වැලිබල් ෆිනෑන්ස්, දිනෙන් දින පුළුල් වන සිය ශාඛා ජාලයේ නවතම ශාඛාව පසුගියදා අම්බලන්තොට නගරයට එක් කළේය. තංගල්ල පාරෙහි, අංක 141, දරන ස්ථානයේ ස්ථාපිතව ඇති මෙම නවතම ශාඛාව සම්භාවනීය ආරාධිත අමුත්තන් හා වැලිබල් සාර්ථකත්වය සමඟ සැමදා අත්වැල් බැඳගෙන සිටින ගනුදෙනුකරුවන්ගේ සුබපැතුම් මධ්‍යයේ වැලිබල් ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව මහතා අතින් විවෘත විය.
‘දකුණු පළාතේ වාණිජ, කෘෂිකාර්මික හා ව්‍යාපාරමය කටයුතුවලින් පිරි නගරයකට පිවිසීමට ලැබීම, නව්‍යකරණයේ පුරෝගාමී වැලිබල් ෆිනෑන්ස් අපහට ඉතාමත්ම සුවිශේෂීත්වයක් ලබාදෙන බවත්, මෙම ශාඛාව හරහා ප්‍රදේශයේ ගනුදෙනුකරුවන්ගේ විවිධ මූල්‍ය අවශ්‍යතාවන් හඳුනාගෙන ඊට සරිලන නිසි විසඳුම් ලබාදීම අපගේ බලාපොරොත්තුව’ බවත් විවෘත කිරීමේ උත්සවය අමතමින් වැලිබල් ෆිනෑන්ස් කළමනාකාර අධ්‍යක්ෂ ජයන්ත රන්ගමුව මහතා ප්‍රකාශ කොට සිටියේය.
ඉතා ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් ස්ථාවරත්වය තහවුරු කරගෙන සිටින වැලිබල් ෆිනෑන්ස්, ප්‍රධාන වශයෙන් ලීසිං, ස්ථාවර තැන්පතු, ත්‍රීවීල් ලීසිං, රන් ණය, උකස් ණය, අධ්‍යාපනික ණය, ඔටෝඩ්‍රාෆ්ට් හා සුළු පරිමාණ ණය සේවාවන් නවීනතම තාක්ෂණික ක්‍රමවේද අනුගමනය කරමින් ගනුදෙනුකරුවන් වෙත ලබාදෙයි.











