• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ඉතිහාසය අලුත් කරන්න ඇමෙරිකාවෙන් සැලස්මක්

November 7, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
ඉතිහාසය අලුත් කරන්න  ඇමෙරිකාවෙන් සැලස්මක්
Share on WhatsAppShare on Facebook

ලෝකයේ සඳ මත පළමුවෙන් පා තැබීමේ ඉමහත් ගෞරවය හිමිවන්නේ ඇමෙරිකානු ජාතිකයෙකු වෙන නීල් ආම්ස්ට්‍රෝං වෙතය. එදා ඔහුත් සමඟින් එඞ්වින් ඕල්ඩි්‍රන් හා මයිකල් කොලින්ස්ද එම සඳේ ගමනට එකතු විය. එහිදී එඞ්වින් ඕල්ඩි්‍රන් දෙවෙනියට සඳ මත පා තැබූ අතර මයිකල් කොලින්ස්ගේ කාර්යය වූයේ ඔවුන් දෙපළ එනතුරුම මව් යානයේ පාලන කටයුතු සිදුකිරීමය. එවකට සඳ වෙතට ගිය එම මෙහෙයුම “ඇපලෝ 11” මෙහෙයුම ලෙස නම් කොට තිබූ අතර 1969 වර්ෂයේ ජූලි 16 වැනිදා එම මෙහෙයුම දියත් කෙරුණි. දැන් 2024 වර්ෂය වෙනවිට ලෝකයේ සඳ මතට පා තැබූ පළමු කාන්තාව මෙන්ම මීළඟ මිනිසාද නිර්මාණය කිරීමට “නාසා ආයතනය” සූදානමින් සිටියි. ඉතින් අපගේ මෙම සූදානම එම සඳ ගමනේ සම්පූර්ණ කතාව ඔබට පැවසීමටය.

වත්මන් ලෝකය දිනෙන් දිනම තාක්ෂණීය අතින් දියුණුවක් කරා ගමන් කළද අඩසිය වසකට ආසන්න කාලයක් පුරාවටම සඳ මත මිනිසාගේ පා සටහනක් තැබුණේ නම් නැත. එහෙත් එම අඩුවත් පුරවමින් සඳ වෙතට යෑමට දැන් දැන් “නාසා ආයතනය” අපේක්ෂා කරයි. මේ අනුව එළැඹීමට නියමිත 2024 වර්ෂය තුළ ලෝකයේ පළමු කාන්තාව චන්ද්‍රයා මතට යැවීමට එක්සත් ජනපද අභ්‍යවකාශ ආයතනය හෙවත් නාසා ආයතනය දැන් සැලසුම් කර තිබේ. එය පැවසෙන්නේ ඩොලර් බිලියන විසිඅටක සැලැස්මක් වශයෙනි. මෙම වැඩසටහන “ආටෙමිස්” ලෙස හඳුන්වන අතර 1972 වර්ෂයෙන් පසු පළමු වතාවට මිනිසුන් චන්ද්‍රයාගේ පෘෂ්ඨය මත පා තැබීමේ ක්‍රියාදාමයට කාන්තාවක්ද යොදා ගැනීමට ඔවුන් නියමිතය. මෙහිදී ගගනගාමීන් “ඔරායන්” ලෙස නම් කරනු ලැබූ “ඇපලෝ” ආකාරයේ කැප්සියුලයක ගමන් කිරීමට නියමිත අතර එය “SLS” නම් ප්‍රබල රොකට්ටුවකට සම්බන්ධ කරනු ඇති බව සඳහන් වෙයි.

සඳ මතට යෑමේ මෙම ක්‍රියාදාමය පිළිබඳව පසුගිය මාසයේ එක්සත් ජනපද වේලාවෙන් පස්වරුවේ නාසා පරිපාලක ජිම් බි්‍රඩන්ස්ටයින් අදහස් දක්වමින් පවසා සිටියේ ඩොලර් බිලියන 28 යනු සඳ මතට ගොඩබෑම සඳහා ආටෙමිස් වැඩසටහනේ ඉදිරි සිවු වසර සඳහා වන පිරිවැය බවත් SLS සඳහා අරමුදල් සහ ඔරායන් සඳහා අරමුදල් මෙන්ම මිනිසුන් ගොඩබෑමේ පද්ධතිය සහ ගගනගාමී ඇඳුම් කට්ටල එයට ඇතුළත් බවයි. ඒ වගේම මේ වෙන විට ඔවුන්ගේ සභාව සහ සෙනෙට් සභාව ඉදිරියේ ඇති අයවැය ඉල්ලීමට මිනිසුන් ගොඩ බෑමේ පද්ධතිය සඳහා 2021 වර්ෂයට අදාළ ඩොලර් බිලියන 3.2ක් ඇතුළත් වෙන බවත් මෙම ඩොලර් බිලියන 3.2 ලබා ගැනීම අතිශයින්ම වැදගත් බවත් පවසා තිබේ. ඒ කෙසේ වුවද දැනට එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය සඳ මතට ගොඩබෑමට අදාළ ඩොලර් මිලියන 600ක් වෙන් කරන පනතක් දැනටමත් සම්මත කර තිබේ. එසේ නමුත් එම රථය සම්පූර්ණයෙන් සංවර්ධනය කිරීම සඳහා මෙම නාසා ආයතනයට තවත් අරමුදල් අවශ්‍ය වෙනු ඇති බව එරටින් වාර්තා වෙයි. ජිම් බි්‍රඩන්ස්ටයින් තවදුරටත් පවසා සිටින්නේ මෙවන් දෙයකි.

