ග්‍රීන් ඒන්ජල්ස් ජාත්‍යන්තර පාසල සමග හවුල්කාරීත්වයෙන් යුතුව බිස්නස් ඩිවලොප්මන්ට් සෙන්ටර් (පුද්) සමාගම (BDC) ශ්‍රී ලංකාවේ සිසුන් තුළ ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය ඉහළ නැංවීම සඳහා නව සංකල්පයක් වන භාෂා කේන්ද්‍ර වැඩසටහන (Language Hub Programme) හඳුන්වා දෙයි.
මෙම භාෂා කේන්ද්‍ර වැඩසටහනෙහි අරමුණ වන්නේ රටේ අනාගත තරුණ පරපුර අතර ඉංග්‍රීසි භාෂා ප්‍රවීණතාවය ඉහළ නැංවීම සඳහා පදනමක් ස්ථාපිත කිරීමයි. පුද්ගලයෙකුට නව භාෂාවක් ඉගෙන ගැනීම සඳහා හොඳම කාලය වයස අවුරුදු 10ක් පමණ වූ කාලය බව බොහෝ අධ්‍යයන මගින් පෙන්වා දී ඇත. එහෙයින් කථනය, කියවීම, ලිවීම සහ සවන් දීම යන කුසලතා කෙරෙහි අවධානය යොමු කරමින් ප්‍රාථමික පාසල් අධ්‍යාපනය ලබන සිසුන්ට ඉංග්‍රීසි භාෂා අධ්‍යාපනය සහ පුහුණුව සපයා දීම සහ නිපුණතා සංවර්ධනය කිරීම භාෂා කේන්ද්‍ර වැඩසටහනෙහි පරමාර්ථය වේ.
භාෂා කේන්ද්‍ර වැඩසටහන මගින් ශිෂ්‍යත්ව විභාගය අවසන් කර ප්‍රතිඵල අපේක්ෂාවෙන් සිටින සිසුන්ට මාස 3ක වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කෙරේ. ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටි සිසුන්ට පමණක් නොව අවුරුදු 9-12 අතර වයස්වල පසුවන සිසුන්ටද මෙම වැඩසටහනට සහභාගී විය හැකිය. සිසුන් භාෂා කේන්ද්‍ර වැඩසටහන සම්පූර්ණ කළ පසු, ඔවුන්ට අනාගත ප්‍රයෝජනය සඳහා පිළිගත් සහ වලංගු සහතිකයක් ප්‍රදානය කරනු ලැබේ. මෙම වැඩසටහන සඳහා ප්‍රවේශය සුවිශේෂී ශෛලියකින් සමන්විත වන අතර එහිදී භාෂා භාවිතය සහ වචන මාලාව පුළුල් කරමින් චතුරත්වය දිරිගන්වයි.











