• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

මනාලියන් ‌වෙළෙදපොළක් පාකිස්ථානයේ – විදෙස් විත්ති

September 7, 2019
in Politics
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

ග්‍රීක ජනප්‍රවාදයට අනුව කියැවෙන ‘පැන්ඩෝරාගේ පෙට්ටිය’ pandora’s box යනු යමකුට වාසනාව ගෙන දෙන එකකි. එහෙත් එම වාසනාව තුළ තමන් නොසිතූ හිරිහැර බාධක ඇතැයිද කියයි. එසේම මෙම ‘පැන්ඩෝරාගේ පෙට්ටියෙන්’ ලබාදෙන තෑගි අතිශය වටිනා වාසනාවක් වුවත් එහි සැබෑ තත්ත්වය නම් එය ශාපයක් බැව්ය.
මෙම අපූරු කතාන්දරය ගලා එන්නේ යාබද ආසියානු දේශයක් වන පාකිස්තානයෙනි. මෙය වත්මන් පාකිස්තාන යුවතියන්ගේ එසේත් නැතිනම් තරුණියන්ගේ කතාන්දරයකි. පාකිස්තාන තරුණියන් යනු ඉතාමත් සුකුමල දේහ ස්වරූපයක් ඇති පැහැපත් සුරූපී කාන්තාවන්ය. කාලයක් පුරා මෙම තරුණියන් අයිතිකර ගැනීමට හැකිව තිබුණේ පාකිස්තානයේම තරුණයන්ටය. ඉන්දියාවේ තරුණයන්ද යම් පමණින් පාකිස්තාන තරුණියන් හිමිකර ගත්තේය. එහෙත් වෙනත් දේශයක තරුණයන්ට එම පහස ලබාගත හැකිද? එහෙත් අද එම තත්ත්වය හිමිව ඇත්තේ වෙන කිසිවකුටත් නොව ලෝකයේ නිල නොවන බලවතාටය. එනම් චීනයටය. චීනයේ තරුණයන් හෝ මැදි වයසේ පිරිමි අද සුකුමල පාකිස්තාන තරුණියන්ගේ අත ගන්නේ පාකිස්තානයටම අඩිය තබමිනි. මෙය ලොව පුදුම කරවන අලුත්ම කතාවකි.
අද පාකිස්තානය සහ චීනය යනු ගජ මිතුරන්ය. මෙයද එක්තරා රාජ්‍යතාන්ත්‍රික කසාදයකි. ලෝකයේ රටවල් බොහෝ සූක්ෂ්ම ලෙස ග්‍රහණය කරගැනීමේ ශාස්ත්‍රය මත චීනය පාකිස්තානයද ග්‍රහණය කරගත්තේ මෙයට වසර කිහිපයකට පෙර සිටය. ධන බලය සහ පිරිස් බලය නිසා චීනයට කරන්නට බැරි දෙයක් නැත. මෙසේ චීනය අද පාකිස්තානයේ විවිධ කටයුතුවල නිරතව සිටින අතර එහි අලුත්ම පිටුව පෙරළී ඇත්තේ ඉහත පාකිස්තාන යුවතියන්ගේ කතාවය. මෙය සැබැවින්ම රසවත් එකකි. පාකිස්තානයේ සීමාමායිම් තුළින්ම මෙම කතාන්දරය අසන්නට ලැබීමද විශේෂත්වයකි.
පසුගිය කාලයක් පුරාම චීනය පාකිස්තානය තුළ සිදුකරනු ලබන විවිධ සංවර්ධන ව්‍යාපෘතීන් හේතුවෙන් චීන ජාතිකයන් විශාල පිරිසක් පාකිස්තානයේ සේවය කරති. මෙවැනි වටපිටාවක් තිබියදී පසුගියදා පුවතක් වාර්තා වූයේ පාකිස්තානයෙහි අගනුවරින් බැහැර කිසාරාහද් නමැති නගරයෙහි වෙසෙන සර්ගෝඩා නමැති පාකිස්තාන ජාතිකයකු තම දියණියන් දෙදෙනා චීන ජාතිකයන් දෙදෙනකුට විකුණූ බවය. දියණියන්ගේ කැමැත්ත නොමැතිව මොහු ඉතා වංචනික ලෙස මෙම ක්‍රියාව සිදුකළ බවට වාර්තා විය. මෙම සිදුවීම පිළිබඳ අසල්වැසි පුද්ගලයන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර එහිදී තවත් කරුණු හෙළිවී ඇත්තේ මෙම පුද්ගලයා සිය දියණියන් දෙදෙනා සහ එයට පෙර තවත් තරුණියන් හතර දෙනකුම චීන ජාතිකයන්ට ලබාදුන් බැව්ය. මෙහිදී මෙම කටයුතු ඔහු පහසුවෙන් සිදුකර ඇත්තේ මෙම පාකිස්තාන ජාතිකයා චීන ඉදිකිරීම් සමාගමක සේවය කරන හෙයිනි. පසුව පොලිසිය සිදුකළ විමර්ශනයකදී හෙළිවී ඇත්තේ එම වංචනික සිදුවීම සත්‍යයක් බවය. තව දුරටත් කරුණු සොයාගෙන යද්දී එසේ චීන ජාතිකයන්ට විකුණූ තරුණියන් සොයාගැනීමට හැකිවී ඇති අතර ඔවුන් ප්‍රකාශ කර ඇත්තේ තමන්ගේ පියා චීන සමාගමක සේවය කරන බවත්, ඔහු තමන් දෙදෙනා චීන ජාතිකයන්ට අලෙවි කළ බවත්ය.
