• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

ලංකාවේ සත්තු පිටරට පටවපු දෙහිවල අක්කර පහ සත්තුවත්තක් වුණු හැටි

October 24, 2020
in Mahawanshaya
Reading Time: 1 min read
A A
ලංකාවේ සත්තු පිටරට පටවපු දෙහිවල අක්කර පහ සත්තුවත්තක් වුණු හැටි
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකාවේ ප්‍රධානතම නගරය වන බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයට අයත් දෙහිවල යැයි කියූ පමණින්ම අපේ සිහියට නැඟෙන්නේ දෙහිවල පිහිටි ජාතික සත්වෝද්‍යානයයි. දෙහිවල කිවහොත් සත්වෝද්‍යානයත් සත්වෝද්‍යානය කිවහොත් දෙහිවලත් ලෙස ගහට පොත්ත සේ එය ඉතාමත් ප්‍රසිද්ධ අපූර්ව සම්බන්ධයකි. හයක් හතරක් නොතේරෙන වයසෙහි සිටින කුඩා දරුවාගේ පටන්ම ජීවිතයේ අවසන් කාල සමය ගෙවා දමමින් සිටින වැඩිහිටියා දක්වාම ඉතා ඕනෑකමින් නරඹන්නට යෑමට ප්‍රිය ස්ථානයක් ලෙස දෙහිවල සත්වෝද්‍යානයත් සඳහන් කළ හැකිය. තවද ලෝකය පුරාම විදෙස් සංචාරකයින් අතරද දෙහිවල සත්වෝද්‍යානයට හිමිවන්නේ ප්‍රමුඛස්ථානයකි. එහෙත් මෙම කරුණු කාරණා එසේ වුවද අප නොදන්නා අතීත නැත්නම් ඉතිහාස කතාවක් දෙහිවල සත්වෝද්‍යානයේ ඇත. සැබෑවටම එය දෙහිවල සත්වෝද්‍යානයේ පවතින ආකර්ෂණයට වැසී ගිය කතාවකි. එම අතීත කතාවද සමඟ අපේ අද කතාව ලෝක ප්‍රසිද්ධ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ වත්මන් කතාව ගැනය.

ඉතා දිගු ඉතිහාසයකට හිමිකම් කියන ආසියාවේ පැරණිතම සත්වෝද්‍යානයක් ලෙස සැලකෙන දෙහිවල සත්වෝද්‍යානය දෙස් විදෙස් සත්වයින් වර්ග රැසකින් සමන්විත වෙන අපූර්ව සත්වෝද්‍යානයකි. පසුගියදා අප සොයාගත් තොරතුරුවලට අනුව මෙහි ක්ෂීරපායින් විශේෂ හැත්තෑ ගණනක් මෙන්ම කුරුලු විශේෂ හැට ගණනක් උරග විශේෂ තිස් ගණනක් මත්ස්‍ය විශේෂ අසූගණනක් සමනළ විශේෂ තිස්ගණනක් සහ කුල තුනකට අයත් උභය ජීවීන් විශේෂද අදාළව සත්වයින් තුන්දහසකට ආසන්න ප්‍රමාණයක් සිටියි. එසේ වුවද අභිජනනය සඳහා නිදහස් “කුරුලු කොලනිය” වෙත පැමිණෙන පක්ෂීන්ගේ වෙනස්වීම මත මෙම දෙහිවල සත්වෝද්‍යානයේදී දැකගත හැකි සත්වයින් ප්‍රමාණය වෙනස් වෙයි. මේ අතර අද දුර්ලභ මෙන්ම වඳවීයාමේ තර්ජනයට ලක්වූ සතුන් අභිජනන මධ්‍යස්ථානයක් ලෙසද දෙහිවල සත්වෝද්‍යානය හැඳින්වෙයි. වාර්ෂිකව ලක්ෂ ගණනින් දෙස් විදෙස් සංචාරකයන් ප්‍රමාණයක් නරඹන අපූර්ව සත්වෝද්‍යානයක් ලෙසද මෙම දෙහිවල සත්වෝද්‍යානය සඳහන් කළ හැකිය.

