කොරෝනා දෙවැනි රැල්ලේ බලපෑමත් සමග විශාල සමාගම් සියල්ලම පාහේ බරපතළ මූල්‍ය අර්බූදයකට ලක්ව බදු ගෙවාගත නොහැකි වීම හේතුවෙන් රාජ්‍ය බදු ආදායම මේ වසරේ දැවැන්ත කඩාවැඩීමකට ලක්වනු ඇති බව වාර්තා වේ.
මේ වසර ආරම්භයේදී ආණ්ඩුව බදු ආදායම ලෙස රුපියල් බිලියන 800ක් අපේක්ෂා කර තිබුණද කොරෝනා දෙවන රැල්ලත් සමග එම බදු ආදායම රුපියල් බිලියන 470 දක්වා පහත වැටෙනු ඇති බව දේශීය ආදායම් දෙපාර්තමේන්තු ආරංචිමාර්ග අනාවරණය කරයි.
කෙසේවෙතත් එම ආදායම හෝ වසර අවසානය වනවිට ලබා ගත හැකි නොවනු ඇති බවත්, එය රුපියල් බිලියන 411 දක්වා පහත වැටෙනු ඇති බවත් ඔවුන්ගේ අදහස වී තිබේ.
පසුගිය වසරේද රාජ්‍ය බදු ආදායම ලෙස රුපියල් බිලියන 800ක් අපේක්ෂා කර තිබුණු අතර ඉන් රුපියල් බිලියන 785ක් උපයා ගැනීමට ආණ්ඩුව සමත්ව තිබිණ.










