සුජීව සේනසිංහ හා අජිත් පී. පෙරේරා යන මහත්වරුන් එක්සත් ජාතික පක්ෂයෙන් නෙරපා හැරීමේ ලිපි පක්ෂ මහලේකම් අකිල විරාජ් කාරියවසම් මහතා විසින් අගමැතිවරයා වෙත යොමු කර ඇති බව ඉතා විශ්වාසදායක ආරංචි මාර්ග තහවුරු කරයි.
ඒ අනුව අද (07) සවස එම ලිපි පක්ෂ මහලේකම්වරයා විසින් අගමැතිවරයා වෙත යොමු කොට ඇත.
දෙදෙනාටම එරෙහිව විනය පරීක්ෂණ පැවැත්වීමට දින නියම කර තිබුණත් ඊට සහභාගී වීමට අමාත්‍යවරුන් දෙදෙනාම කටයුතු කොට නොතිබුණු අතර ඊට හේතු දැක්වීමක්ද කර නොතිබුණි.
ඒ අනුව පක්ෂ මහලේකම්වරයා විසින් ඔවුන් දෙදෙනා පක්යෙන් ඉවත් කිරීමේ ලිපිය අගමැතිවරයා වෙත යොමු කර ඇති අතර ඉදිරියේදී අදාළ ලිපිය කෘත්‍යාධිකාරී මණ්ඩලයට ඉදිරිපත් කර සම්මත කර ගැනීමට අගමැතිවරයා සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.