මෙම “දෙහිවල ජාතික සත්වෝද්‍යානය” හෙවත් “දෙහිවල සත්තුවත්ත” රාජ්‍ය ආයතනයක් වශයෙන් ආරම්භ කර ඇත්තේ වර්ෂ 1936 ජූලි 03 වෙනිදාය. ඒ අනුව මෙම ගෙවෙන 2020 වර්ෂයට දෙහිවල ජාතික සත්වෝද්‍යානයට වයස අවුරුදු අසූහතරකි. වර්ෂ 1936 ජූලි 03 වෙනිදා දිනෙක දෙහිවල ජාතික සත්වෝද්‍යානය රාජ්‍ය ආයතනයක් වශයෙන් ආරම්භ කෙරුවද මෙම සත්වෝද්‍යානය ඊට පෙර පෞද්ගලික හිමිකාරිත්වයක් යටතේ පවත්වාගෙන ගොස් තිබේ. ඒ 1926 වර්ෂයේ පටන්ය. එය අද සත්වෝද්‍යානය නැරඹීම සඳහා යන එන බොහෝ දෙස් විදෙස් සංචාරකයින් ප්‍රමාණයක් නොදන්නා වූ කතාවකි. ඒ අනුව එදා එහි පෞද්ගලික හිමිකාරිත්වය දරමින් අයිතිකරු වී තිබෙන්නේ ජෝන් හාගන් බර්ග් නම් විදෙස් පුද්ගලයෙකි.

එවකට ජෝන් හාගන් බර්ග්ගේ පියා සතුව ලෝක ප්‍රකට සර්කස් කණ්ඩායමක් තිබූ බැවින් එම සර්කස් සඳහා අවශ්‍ය සත්වයින් එකතු කරගෙන නැව් මඟින් පිටරට පැටවීම ජෝන් හාගන් බර්ග් සතු රාජකාරිය විය. එදා ඒ සඳහා ජෝන් හාගන් බර්ග්ට අවශ්‍ය සතුන් නැව්ගත කරනතුරු තබාගැනීම සඳහා දෙහිවලින් අක්කර පහක භූමිභාගයක් මිලදී ගෙන තිබේ. නමුත් කාලයක් ගතවෙන විට ජෝන් හාගන් එම සතුන් නිසි ආකාරයට නඩත්තු නොකළ අතර එම නිසාම සතුන් එකින් එක මියයෑමට පටන්ගෙන ඇත. ඊට හේතුව වී ඇත්තේ ඔහු සතුන්ට ප්‍රමාණවත් පරිදි ආහාර මෙන්ම අනිකුත් පහසුකම් සපයා නොතිබීමයි. අනතුරුව මේ සම්බන්ධයෙන් එවකට මෙරට පාලනය කළ ඉංග්‍රීසි ජාතිකයන්ට ලැබුණු පැමිණිල්ලක පැමිණිලි කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් දෙහිවල පිහිටි එය වර්ෂ 1936 ජූලි 03 වැනි දින රජයට පවරා ගැනුණි. ඒ අනුව එදා සිට එය “දෙහිවල ජාතික සත්වෝද්‍යානය” යන නමින් සත්වෝද්‍යානයක් ලෙස ස්ථාපිත විය.

වර්ෂ 1936 ජූලි 03 වෙනිදා එය එසේ රජයට පවරා ගැනුණද එදා සිට 1982 වර්ෂය දක්වාම අවුරුදු 46 ක් දෙහිවල සත්වෝද්‍යානය පැවතුණේ රජයේ තිබූ විවිධ අමාත්‍යාංශ යටතේය. එහෙත් 1982 වර්ෂයේදී අංක 41 දරන ජාතික සත්වෝද්‍යාන පනත යටතේ ශ්‍රී ලංකාවේ “ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව” පිහිටුවීය. මේ අතර එදා අක්කර පහක තරම් කුඩා භූමි භාගයකින් ආරම්භ වූ සත්වෝද්‍යානයේ වත්මන් වපසරිය අක්කර 23කි. මෙදා සත්වෝද්‍යානයේ සිටින සත්වයින් ප්‍රමාණය තුන්දහසකට කිට්ටුය. අද එහි සේවකයින් ප්‍රමාණය දෙසිය ගණනකි. එවකට මෙම දෙහිවල සත්වෝද්‍යානයට මුලින්ම පත්කළ පාලකයා වූයේ එෆ්.ඊ. ගුණසිංහ මහතාය. එහි අධිකාරි තනතුරේ සිටි ඔහු 1947 වර්ෂය වෙනතුරු සත්වෝද්‍යානයේ සේවය කර තිබේ. පසුවට එහි අධිකාරි ලෙස පත්වූයේ මේජර් ඔබි්‍ර වයමන් නම් මහතාය. ඒ මහතා 1954 වර්ෂය වෙනතුරු එහි එම තනතුර දැරීය. නමුත් 1954 වර්ෂයේදී අධිකාරි තනතුර ඉවත් වී එය වෙනු÷වට අධ්‍යක්ෂ තනතුර ඇරඹුණු නිසා 1954 වර්ෂයේ සිට 1962 වර්ෂය දක්වා එම අධ්‍යක්ෂ තනතුර මේජර් ඔබි්‍ර වයමන් මහතාම දරා ඇති බවට සඳහන් වෙයි.

