ශ්‍රී ලංකාවේ පුද්ගලික අංශයේ විශාලතම බැංකුව මෙන්ම කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ ක්‍රියා කරන ප්‍රමුඛතම බැංකුව හැටන් නැෂනල් බැංකුව ප්‍රංශ සංවර්ධන බැංකුවට Agence Française de Développement (AFD) අනුබද්ධිත සංවර්ධන මූල්‍ය ආයතනයක් වන PROPARCO සමඟ සන්ධිස්ථානමය ගිවිසුමකට එළැඹෙමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක අරමුදලක් ලබා ගත් බව නිවේදනය කර ඇත.
මෙම සහයෝගීතාවයට එළැඹෙමින් HNBහි කළමනාකාර අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී, ජොනතන් අලස් මහතා “ගෝලීය ආර්ථික ඉතිහාසය තුළ මෙවැනි තීරණාත්මක කාලවකවානුවකදී PROPARCO සමඟ මෙම දිගුකාලීන ණය ගිවිසුමට එළැඹීමට හැකි වීම පිළිබඳව අප සතුටු වනවා. 2015 සිට PROPARCO සමඟ HNB සහයෝගීතාවයකට එළැඹුණු දෙවැනි අවස්ථාව වන්නේ මෙයයි. විශේෂයෙන්ම කොවිඞ්-19 වසංගතය පැතිරීමේ අවදානමක් පවතින මෙම අවිනිශ්චිත කාලවකවානුව තුළ ජාත්‍යන්තර මූල්‍ය ආයතන විසින් HNB කෙරෙහි තබා ඇති විශ්වාසය පිළිබඳව මෙම ගිවිසුම මගින් පැහැදිලි සාක්ෂියක් සපයනවා. මෙම දිගුකාලීන අරමුදල තුළින් මෙරට බොහෝ සෙයින් පීඩාවට පත් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය වීමට HNB හට හැකි වේවි” යනුවෙන් පැවසුවේය.