“මට පැහැදිලි කිරීමට අවශ්‍යයි මිනිසුන් ගොඩබෑමේ පද්ධතියකට අරමුදල් සැපයීම ද්විපාර්ශ්වික ලෙසින් වැදගත් යැයි ඔවුන් තීරණය කර තිබීම ගැන. අද අපි නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට සුවිශේෂී ලෙස කෘතඥ වෙමු.ඩොලර් මිලියන 600ක් නියෝජනය කරන්නේ එයයි. අපි ඉල්ලන්නේ සම්පූර්ණ ඩොලර් බිලියන 3.2යි.”

පසුගිය වසරේදී එනම් 2019 ජුලි මාසයේදී ජිම් බි්‍රඩන්ස්ටයින් සී.එන්.එන්. (CNN) වෙත පවසා තිබුණේ 2024 වර්ෂයේදී සඳ මත ඇවිද යන පළමු කාන්තා ගගනගාමියා එම ක්‍රියාව ඔප්පු කර ඇති පියාසර කළ දැනටමත් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ සිටින අයෙකු බවයි. එමෙන්ම ඇය දැනට ගගනගාමී බළකායේ සිටින අයෙකු වෙනු ඇතැයිද ඔහු වැඩිදුරට පවසා තිබේ. ඒ අනුව බලන කල අපේ අදහස වන්නේ එම සුවිශේෂී අවස්ථාව බොහෝ දුරට ඇමෙරිකානු අජටාකාශගාමිනියක වූ ක්‍රිස්ටිනා කොච්ට හිමිවෙනු ඇති බවයි. ඊට හේතුව වන්නේ දැනට අභ්‍යාවකාශ ගවේෂණ ඉතිහාසය තුළ වැඩිම කාලයක් අඛණ්ඩව අභ්‍යාවකාශයේ රැඳී සිටි කාන්තාව ලෙස ඇය මෙදා වාර්තාවක් පිහිටුවා තිබීමයි. දැනට හතළිස් එක්වෙනි වියේ පසුවෙන ඇය මහ පොළොවේ සිට කිලෝමීටර් 400ක් ඉහළ “ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය” නැමැති පර්යේෂණාගාරය තුළ අඛණ්ඩව ගතකල කාලය දින 328කි. ඒ අනුව මුලින්ම සඳ වෙතට යෑමේ අවස්ථාව මෙන්ම වාසනාව බොහෝ දුරට ඇය වෙතට හිමිවීමේ ඉඩකඩ වැඩිය.