මේජර් ඔබි්‍ර වයමන් මහතා 1962 වර්ෂයේදී පමණ දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අධ්‍යක්ෂ ධුරයෙන් ඉවත් වූ පසු නව අධ්‍යක්ෂ ධුරයට පත්වී ඇත්තේ ලීන් ද අල්විස් මහතාය. ඔහු 1985 වර්ෂය දක්වා පුරා වර්ෂ විසිතුනක් තරම් දිගු කාලයක් එම තනතුර දරා තිබේ. මෙම දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ ස්වර්ණමය වූ යුගය ලෙස සැලකෙන්නේද ඔහු අධ්‍යක්ෂ ධුරය දැරූ පාලන කාලයයි. ඔහුගේ පාලන කාලය තුළ වරක් ආසියාවේ හොඳම ජාතික සත්වෝද්‍යානය ලෙසින් පවා දෙහිවල සත්වෝද්‍යානය ප්‍රමුඛස්ථානයේ හිමිවිය. තවද කරුණාවන්ත බව අතින් ඒ මහතා ප්‍රකට වූ අතර ලීන්ද අල්විස් මහතා සෑම දිනකම සතුන් සමීපයට ගොස් ඔවුන් සමඟ කතාබහ කළ බවද සඳහන්ය. ඒ නිසාම සත්වෝද්‍යානයේ සතුන්ද ඒ මහතාට කරුණාවන්ත වී තිබේ. පසුව ඒ මහතාගේ අඩිපාරේම ගමන් කරමින් සතුන් කෙරෙහි කරුණාවන්තව කටයුතු කිරීමට 2001 වර්ෂයේ සිට 2006 වර්ෂය දක්වා එහි අධ්‍යක්ෂ ධුරය දැරූ හෑන්ස් පෙරේරා මහතා කටයුතු කරනු ලැබීය. මේ අතර දෙහිවල සත්වෝද්‍යානය තුළ වත්මන් අධ්‍යක්ෂ ජනරාල්වරිය වන්නේ ඉෂිනි වික්‍රමසිංහ මහත්මියයි. එසේම එහි නියෝජ්‍ය අධ්‍යක්ෂිකා තනතුරේ රේණුකා බණ්ඩාරනායක, අනෝමා ප්‍රියදර්ශනී යන මහත්මීන් ඇතුළු පිරිසක් කටයුතු කරයි. තවද ශ්‍රී ලංකා ජාතික සත්වෝද්‍යානයේ පොදුජන සේවක සංගමයේ සභාපති ක්‍රිෂාන්ත ක්‍රිස්ටෝපර් මහතා වෙන අතරම දෙහිවල සත්වෝද්‍යානයේ අධ්‍යාපන නිලධාරි තනතුර දරනුයේ නිහාල් සෙනරත් මහතාය.

දෙහිවල සත්වෝද්‍යානයේ වත්මන් තත්ත්වය ගැන පැවසීමේදී කිවයුතු දේ බොහෝය. එම කිවයුතු දේවල් අතර ඇගයිය යුතු දේ මෙන්ම අඩුපාඩුද රැසකි. මුලින් ඇගයිය යුතු දේ ගැන කතාබහ කළොත් ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ තෝතැන්නක් ලෙසට දෙහිවල ජාතික සත්වෝද්‍යානය පත්වී ඇත. විශේෂයෙන්ම සත්ව සංරක්ෂණය සහ යහපැවැත්ම එහි ප්‍රමුඛ අරමුණකි. එමෙන්ම වත්මන් කාර්ය මණ්ඩලයද සත්වෝද්‍යානයේ සතුන්ට දක්වන්නේ ඉමහත් කරුණාවකි. ඒ බව අපට හොඳින්ම පසක් වූයේ දෙහිවල සත්වෝද්‍යානයට වසර 84ක් පිරුණු එහි උපන්දිනය යෙදී තිබූ දිනයේය. එදින සත්වෝද්‍යානය තුළ සතුන් වෙනුවෙන් බොහෝ දේවල් සංවිධානය කර තිබිණි. එදින සතුන්ට සෙත් පතා ආශීර්වාද පිරිතක් පවා කියවූ අතර ධර්මදේශනයක් පවා තිබූ බව අපට දැනගන්නට ලැබුණි. තවද ඒ සතුන්ගේ ස්වාභාවික ක්‍රියාකාරකම් වර්ධනය වෙන ආකාරයට ආහාරපාන ලබාදුන් බවද සඳහන්ය. ඒ දේවල් එසේ වෙනවිට මෙම සත්වෝද්‍යානයේ අඩුපාඩු කිහිපයක්ද වෙයි. එහි ප්‍රධාන අඩුපාඩුවක් වන්නේ සත්වෝද්‍යානය තුළ සිටිය යුතු ඇතැම් ප්‍රධාන සතුන් සත්වෝද්‍යානයේ මේ වන විට නොමැතිකමයි.

