• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සුදු පාලකයා තිගැස්සූ 1921 දළදා වැස්ස

November 7, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
සුදු පාලකයා තිගැස්සූ 1921 දළදා වැස්ස
Share on WhatsAppShare on Facebook

අප ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ සියලු ලෝක සත්වයා වෙත පතළ මහා කරුණාවෙන් තමන් වහන්සේගේම නුවණින් අවබෝධ කරගත් ශ්‍රී සද්ධර්මය පන්සාළිස් වසරක් පුරා ලෝකයාට දේශනා කොට වදාළහ. දඹදිව කුසිනාරා නුවර මල්ලව රජදරුවන්ගේ උපවර්තන නම් සල් උයනේදී පිරිනිවන් පානා මොහොත දක්වාම උන්වහන්සේ සම සිතින්, සම මෙතින් ලෝකයාට දුකින් මිදීමේ මාර්ගය පෙන්වා දුන්හ.

සම්බුදු පරිනිර්වාණයෙන් පසු ශ්‍රී දේහය ආදාහනය කළ අවස්ථාවේ ලලාට ධාතුන් වහන්සේ, අකු ධාතුන් වහන්සේ සහ සතර දළදා වහන්සේ ශේෂ වූහ. උන්වහන්සේගේ පරිනිර්වාණය සැල වූ දඹදිව රජ දරුවෝ සේනා සහිතව පැමිණ යුද්ධ කොට හෝ ගනිමියි ධාතුන් වහන්සේට සිය අයිතිය ප්‍රකාශ කළහ. සිදුවන්නට යන අර්බුදය නුවණින් දුටු ද්‍රෝණ නම් බ්‍රාහ්මණ තෙමේ සියලුදෙනා සමඟි කරවා ධාතුන් වහන්සේ අට කොටසකට බෙදා දුන්හ. එම පිරිස් සර්වඥ ශාරීරික ධාතුන් වහන්සේ නිධන් කළ චෛත්‍ය අටක් ඒ ඒ රාජ්‍යයන්හි පිහිටුවා පූජෝපහාර පැවැත්වූහ.

ලක්දිව දේශපාලන, සංස්කෘතික ඉතිහාසයේ මහත් පෙරළියක් හා අභිවෘද්ධියක් ඇති කළ ශ්‍රී දළදා වහන්සේ ලක්දිවට වැඩම වූයේ ක්‍රි.ව. 310 හි අනුරපුර කිත්සිරිමෙවන් රජු දවසය. ඛීරධාර නම් රජුගේ ඇවෑමෙන් බලයට පත් ඔහුගේ බෑණ කුමරුවෝ කළිඟු රට දන්ත පුරය වෙත පැමිණ කඳවුරු බැඳ දළදා වහන්සේ පාවා දෙන ලෙස හෝ යුද පිණිස එන ලෙස හෝ දන්වා කළිඟු රට ගුහසිව රජු වෙත හසුන්පත් එවූහ. මේ නොකන්කලු පුවත ඇසූ ගුහසිව රජු දන්ත කුමාරයන් කැඳවා මාගේ දිවි තිබෙන තුරු අන් කෙනකුට දළදා වහන්සේ නොදෙමැයි කියා හේමමාලා කුමරිය සමඟ දළදා වහන්සේ ලක්දිවට වැඩමවා ගෙන යන්නැයි ඔවදන් දී සේනා සමඟ යුද පෙරමුණට ගියහ. දන්ත ධාතුන් වහන්සේගේ ආගමනය මහාවංශය, දාඨාවංශය, දළදා සිරිත වැනි මූලාශ්‍රවල සඳහන් වෙයි.

සිංහලයේ අවසන් අග නගරය වූ ලක්දිව කන්දඋඩරට, මහනුවර, හන්තාන, බහිරවකන්ද වැනි කඳු පාමුල පිහිටි ස්වභාව සෞන්දර්යයේ කදිම නිර්මාණයකි. ඉපැරැණි රජ මාලිගා සංකීර්ණය ආසන්නයේ ඇති උඩවත්ත කැලේ සුන්දර වන පියසකි. පේරාදෙණිය පාලම පසු කළ විට නෙත ගැටෙන පේරාදෙණිය උද්භිත උiානය මනහර සුවඳ මලින් නන් විසිතුරු වදුලින් ගහනය. එය දෙස්-විදෙස් නරඹන්නන්ගේ නෙත්, සිත් පිනවන මනෝඥ වූ මල් උයනකි. නගරයම වටකොට ගලා බසින මහවැලි නදිය හා නගරය මධ්‍යයේහි ඇති කිරි සයුර නම් වූ නුවර වැව නගරයේ ස්වාභාවික විචිත්‍රත්වය වඩාත් අසිරිමත් කරවයි.