මෙම සඳ ගමන වෙනුවෙන්ම ඇමෙරිකාව විසින් “සඳ වෙත යන්නට ගගනගාමීන් ඕනෑකර තිබේ” ලෙස මීට ඉහතදී ඇබෑර්තුවක් පවා දමා තිබිණි. ඒ අනුව ඊට වර්ෂ 2020 මාර්තු මස 02 වෙනිදා සිට මාර්තු 31 වෙනිදා දක්වා අයදුම්පත් පවා බාරගැනීම සිදුවිය. නමුත් ඊට අයැදුම් කිරීමට නම් විශේෂ සුදුසුකම් රැසක්ම ඉල්ලා තිබූ අතර ඒ සුදුසුකම් කෙටියෙන් මෙසේය. සැබෑවටම සඳ වෙතට යන සෑම අයෙක්ම ගගනගාමීයෙකි. එසේ ගගනගාමීන් ලෙසට පුහුණු කිරීම සඳහා එම නාසා ආයතනය විසින් 1960 වර්ෂයේ සිට අපේක්ෂකයින් 350ක් තෝරාගන ඇති අතර මේ වනවිට ක්‍රියාකාරී ගගනගාමී සංචිතය තුළ ගගනගාමීන් 48ක් පමණ සිටියි. මේ අතර මෙහිදී සලකා බැලුණු පළමු සුදුසුකම වූයේ ඇමෙරිකානු පුරවැසිභාවයයි. එහෙත් ද්විත්ව පුරවැසිභාවය ඇති අයටද එයට අයදුම් කළ හැකිය. ඒ ඇමෙරිකානු මෙන්ම ද්විත්ව පුරවැසිභාව යන මූලික සුදුසුකමින් පසුව දෙවෙනි සුදුසුකම වන්නේ විද්‍යාව හා සම්බන්ධව ඉහළම පසුබිමක් තිබීමයි. එය නම් මූලික සුදුසුකමකි. මීළඟ සුදුසුකම වන්නේ ඉංජිනේරු විද්‍යාව හා ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, පරිගණක විද්‍යාව හෝ ගණිතය යනාදිය ඇතුළත්ව විද්‍යාව හෝ ගණිත අංශ තුළ විද්‍යාපති උපාධියක් තමන් සතුවීමයි. එයත් මෙහිදී බැලෙන විශේෂ සුදුසුකමක් වේ. තවද සුදුසුකම් ඇති වෛද්‍යවරුන්ට මෙන්ම ජාත්‍යන්තර වශයෙන් පිළිගනු ලබන පරීක්ෂණ නියමු වැඩසටහනක් සම්පුර්ණ කළ පුද්ගලයින්ටද සඳ වෙතට යෑම සඳහා මෙදා අයදුම් කළ හැකි බව පැවසෙයි. මේ අතර සඳ වෙතට යෑමට අධ්‍යාපනය පමණක්ම සෑහෙන්නේ නැති බවත් මෙහිදී කිව යුතුය. ඊට අදාළ ක්ෂේත්‍රය තුළ දෙවසරක වෘත්තීය පළපුරුද්ද හෝ ජෙට් ගුවන් යානා ප්‍රධාන නියමුවෙකු ලෙස අවම වශයෙන් පැය දහසක පියාසර කාලයක් සහිත අයෙක්ද විය යුතුය.

අප ඉහතින් පැවසූ සුදුසුකම් ටික සපුරා ඇත්නම් ඕනෑම අයෙකුට අයදුම්පත් ඉදිරිපත් කළ හැකිව තිබූ අතර ඒ ඔන්ලයින් ක්‍රමයට පමණි. එසේ ඔන්ලයින් අයදුම්පත සම්පුර්ණ කිරීමෙන් අනතුරුව ඒ හරහා ඉදිරියට පැමිණෙන අපේක්ෂකයින් පිවිසෙන ඊළඟ අදියර වන්නේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ සුවිශේෂී පරීක්ෂණය සමත්වීමයි. එයින් සමත්වෙන අය පසුව ගගනගාමී අපේක්ෂකයකු බවට පත්වෙයි. ඒත් ඉන් අනතුරුව ඒ පිරිසට තවත් වර්ෂ දෙකක කාලයක් පුහුණු හා ඇගයීම් සඳහා එකතු විය යුතුය. එම කාල පරාසය තුළදී හමුදාමය ආකාරයෙන් ජලයේ දිවි රැක ගැනීම,තාක්ෂණික නිපුණතා, රොබෝ පුහුණුවක් සහ රුසියානු භාෂා පුහුණුවට අදාළ පාඨමාලාව හැදෑරිය යුතු අතර අදාළ කාලය තුළදී සාර්ථකව එම පුහුණුව සම්පූර්ණ නොකරන අය වුවද නාසා ආයතනයේ ඇති වෙනත් කුඩා තනතුරු සඳහා තෝරාගන්නා බව නාසා ආයතනය සඳහන් කර තිබිණි.