අපට දැනගන්නට ලැබුණු පරිදි දැනට දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින වයස්ගතම සත්වයා වන්නේ එහි ජීවත්වෙන යෝධ ඉබ්බාය. එම යෝධ ඉබ්බාගේ වත්මන් වයස අවුරුදු 108කි. දෙවෙනුවට මෙම සත්වෝද්‍යානයේ සිටින වයසින් වැඩිම සත්වයා දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ අලි ඇත් පන්තියේ නායකයා ලෙස හැඳින්වෙන “බන්දුල” හස්තියාය. මෙම “බන්දුල” හස්තියාගේ වයස අවුරුදු 77ක් පමණ වෙන බව පැවසෙයි. පෙනුමෙන් ඉතා ගාම්භීර විශාල හස්ති රාජයෙකු වෙන බන්දුල යනු දළ ඇතෙකි. වර්ෂ 1947 දී හොරොව්පතානේ වනයක අතරමං වී සිටියදී මෙම ඇත් පැටවා දෙහිවල ජාතික සත්වෝද්‍යානයට ලබාදී තිබේ. එවිට ඇත් පැටවා වයස අවුරුදු තුනක තරම් කුඩා පැටවෙකි. එදා එම ඇත් පැටවා “බන්දුල” නමින් මෙම දෙහිවල සත්වෝද්‍යානයට ලබාදී තිබේ. එදා සිටම අද වෙනතෙක් බන්දුලගේ නිවහන වන්නේ දෙහිවල ජාතික සත්වෝද්‍යානයයි.

රුවන් එස්. සෙනවිරත්න

SendShareShare
Previous Post

“හච් දැනුමයි මිලියනයයි” ජයග්‍රාහකයින්ට ත්‍යාග හා සහතිකපත්

Next Post

ඉතුරුම් ගිණුම්, ස්ථාවර තැන්පතු විවෘත කිරීම දැන් නේෂන්ස් මොබයිල් ඇප් එකෙන්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තෙල් මිල විතරනෙ ලොකුවට වැඩිවුණේ..! වෙන දේවල් ලොකුවට ඉහළ ගිහිල්ලා නෑනේ..! කොහොමද මාලිමා මන්ත්‍රීගෙ තර්කේ…! VIDEO I Sri Lanka Latest News

දැන් තියෙන්නේ වෙනස් ආණ්ඩුවක්, ඉන්ධන මිල වැඩි කළා වගේම අවස්ථාව ආවාම අඩු කරනවා බස් ගාස්තු වැඩි වීමක් දැනට නම් අවශ්‍ය...

Read more
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

මුල් ගිවිසුම ගැන හොයලත් නෑ! අහලත් නෑ! ඔස්ට්‍රේලියා සමාගමකින් ආපු ඉන්වොයිස් එකකට ගෙවලා! භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ට වෙච්ච දේ අධිකරණයේදී එළියට එයි! I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

ගොවියන්ගේ දුක අහන්න ගිය ඇමැති නාමල්ට ගොවියෝ හොඳ පාඩමක් උගන්වයි! VIDEO I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

අවුරුදු 17කට පසු LTTE සාමාජික කුට්ටි ප්‍රංශයෙන් මතුවෙයි! පැරිස් පොලිසියෙන් වෙඩි තබා මරා දමයි! I Sri Lanka Latest News

1990 සුවසැරිය නැති රටක් ගැන ඇඟ හිරි වැටෙන කතාවක් මෙන්න…

ඒ කතා බොරු! සුවසැරියෙන් නිවේදනයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.