පැරැණියේදී ශ්‍රී සෙංඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රී වර්ධනපුරය වශයෙන් හැඳින් වූ මෙම නගරය පසු කලෙක කන්ද උඩරට මහනුවර වශයෙන් ප්‍රකට විය. සෙංකඩගලපුරය මුලින්ම ගම්පොළ රජ කළ තුන්වැනි වික්‍රමබාහු රජ විසින් පිහිටුවා යැයි කියැවෙන අතර, එය රාජධානියක් වශයෙන් ප්‍රතිෂ්ඨාපනය කරනු ලැබුවේ පළමුවැනි විමලධර්මසූරිය රජතුමා විසිනි. ශ්‍රී වික්‍රම රාජසිංහ රාජ සමයෙහි මහනුවර රාජධානියේ අවසානය උදාවිය.

දළදා වහන්සේ තරම් සිංහල බෞද්ධයන්ගේ භක්ති ප්‍රණාමයට ලක්වන අන් කිසි වස්තුවක් සිංහලයේ නොමැත. දුරාතීතයේ පටන්ම දළදා වහන්සේද සිංහලයන්ගේ සිතුම්, පැතුම් කෙරෙහි මෙන්ම රාජ්‍ය කටයුතු කෙරෙහිද බලපෑ අයුරු සිංහලේ ඉතිහාසය හැදෑරීමේදී පෙනේ. දළදා වහන්සේට තමන් සතුව තිබෙනතාක් සිංහලේ සතුරු ජාතීන්ට හිමි නොවන බව අපේ ආදි මුතුන් මිත්තන් තුළ තිබුණේ දැඩි විශ්වාසයකි. එදා – මෙදාතුර අප දන්ත ධාතුන් වහන්සේ වෙත ආ පරසතුරු උවදුරු අපමණය. නමුත් ඒ පරසතුරු උවදුරු දන්ත ධාතුන් වහන්සේගේ අපමණ තේජස ඉදිරියේ සුනුවිසුනු වූයේ අහසෙහි සිට පොළොවට පතිත වෙන දිය බිඳක් සේය. 1921 මැයි මාසයෙහි සුදු යැයි කියන මහත්වරුන්ගේ ලංකා රාජ්‍ය පාලන සමයේ මුළු මහනුවර නගරයම වැවක් බවට පත්වූයේ නුවර වැවෙහි වැව් බැම්මද පුපුරා යෑමට තරම් ජල කඳක් රොක් වෙමිනි. එහි අතීත කතාව මෙසේය.

1921 වැනි කාල පරිචය තුළ අප රට පාලනය කළේ ඉංග්‍රීසි ජාතිකයන් විසිනි. එකල මෙහි සිටි ආණ්ඩුකාරවරයා වූයේ චාමස් මහතාය. ඔහු මහනුවර ක්වීන්ස් හෝටලයේ සුවපහසු ආකාරයට ගතකළේය. එදා පොහෝ දිනයක් විය. බෞද්ධ ජනතාව තුළ දන්ත ධාතුන් වහන්සේ පිළිබඳ පැවැති අපමණ භක්තිය එදා ක්වීන්ස් හෝටලයේ උඩු මහලේ සිටි ආණ්ඩුකාරවරයාට ඉවසුම් නොදෙන කාරණයක් විය. එවෙලෙහි ඔහු තුළ හටගත් දැඩි කෝපය සහ වෛරය නිම වූයේ වහාම ක්‍රියාත්මක වන පරිදි කම්මල්කරුවකුට කිණිහිරක් සහ කුළුගෙඩියක් රැගෙන එන ලෙසට අණ දුන් විටය. ශ්‍රී දළදා වහන්සේ මහනුවර මද්දුම බණ්ඩාර උයනට ගෙන දළදා වහන්සේ කිණිහිර මත තැබීමට ආණ්ඩුකාරවරයා නියෝග කළහ.

‘අනේ දෙවියනේ මේවා මහ අහස – පොළොව නුහුලන අපරාධ’

අපමණ භක්තිවන්ත වූ බෞද්ධයන්ගේ එදා මුවගට පැමිණි දුක් දොම්නස ඉදිරියේ ඔවුන් හඬා වැටිණි. රාජ නියෝගය බුද්ධ නියෝගයට වඩා වූයෙන් එදා කම්මල්කරු දළදා වහන්සේ කිණිහිරය මැද තබා කුළුගෙඩිය ඔසවා වැරෙන් පහරක් එල්ල කිරීමට පහළට පාත් වූවාත් සමගම දන්ත ධාතුන් වහන්සේ එහි නොවීය.

‘අනේ සාදු… සාදු…’ කවුරුත් ඉබේම හඬනඟන්නට විය.

