• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

බලය අල්ලන්න පිටරටින් උදව් ගත්ත ලංකා ඉතිහාසයේ පළමු රජු

November 7, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
බලය අල්ලන්න පිටරටින් උදව් ගත්ත ලංකා ඉතිහාසයේ පළමු රජු
Share on WhatsAppShare on Facebook

පසුගිය දිනවල ඇමෙරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ශ්‍රී ලංකා සංචාරයත් සමඟ බොහෝදෙනා ඒ දෙස බැලුවේ එය ඇමෙරිකාව විසින් ශ්‍රී ලංකාවේ දේශපාලනයට අතපෙවීමේ පෙර සූදානමක් ලෙසය. ඊට තවත් ලෝක බලවතෙක් වූ චීනය දැක්වූ ප්‍රතිචාරයත් බොහෝදෙනාගේ කතාබහට ලක්වුණු සිදුවීමක් විය. ඒ සිදුවීම් සමඟ ලංකාවේ වර්තමාන දේශපාලන තත්ත්වය උණුසුම් වෙද්දී අතීතය දෙස බැලීමේදීද ලංකාවේ දේශපාලනය කෙරෙහි විදෙස් අතපෙවීම් ඕනෑ තරම් සොයාගත හැකිය.

ඒ ආකාරයට බැලීමෙදී ලක් ඉතිහාසයේ රාජාවලිය ආරම්භ වන්නේම විදේශ ආක්‍රමණිකයකුගේ පැමිණීමත් සමඟය. මහාවංශයේ සඳහන් වන්නේ සිංහල ජාතියේ ආරම්භය විජය රජුගෙන් පැවතෙනවා යැයි කියාය. ඉන් පසුව පිළිවෙළින්, පෘතුගීසි, ලන්දේසි හා ඉංග්‍රීසි ජාතීන්ගේ යටත්විජිතයක් බවට බොහෝ කාලයක් අපේ රට පත්ව තිබිණි. ඊට අමතරව විශාල වශයෙන් විදෙස් රටවල් සමඟ රාජ්‍යතාන්ත්‍රික වශයෙන්ද ඊට පරිබාහිරවද සබඳතා ගොඩනැගී තිබුණු බවට තොරතුරු අතීත මූලාශ්‍ර මගින් ඕනෑ තරම් සොයාගත හැකිය. කෙසේ වෙතත් අභ්‍යන්තර ප්‍රශ්නයක් සඳහා විදේශ හමුදාවන්ගෙන් සහාය ලබාගැනීම සම්බන්ධයෙන් ගත හැකි ආසන්නම උදාහරණය වාර්තා වන්නේ ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ පාලන සමයේදීය. ඒ එල්.ටී.ටී.ඊ. සංවිධානය මර්දනය කිරීම සඳහා ඉන්දීය හමුදාවල සහාය ලබාගැනීමය.



මේ ආකාරයට අතීතයේ සිටම විදේශයන්ගේ ආක්‍රමණවලට මෙන්ම විදේශයන්ගේ සහයෝගයෙන්ද ගොඩනැඟුණු ලංකාද්වීපයේ අභ්‍යන්තර ගැටලුවක් සම්බන්ධයෙන් මුලින්ම විදේශ හමුදාවකගේ සහාය ලබාගැනීම පිළිබඳව ඉතා රසබර විස්තරයක් අතීතය හාරා අවුස්සා බැලීමේදී සොයාගත හැකිය. ඒ ක්‍රි.ව. 38 සිට 44 දක්වා අනුරාධපුර රාජධානිය කරගෙන ලංකාද්වීපය පාලනය කළ ඉළනාග රජුගේ රාජ්‍ය පාලන සමයේදීය.

ඉළනාග රජු රාජ්‍යත්වයට පත්වන්නේ සිංහල රාජාවලියේ දෙවැනි රැජිනිය ලෙස සැලකෙන සීවලී රැජිනියගේ මාස හතරක පාලන කාලයෙන් පසුවය. ඉළනාග රජු සම්බන්ධයෙන් ඉතිහාසයේ ලියැවෙන තවත් වැදගත් කරුණක් වන්නේ ඔහු වතාවන් දෙකකදී රාජ්‍යත්වය හිමිකරගත් රජකු ලෙසය. ඔහුගේ රාජ්‍ය කාලය ගැන කියැවෙන වසර හය බොහෝ විට ඔහු දෙවැනි වර රට පාලනය කළ කාලය යැයි කියැවෙයි. සීවලී රැජිනිය සිහසුනෙන් නෙරපා දමා රජවන ඉළනාග රජුට ලම්බකර්ණවංශිකයන් සිදුකළ කුමන්ත්‍රණයකින් රජකම අහිමිවන පුවත මහාවංශය ඇතුළු ඉතිහාස ග්‍රන්ථවල සඳහන්ය.

