හොරණ පිහිටා ඇති Bodyline ඇඳුම් කර්මාන්තශාලාවේ සේවය කරන සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වීමත් සමග සේවකයන් 6000ක් සිටින එම කර්මාන්ත ශාලාව වසා දැමීමට පාලනාධිකාරිය පියවර ගෙන ඇත.
බුලත්සිංහල ප්‍රදේශයේ පදිංචිකාරිනියක් වන මෙම තරුණිය ආසාදිත බව හෙලි වී ඇත්තේ එහි 20 දෙනෙකුට සිදු කරන බව අහඹු පරීක්ෂාවකදීය.
ඇය සමීපව ආශ්‍රය කළ සේවක සේවිකාවන් 170ක ගේ පමණ කොරෝනා පරීක්‍ෂා සිදුකර ඇති අතර එවායේ වාර්තා සදුදා ලැබෙන බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා සඳහන් කරයි.
එම සේවිකාවට වෛරසය ආසාදනය වූ ආකාරය පැහැදිලි නැති බවත්, ඇය මිනුවන්ගොඩ පොකුරට හෝ පෑලියගොඩ පොකුරට සම්බන්ධ නැති බවත් වෛද්‍යවරයා කියා සිටියේය.










