OPPO Sri Lanka සමාගම ‘Orange Campaign’ නමින් සුවිශේෂී විනෝදාත්මක ප්‍රවර්ධන වැඩසටහනක් ආරම්භ කිරීමට පසුගියදා කටයුතු කළේය. මේ අභියෝගකාරී කාලසීමාවේදී ශ්‍රී ලාංකිකයන්ගේ නිර්මාණශීලීත්වය පුබුදු කරවීම මෙම වැඩසටහනේ මූලික ඉලක්කය වී ඇත. OPPO F17 දුරකථන මාදිලියේ වර්ණ අතරින් එකක් වන ‘Dynamic Orange’ වර්ණය මුල්කරගෙන මෙම ප්‍රවර්ධන වැඩසටහන නිර්මාණය වී ඇති අතර, එදිනෙදා ජීවිතය වර්ණවත් කරන එක් සුවිශේෂී වර්ණයක් වන තැඹිලි වර්ණය මීට වස්තු විෂය වේ.
මෙම වැඩසටහනට සහභාගී වීම සඳහා කෙනෙකු කළ යුතු වන්නේ, කැපීපෙනෙන ලෙස තැඹිලි වර්ණය ඇතුළත් කිසියම් දෙයක් සහිත ඡායාරූපයක්, #DynamicOrange සහිතව OPPO Sri Lanka නිල ෆෙස්බුක් පිටුවට ඇතුළත් කිරීම පමණි. මෙහි විශේෂත්වය වන්නේ මෙය හුදෙක් OPPO දුරකථන භාවිතා කරන්නන්ට පමණක් සීමා නොවීමයි. ඒ අනුව ඕනෑම මාදිලියක දුරකථනයකින් ඡායාරූපය ලබාගෙන අප්ලෝඞ් කළ හැකි අතර, අවශ්‍ය වන්නේ සම්පූර්ණ රාමුව පුරා ඡායාරූපය විහිදී පැවතීම සහ එහි තැඹිලි වර්ණයෙන් යුත් දෙයක් ඇතුළත් වී තිබීම පමණි.
‘Orange Campaign’ 2020 නොවැම්බර් 09 දිනය වනතෙක් ක්‍රියාත්මක වන අතර ජයග්‍රාහකයන්ට OPPO වෙතින් වටිනා ත්‍යාග හිමිවනු ඇත.