ඉළනාග කුමාරයා හා ලම්බකර්ණවංශිකයන් අතර ගැටුම් ඇරඹෙන්නේ ඔහු රජවී නොබෝදිනකින්මය. රාජාභිශේකයට පසු උත්සවාකාරයෙන් තිසාවැවේ ස්නානය කිරීමේ චාරිත්‍රයක් එකල පැවැත ඇත. මැති ඇමැතිවරුන් ඇතුළු රාජ්‍යයට සේවාවන් සපයන සියලු නිලධාරීන් රාජ ගෞරවය දැක්වීම සඳහා මෙම අවස්ථාවට සහභාගි විය යුතුව ඇතත් ලම්බකර්ණවංශිකයෝ මෙම අවස්ථාව මඟහැර ඇත. ඔවුන් කරන ලද මෙම රාජ්‍යද්‍රෝහී ක්‍රියාවට දැඩිසේ කිපුණු ඉළනාග රජු ලම්බකර්ණවංශිකයන්ට දඬුවම් කර ඇත්තේ ඔවුන් මහාමාර්ගයක වැඩට යෙදවීමෙන්ය. එයින් නොනැවතුණු රජු එකල කුල භේදය අනුව පහත් කුලයක් යැයි සලකනු ලැබූ චණ්ඩාලයන් ඔවුන්ගේ වැඩ පරීක්ෂකවරුන් වශයෙන් යොදවා ඇත. එයින් රජු කෙරෙහි දැඩි සේ වෛර බැඳගත් ලම්බකර්ණයන් කල් වේලා බලා ඔවුන්ගේ වෛරය පිරිමසාගෙන ඇත්තේ රජුව රාජ්‍ය මාලිගාවේම සිරකර තබා රට පාලනය කරමින්ය.

මෙසේ සිරගත වන ඉළනාග රජු ලම්බකර්ණවංශිකගෙන් මිදී පලායන ආකාරය පිළිබඳව මහාවංශයේ සඳහන්ව ඇති විස්තරය ඉතාමත් විස්මයජනකය. තම ස්වාමියා මෙන්ම බිලිඳු කුමරාද ලම්බකර්ණවංශිකයන් මරාදමනු ඇතැයි බිය වූ ඉළනාග රජුගේ බිසව තම බිලිඳාව විසිතුරු ඇඳුම්පැලඳුම්වලින් සරසා මඟුල් ඇතු ඉදිරියේ තබා ඇත්තේ දාමරිකයන් අතින් බිලිඳුගේ දිවි තොරවනවාට වඩා මඟුල් ඇතුගේ පයින් පෑගී මියයෑම හොඳයි යැයි සිතාය. එහිදී තම ස්වාමියා මෙන්ම බිලිඳා වැටී ඇති අනතුර තේරුම්ගත් මඟුල් ඇතු කර ඇත්තේ බිලිඳා තම පිට උඩ තබාගෙන ගොස් රජු සිරකර ඇති සිරකුටිය බිඳ රජු බේරාගෙන කිසිදු උපද්‍රවයකින් තොරව මහාතිත්ථ නම් නැව් තොටට ඇරලවීමය. මහාවංශයේ සඳහන් ඉළනාග රජු ලම්බකර්ණ-වංශිකයන්ගෙන් බේරී පලායෑමේ විස්තරය තරමක් මතභේදාත්මක වුවත් කුමන හෝ ආකාරයකින් ඉළනාග රජු සිරගෙයින් මිදී මහාතිත්ථයෙන් නැව්නැග ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත.

