ලැබේ. එසේම ගුරු, සිකුරු උච්චව පස්වැන්නේ සිටීමද සුබ ග්‍රහ පිහිටීමකි. එයින් බුද්ධිමත් දරු සම්පත් හිමිකර දේ. යම් ලෙසකට ගුරු නීච වුවහොත් අකාරුණික බවින් යුතු දරුවන් ලැබෙන බව පැහැදිලිය.
යම් ලෙසකට බුධ ග්‍රහයා ලග්නයෙන් පහේ හෝ නවයේ සිට අනෙක් ග්‍රහයන් දුර්වල වූ විට පිරිමි දරු සම්පත් බහුල කරයි. ජන්මියකුගේ ලග්නය සිංහ වී රවි, සඳු දුර්වලව කුජ හා ශනිගේ දෘෂ්ටියට ලක්වී නම් උපදින දරුවන් අන්ධභාවයට පත්වන බව සඳහන් වේ. එසේම ඉතා හොඳින් තේරුම්ගතයුතු කාරණය නම් දරු ගැබක් හටගන්නේ රවි, සඳු, සිකුරු තම නවාංශකවල සිටින අවස්ථාවල ඇතිවන ලිංගික සබඳතාවයක් පමණක්ය යන කාරණාවය.

එසේම විවාහක අඹු සැමි යුවළක් ඉතාමත් හොඳින් තේරුම් ගතයුතු කාරණයක්ද වෙයි. ඒ තමන් අපේක්ෂා කරන දරුවා පිරිමි දරුවකුද, ගැහැනු දරුවකුද යන කාරණාවයි. මන්ද පිරිමි දරුවකු අපේක්ෂා කරන දෙදෙනකු ඇසුර පැවැත්විය යුත්තේ මාස් ශුද්ධියෙන් 6, 8, 10, 12, 14, 16 යන දිනවලදීය. එසේම ගැහැනු දරුවකු අපේක්ෂා කරන දෙදෙනකු ඇසුරේ යෙදිය යුත්තේ 5, 7, 9, 11, 13, 15 යන දිනවලදීය. එසේම තමන්ට ලැබෙන දරුවා ඉතාමත් ගුණවත්, යහපත්, බුද්ධිමත් දරුවකු වේවායි පතන අඹු සැමියන් යහනේ දකුණු පසින් සැමියාද වම් පසින් බිරියද ලෙස යහනට පැමිණිය යුතුවෙයි.

යම් ලෙසකට කේන්දරයේ දරුපල සටහන්ව ඇතත් එය ප්‍රමාද වේ නම් ඒ සඳහා තමන් නිතර යන එන බෝධීන් වහන්සේ නමක තෝරාගෙන සඳුදා සහ සිකුරාදා දිනවල බෝධි පූජා හතක් තබා එම පින පත්තිනි මෑණියන්ට අනුමෝදන් කර තමාගේ දරුපල සිහිනය ඉටුකර දෙන මෙන් ඉල්ලා සිටිය යුතුය. එවිට ඔබගේ යම් අකුසල කර්මයක් හේතුවෙන් දරුපල ප්‍රමාද වේ නම් ඒ තත්ත්වය මඟහැරී ගොස් දරු සිහිනය සැබෑ කෙරෙනු ඇත.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්දකුමාර

SendShareShare
Previous Post

අපේ සමහරු සුද්දගෙ නැට්ට අතේ තියන් ඉන්නෙ

Next Post

යාළුවෙන්න කලින් සිකුරු කොහෙද බලන්න

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News
Exclusive

ලංකාවට එල්-නිනෝ හිතුවට වඩා දරුණුවටම බලපාන්නයි යන්නේ..! ජූලි-අගෝස්තු- සැප්තැම්බර් පිච්චෙන්න පායනවා..! බොන්නවත් වතුර නැතිවේවි! රස්සාවල් නැතිවේවි! ඔක්තෝබර්-නොවැම්බර්-දෙසැම්බර් ගලන්න වහිනවා! I Sri Lanka Latest News

එල් -නිනෝ තත්ත්වය මේ වන විට දැඩිව වර්ධනය වී ඇති අතර එහි උච්චතම අවස්ථාව බලාපොරොත්තු වූ කාල සීමාවට වඩා පෙර...

Read more
හදිස්සියෙම මතුවෙන්නේ මාලිමාවෙ චන්ඩිද? ජනාධිපතිතුමා දැනුවත්ද? එයාලා මේකට සපෝර්ට්ද? Sri Lanka Latest News

මාලිමා චණ්ඩි ගමේ වැඩ පටන් අරන්ද? සභාවේ සද්ද දානවා වැඩියි කියලා කොටගල මන්ත්‍රීට ටවුම මැද්දදිම පහර දීලා! VIDEO I Sri Lanka Latest News

ඉන්න හිටින්න කන්න විතරක් නෙමෙයි මිනිස්සුන්ට බොන්නත් එපා වෙයි!

බීලත් හමාරයි! විස්කි බ්‍රැන්ඩි 100කින් නගී! අරක්කු 20කින් නගී! I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

‘ෆුල් බ්ලඩ් කවුන්ට්’ (FBC) එකක් කරගන්න යන්නෙ 400යි! රුපියල් 550ක් ගත්ත යාපනේ වීනස් රෝහලට උසාවියෙන් ලක්ෂ 30ක දඩයක් ගහයි! උතුරේ විතරක් නෙමෙයි දකුණේ පෞද්ගලික රෝහලුත් මේ විදිහටම අසරණ රෝගීන්ගෙන් ගසා කනවා! ඒවා ගැන 1977ට කෝල් කරලා කියන්න!  I Sri Lanka Latest News

රවී කරුණානායක යළි කරළියට! ආණ්ඩුවේ ලොකු බරක් කරට ගන්න සූදානම්ලු!

රුපියල බේරගන්න ඩොලර් විකුණනවාද? හරිනම් දැන් ඩොලර් මිලියන 8900ක සංචිතයක් තියෙන්න ඕනෑ! තියෙන සංචිතයත් ඩොලර් මිලියන 6800 ඉඳන් 6400ට බැහැලා! මහබැංකුවට ප්‍රශ්න 3ක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.