මෙලෙස ගගනගාමීන් නැවත සඳ වෙත යැවීමෙන් ඇමෙරිකාවට අවශ්‍ය වන්නේ යළිත් අභ්‍යවකාශයේ ඇමෙරිකානු නායකත්වය අලුත් කිරීමට බව හොඳින් පැහැදිලිය. එහිදී චන්ද්‍රයාගේ දකුණු ධ්‍රැවයෙන් වටිනා අයිස් තැන්පතු නිස්සාරණය කිරීමට පවා ඔවුන්ගේ සැලසුම් කර තිබේ. එසේ කිරීමෙන් ඒ සියල්ල චන්ද්‍රයා මත රොකට් ඉන්ධන සෑදීම සඳහා භාවිත කළ හැකිය. එය පෘථිවියේ සිට ඉන්ධන ගෙනයාමට වඩා වියදම අවම කාර්යයකි. මේ අතර නාසා ආයතනය නිකුත් කළ නව ලේඛනයකින් එක්සත් ජනපද සැලස්මෙහි පළමු අදියර දක්වා තිබේ. එනම් 2021 වර්ෂය තුළදී මිනිසුන් නොමැති යානයක් සඳ වටා යවා අත්හදා බැලීම් සිදුකිරීමයි. එය “ආටෙමිස් – 1” ලෙස හඳුන්වා ඇති අතර නාසාහි මානව අභ්‍යවකාශ ගමන් ප්‍රධානී කැතී ලුඩර්ස් පවසන්නේ සියලුම වූ අවදානම් පද්ධති පරීක්ෂා කිරීම සඳහා “ආටෙමිස් – 1” ක්‍රියාවලිය පුරා මාසයක් පමණ පවතිනු ඇති බවයි. මෙම ප්‍රදර්ශන පියාසර කිරීම මඟින් “ආටෙමිස් – 2” වෙනුවෙන් ඇති අවදානම අඩු වෙන බව ඇයගේ අදහසයි. කෙසේ හෝ ඇමෙරිකාවේ අරමුණ වන්නේ 2024 වර්ෂය වන විට ලෝකයේ සඳ මතට පා තැබූ පළමු කාන්තාව මෙන්ම මීළඟ මිනිසාද නිර්මාණය කිරීමයි.

මේ අතරම විදෙස් මාධ්‍ය තවත් නවමු වූ පුවතක් පසුගියදා වාර්තා කර තිබුණි. ඒ අලුත් මාදිලියක නවමු වැසිකිළියක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ නිර්මාණය කිරීමටයි. ඒ අනුව අභ්‍යවකාශයේ පවතින ගුරුත්වාකර්ෂණයෙන් තොර තත්ත්වයන් යටතේ මනා ලෙස භාවිතා කළ හැකි අලුත් මාදිලියක වැසිකිළියක් මෙසේ අත්හදා බැලීමට සූදානම් වන්නේ ඇමෙරිකාවේ නාසා ආයතනයයි. ඔවුන් මෙම අත්හදා බැලීම සඳහා එවැනි නවමු වැසිකිළියක් ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත යැවීමට දැනට කටයුතු කරමින් සිටියි. මෙම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය යනු පෘථිවියේ සිට කිලෝමීටර් හාරසීයකට පමණ එහා ඉහළ අහසේ පෘථිවිය වටා ගමන් කරමින් ඇති අභ්‍යවකාශ පර්යේෂණාගාරයකි. එහිදී මීට පෙරදී යොදාගැනුණේ සිරුරෙන් පිටවන මල මුත්‍රා ඇදගන්නා තාක්ෂණයකි. එහෙත් මෙතෙක් පැවති එම වැසිකිළි භාවිතයේදී කාන්තා පාර්ශ්වයට යම් යම් අපහසුතා සඳහා මුහුණ දෙන්නට සිදුවී තිබේ. සැබෑවටම නාසා ආයතනය මේ උත්සුක වන්නේ ඊට සාර්ථක පිළියමක් සෙවීමටය. ඒ අනුව ඉදිරියේදී නාසා ආයතනය මෙසේ නවමු වැඩ රැසක්ම කිරීමට සූදානම් බව පැහැදිලිය.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

බලය අල්ලන්න පිටරටින් උදව් ගත්ත ලංකා ඉතිහාසයේ පළමු රජු

Next Post

කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සහාය වීමට HNB සහ PROPARCO වෙතින් ඇමෙරිකානු ඩොලර් මිලියන 60ක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ඩොලර් මිලියන 2.5ක් හැකර් ගිණුමකට බැර කිරීමේ සිද්ධියට අදාළව, CID නිලධාරීන් අධිකරණයට වාර්තා කර සිටියේ මෙවැන්නකි.Sri Lanka Latest News විමර්ශනවල...

Read more
ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

ආණ්ඩුවට හාල් සංචිතයකුත් නෑ! වී සංචිතයකුත් නෑ! ඒ අස්සේ දැනටමත් මහා නියඟයක් එන ලකුණු! මිනිස්සුන්ට ඒ පාර කන්නවත් නැතිව යයිද? I Sri Lanka Latest News

අවුරුදු 10කට පසු ප්‍රබලම එල්-නිනෝවක් එනවා! ලංකාවට ජුලි-අගෝස්තුවල නියඟයක්! බලපෑම ලබන වසරේ පෙබරවාරි මාසය වෙනකන් තියෙනවා! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.