ඉන්පසු ඉන්දියාවේ වසර තුනක කාලයක් රැඳී සිටි ඉළනාග රජු නැවැත රජකම ලබාගැනීමේ සැලැසුම් සකස් කර ඇත්තේ ඉන්දියාවේ ප්‍රබලයකුගේද සහාය ඇතිවය. මෙසේ වසර තුනකට පසු රජකම ලබාගැනීමේ ඉතා සාර්ථක සැලැසුමක් සහිතව ඉළනාග රජු නැඟෙනහිර වෙරළබඩ ප්‍රදේශයේ පිහිටියේ යැයි සිතිය හැකි සක්ඛරසොඛ්භය නම් ප්‍රදේශයෙන් නැවැත ලංකාවට ගොඩබැස ඇත්තේ සැලකිය යුතු ඉන්දීය යුද සේනාවක්ද සමගය. ඒ ආකාරයට ලංකාවට ගොඩබට ඉළනාග රජුගේ යුද සේනාව තවත් ශක්තිමත් වී ඇත්තේ එයට රුහුණෙන් අලුත් යුද සේනාවක් එක්වීමෙනි. මේ ආකාරයට සේනාව රැස්කරමින්, යුද සැලැසුම් සකස් කරමින් ටික කාලයක් රුහුණේ රැඳී සිටි ඉළනාග රජු ලම්බකර්ණවංශිකයන් සමඟ යුද්ධයට එළැඹෙන්නේ දැනට නිශ්චිතව හඳුනාගත නොහැකි කපල්ලඛණ්ඩක නම් ස්ථානයකදීය. එහිදී ඇතිවූ දරුණු සටනකින් පසුව ඉළනාග රජු යුද්ධය ජයගන්නේ ඔහුට ගිලිහී ගිය රජකම නැවැත තමා සතුකර ගිනිමිනි.

මේ ආකාරයට නැවැත ලංකාද්වීපයේ රාජභිෂේක වූ ඉළනාග රජතුමාගේ රාජ්‍යත්වය උදුරාගත් ලම්බකර්ණයන්ගෙන් පළිගන්නට සිතන්නේ ඔවුන් සමූලඝාතනය කරමින්ය. නමුත් ඉළනාග රජුගේ මව්බිසවුන්ගේ ඉල්ලීම පරිදි එම තීරණය වෙනස් කළ රජු ඔවුන්ට දඬුවම් කර ඇත්තේ නාසා සහ පයේ ඇඟිලි කපාදමා සමූහ වශයෙන් රථයක නංවා මංමාවත් දිගේ ප්‍රදර්ශනය කරමින්ය. කෙසේ වෙතත් ඉන්දියාවෙන් ලබාගත් යුද සහාය වෙනුවෙන් ඉළනාග රජුට ඉන්දියාවට ප්‍රතිඋපකාර දක්වන්නට වී ඇත්තේද සුළුපටු ආකාරයකින් නොවේ. ඒ වන්දිය ඔහු ගෙවා ඇත්තේ තම පුතු හට ඉන්දීය ද්‍රවිඩ කුමාරිකාවක් විවාහකර දීමෙන්ය.

ඉන් පසුව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය සඳහා විහාරාරාමවලට බොහෝ වස්තු පරිත්‍යාග කරමින් ඉතා දැහැමිව ලක්දිව පාලනය කළ ඉළනාග රජු තම වසර හයක රාජ්‍ය පාලන සමය නිමා කරන්නේ තම පුතු වූ චන්ද්‍රමුඛසිව කුමරුට රාජ්‍ය පාලනය ලබාදෙමිනි. මෙසේ වසර හයක කාලයක් ලංකාද්වීපයේ රාජ්‍යත්වය ඉසිලූ ඉළනාග රජු ඉතිහාසගත වන්නේ ලංකාවේ රජකම පිළිබඳ අරගලයකදී එක් පක්ෂයකට උදව් ලබාගැනීම පිණිස විදෙස් රටක සෙබළුන්ගේ සහාය ගත් පළමු රජු ලෙසිනි.

ඉන්දික වික්‍රමරත්න

SendShareShare
Previous Post

AIA ඉන්ෂුවරන්ස්හී ප්‍රධාන තාක්ෂණ නිලධාරී උමේෂි ද ෆොන්සේකා ඇගයුමට ලක්වේ

Next Post

ඉතිහාසය අලුත් කරන්න ඇමෙරිකාවෙන් සැලස්මක්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
Exclusive

නැග්ග රුපියල බලන් ඉද්දී බහින්න පටන් ගනී! අද 340ට කිට්ටු කරයි! I Sri Lanka Latest News

ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව තවදුරටත් අවප්‍රමාණය වී ඇති බව වාර්තා වේ.Sri Lanka Latest News අද (04) දිනයේදී මෙරට...

Read more
අශ්වයා පැන්නාට පස්සේ ඉස්තාලය වහයි! පස්දෙනෙක් මැරුණට පස්සේ කොළඹ අවදානම් මහ ගස් හා ගස් අතු අද කපන්න පටන් අරන්! VIDEO I Sri Lanka Latest News

කපන්න කියලා කාලයක් තිස්සේ බලධාරීන්ට කිව්වත් ගණන් අරන් නෑ! දිරච්ච ගස ත්‍රීවීල් එක උඩට කඩා වැටී සිසුවකු ඇතුළු තිදෙනෙක් මරුට! I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.