‘කෝ තොපේ බුද්ධා හොයාපියව්’

මෙයින් දැඩි කෝපයට පත් ආණ්ඩුකාරවරයා කෑගසන්නට වූයේ කම්මල්කරුගේ බෙල්ලෙන් අල්ලාගෙනය. එහි සිටි සියලු නිලධාරීන් දළදා වහන්සේ කුඩු වී ඇත්දැයි කිණිහිරය අතගා බැලූ නමුදු එවැනි කිසිදු ලකුණක් නොවීය. එහි වූවන්ට මරණ තර්ජන පවා එල්ල කරමින් බැණ වැදි ආණ්ඩුකාරවරයාට වූයේ මොරසූරණ වැස්සේ තෙමෙන්නටය. දොඹ ගෙඩි තරම් ලොකු වැහි පොද හිටිහැටියේ කඩාවැටෙන්නට වූයේ දළදා වහන්සේගේ ආනුභාව බලයෙනි. වැස්ස, දැන් නවතී, දැන් නවතී යනුවෙන් බලාසිටි ආණ්ඩුකාරවරයාට සිදුවූයේ තම සහචර ගෝල බාලයන් සමඟ තෙමි තෙමී ක්වින්ස් හෝටලයට දුව යෑමයි.

එදා එලෙස පටන්ගත් මහා වරුසාව දවස් ගණනාවක් එක දිගට නොනවත්වා වහින්නට විය. එහි ප්‍රතිඵලය වූයේ මුළු මහනුවරම වැවක් බවට පත්වීමයි. ශ්‍රී වික්‍රම රාජසිංහ රජු විසින් ඉදි කරන ලද නුවර වැව් බැම්ම පුපුරා කඩායෑමට තරම් වූවෙන් ආණ්ඩුකාරවරයා කලබල විය. මන්ද වැව පුපුරා ගියහොත් ක්වින්ස් හෝටලය යට වන බැවිනි. ඔහු බෞද්ධයන් අමතා දළදා වහන්සේ සෙවීමට අණ කළේය.

බෞද්ධයන් ශ්‍රී දළදා මැඳුර අවට සහ මද්දුම බණ්ඩාර උයනේ තණකොළ ගහක් නෑර ධාතුන් වහන්සේ සොයන්නට විය. එහි සිටි වියපත් බෞද්ධයන් දෙතුන් දෙනකු දළදා වහන්සේ වැඩසිටි කුටියට බියෙන් බියෙන් ඇතුළු වී උන්වහන්සේ වැඩසිටි තැන බැලූහ. කිසිදු ආපදාවක් නොමැතිව ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ සිටි තැනම ඒ ආකාරයෙන්ම දීප්තිය විහිදුවමින් වැඩසිටි බව ඔවුන් සියැසින්ම දුටූහ.

‘අනේ සාධු සාධු’

ඔවුන්ට ඉබේටම කියැවුණි.

‘අනේ සම්බුදු පියාණෙනි, අපට අනුකම්පා කළ මැනවි. සති දෙකක් තිස්සේ අපේ දුප්පත් මිනිසුන් කන්න, බොන්න නැතුව කුසගින්දරෙන් දැවෙනවා. අපට අනුකම්පා කොට සහනයක් ලබා දුන මැනවි. වරද කළේ සුද්දා වුණාට අපේ මිනිසුන්ටයි මහත් පීඩාව. අපට අනුකම්පා කළ මැනවි.’

ඔවුහු දිගින් දිගටම කන්නලව් කොට පිටිපස්සෙන් පිටිපස්සට පැමිණ දළදා මැඳුරෙන් එළියට බැසිණි. අහෝ මහා අසිරිමත් දසුනකි. වැස්ස මුළුමනින්ම නැවතිණි. එක වැහි පොදක්වත් නොවැටුණේය. එසැණින්ම බෞද්ධයන් ආණ්ඩුකාරවරයා වෙත ගොස් මේ සිදුවීම සැලකළේය. එයින් බියටපත් ආණ්ඩුකාරවරයා ආණ්ඩුකාර පදවියත් දමා පිටරටටම ගියහ.

එදා රාජාණ්ඩු, ඉංග්‍රීසි යටත් විජිතවාදීන්ගෙන් අප මුදුන් මල්කඩ වෙත පැමිණි පරසතුරු උවදුරු අපමණය. එදා පමණක් නොව නූතනයේදී එල්.ටී.ටී. ත්‍රස්තවාදීන්ගෙන්, සහරාන් වැනි බෝම්බකරුවන්ගෙන් එල්ල වූ උවදුරුවලට දන්ත ධාතුන් වහන්සේ අබියසටත් ළඟා වීමට නොහැකි වූයේ දන්ත ධාතුන් වහන්සේගේ මහත් ආශ්චර්ය නිසාවෙනි. මහනුවර දළදා මාලිගාවෙහි තැන්පත් කළ ශ්‍රී දළදා වහන්සේ 1818 සිට අද දක්වා එහි නිරුපද්‍රිතව වැඩ විසීම මුළු මහත් බෞද්ධ ජනතාවගේ අපමණ සතුටට හේතු වී ඇත.

ක්‍රිෂාණි මල්ලව

SendShareShare
Previous Post

මියගිය දිනට පසුදින බෝඩිමට ආ මිතුරා

Next Post

බොරැල්ලේ තත්ත්වය අවදානම්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.