රාජා එදිරිසූරිය මහතා කොළඹ වරාය නගර සංවර්ධන ව්‍යාපෘතියේ නව විධායක ව්‍යාපෘති කළමනාකරණ අධ්‍යක්ෂ ලෙස වැඩ භාරගත්තේය. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යවරයා ලෙස මෙම පත්කිරීම සිදු කර තිබේ. ඒ ඊට අදාළව ඉදිරිපත්කරනු ලැබූ කැබිනට් පත්‍රිකාවකට කැබිනට් මණ්ඩලයෙන් ලද අනුමැතිය මගිනි. මීට පෙර රාජා එදිරිසූරිය මහතා නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ (USDA) සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටියේය.
වෘත්තියෙන් කීර්තිමත් සිවිල් ඉංජිනේරුවරයෙකු වන රාජා එදිරිසූරිය මහතා ඇමෙරිකා එක්සත් ජනපදයේ නිව්ජර්සි හි Rutgers විශ්වවිද්‍යාලයෙන් ව්‍යුහාත්මක ඉංජිනේරු විද්‍යාව පිළිබඳ උපාධිය සහ විශේෂවේදී උපාධියද කැලිෆෝනියාවේ La Verne විශ්වවිද්‍යාලයෙන් රාජ්‍ය පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියද ලබා ගෙන ඇත. කැලිෆෝනියාවේ ලියාපදිංචි සිවිල් ඉංජිනේරුවරයෙකු ලෙස කීර්තිමත් සේවා ඉතිහාසයක් ඇති ඒ මහතා, එහි චිනෝ නගරයේ වසර 16කට ආසන්න කාලයක් පරිපාලක හා නාගරික ඉංජිනේරු තනතුරද හෙබවීය.