මෙහිදී අපූරු පුවතක් ලෙස වාර්තා වන්නේ මෙම පාකිස්තාන දියණියන් දෙදෙනා විකුණා ඇත්තේ ගණිකා වෘත්තියට නොව චීන ජාතිකයන් සමඟ විවාහ වීමටය. අවුරුදු 20ට අඩු වයස්වල සිටි මෙම යුවතියන් පසුව කෙසේ හෝ එම චීන ජාතිකයන්ගෙන් මිදී පැනවිත් ඇත. පසුව ඔවුන් පොලිසියට දීර්ඝ කටඋත්තරයක් ලබාදී ඇති අතර පොලිසිය ඔවුන්ගේ පියාගෙන්ද කටඋත්තර ලබාගෙන ඇත. එසේම මෙම පුද්ගලයා තවත් ගැහැනු දරුවන් හතර දෙනකුද චීන ජාතිකයන්ට විකිණීමට කටයුතු කළ හෙයින් සැකපිට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කර ඇත. තවද මෙම සිදුවීම බැරෑරුම් ප්‍රශ්නයක් හෙයින් එම තොරතුරු පාකිස්තාන අභ්‍යන්තර සහ විදේශ කටයුතු අමාත්‍යාංශයටද යොමුකර ඇත.
මේ අතර පාකිස්තානයේ මාධ්‍ය වාර්තා කර තිබුණේ මෙම සිදුවීමට පෙරද එවැනි සිදුවීම් කිහිපයක්ම පාකිස්තානය තුළින් වාර්තා වුණු බැව්ය. එනම් පාකිස්තානයේ වෙසෙන ක්‍රිස්තියානි ආගමික පවුල්වලට අයත් තරුණියන් මෙසේ චීන ජාතිකයන් සමඟ විවාහ ගිවිසගන්නා බවත්, මෑතක සිට මුස්ලිම් පවුල්වල තරුණියන්ද එසේ විවාහ ගිවිසගැනීමට කටයුතු කර ඇති බවත්ය. මෙහිදී ඇතැම් විවාහයන් එම තරුණියන්ගේ කැමැත්ත මතද, බහුතරයක් බලහත්කාරයෙන්ද සිදුවන බවට කරුණු වාර්තා වී ඇත. මෙම තත්ත්වයන්ට ගොදුරු වන්නේ පාකිස්තානයේ සිටින අඩු ආදායම්ලාභී පවුල්වල තරුණියන්ය. දැනට වසර 03ක සිට මෙම තත්ත්වය පාකිස්තානය තුළ දක්නට හැකිවී ඇත්තේ විවිධ තරාතිරමේ චීන ජාතිකයන් දහස් ගණනක් එම රට තුළ සේවය කිරීම හේතුවෙනි. මෙහිදී සමහර චීන සංවර්ධන ව්‍යාපෘතිවල සේවය කරන ඉහළ තනතුරු දරන ධනවත් චීන ජාතිකයන් කිහිපදෙනකුම පසුගිය කාලයේදී පාකිස්තාන තරුණියන් විවාහ කරගෙන ඇත. එම විවාහයන් අතරින් සමහරක් සාර්ථක අයුරින් පවතින ආකාරය පෙනෙන්ට තිබූ අතර ඔවුන් චීනයට සංක්‍රමණය වීමද සිදුව ඇත.
කෙසේ හෝ මෙම තත්ත්වයෙහි භයානක, එමෙන්ම ශෝකී පැත්තක් ඇති බවටද දැන් කරුණු වාර්තාවී ඇත. එනම් මෙසේ විවාහ කරගන්නා සමහර යුවතියන් ගණිකා සේවයේ යෙදවීම ගැනද කරුණු වාර්තාවී තිබීමය. එසේම පාකිස්තානයෙන් චීනයට ගෙනයන තරුණියන් එහිදී ලිංගික හිරිහැරවලට සහ ශාරීරික වධහිංසාවලට ලක්කිරීම ගැනද කරුණු අනාවරණ වී ඇත. එසේම මෙම තරුණියන්ගේ ජීවිතවලට හානි කරමින් මිනිස් අවයව ලබාගැනීමේ කුරිරු ජාවාරමක් ගැනද කරුණු අනාවරණ වී ඇත. එය ඉතාමත් භයානක තත්ත්වයක් බවටද මේ වන විට අනතුරු අඟවා ඇත.
මේ ආකාරයට පසුගිය වසර 02ක පමණ කාලය තුළදී පාකිස්තාන තරුණියන් 2,150ක් පමණ චීනයට රැගෙන ගොස් ඇති අතර ඔවුන් චීන ජාතිකයන් සමඟ විවාහ වුණු බවට විවිධ සත්‍ය සහ ව්‍යාජ ලියකියවිලිද ඉදිරිපත් කරමින් එසේ සිදුකර ඇත. මෙහිදී සත්‍ය ලෙසම විවාහපත් යුවල සිටින අතර ව්‍යාජ ලෙස විවාහයන් සකසාගත් පිරිස්ද සිටිති. දැනට චීන ජාතිකයෝ 5,000කට අධික පිරිසක් පාකිස්තානයේ සේවය කරති. මොවුන්ගෙන් ඇතැම් පිරිස් පාකිස්තාන තරුණියන්ට ඉතාමත් රුචි බවක් දක්වන අතර ඒ නිසා පාකිස්තාන මනාලියන්ගේ වෙළෙඳපොළක් නිරායාසයෙන්ම බිහිවී ඇත. මෙම චීන ජාතිකයන් අතර සාමාන්‍ය සේවකයන්ගේ සිට ඉතා උගත්, උසස් තනතුරු දරන පුද්ගලයන්යෝද වෙති. චීන – පාකිස්තාන ආර්ථික කොරිඩෝරයේ (තීරයේ) ව්‍යාපෘති සඳහා මොවුහු පාකිස්තානයට පැමිණ සිටිති.
මේ අතර තවත් අපූරු පුවතක් වාර්තා වන්නේ පාකිස්තානයේ සිට චීනයට යන පාකිස්තානුවෝ චීනයේදී චීන තරුණියන් විවාහ කරගැනීමය. මෙම බොහෝ පාකිස්තානුවන් ව්‍යාපාරික කටයුතු සඳහා චීනයට යන අතර එහිදී චීන තරුණියන් සමඟ මිත්‍රවී සමහරුන් විවාහයට පෙලඹී චීනය තුළම නැවතී පවුල් කති.

SendShareShare
Previous Post

සුජීව-අජිත් පක්ෂෙන් පන්නන ලියුම යවයි

Next Post

පාස්කු ‌බෝම්බයෙන් බිරිය නැතිවුණත් ලංකාවට ආදරය කරන සුද්දා

MORE NEWS

Exclusive

තායිවානයේ අලුත් ජනාධිපති ආපු ගමන් චීනයට සත්තමක් දමයි! අපිට ලොකුකම් පෙන්නන්න එන්න එපා! අපි චීනයේ කෑල්ලක් නෙමෙයි!

Exclusive

ඇමෙරිකාවෙන් එන්න යන අලුත්ම බෝම්බය! Sri Lanka Latest News

Exclusive

සාදුකින් පෙළෙන එවුන් දැන් ඉතින් නිදාගනිවු! මැයි පළවෙන පෙළපාළි සහ ආඩපාලි! Sri Lanka Latest News

Exclusive

අපිට බොරු කියන්න එපා මනුස්සයෝ! විවාද පවත්වන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

Exclusive

පාකිස්තාන වීරයා ඉම්රාන් ඛාන් හිරේ ඇතුළෙම මැරෙන්නද යන්නේ?

Exclusive

ඉරානෙට ගැහුවොත් ලෝකෙටම විනාශයක් වෙනවා! දැන් ඉඳන්ම ලෑස්ති වෙන්න!

Load More
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News
Exclusive

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන්ගෙන් පසු කොටි සංවිධානයේ නායකයා බවට පත්වූ කුමරන් පද්මනාදන් දේශපාලන තීරණ මත නිදහසේ ගත කිරීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අජිත් පී...

Read more
අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.