• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Heart

නපුරු චරිත නිසා කවුරුත් මට කැමැති නෑ

October 17, 2020
in Heart
Reading Time: 1 min read
A A
නපුරු චරිත නිසා කවුරුත් මට කැමැති නෑ
Share on WhatsAppShare on Facebook

කටකාර – නපුරු චරිත වෙනුවෙන් ජීවය දීමට හැමෝටම බැහැ. ටෙලිනාට්‍යවල විතරක් නෙවේ සිනමාවෙත් නපුරු චරිත නිරූපණය කළ සුවිශේෂී කලා ශිල්පිනියක් සමඟ අප මෙවර කතා කරන්න හිතුවේ ඇය මේ දවස්වල ටෙලිනාට්‍ය කිහිපයක නපුරුකම් කරන නිසා. ඒ නපුරුකම් සුන්දර විදියට විදහාපාන වසන්ති රංවල අප සමඟ කතාබහ කළේ මේ විදියට.
වසන්ති ඉතින් කොහොමද මේ දවස්වල වැඩකටයුතු?
නිර්මාණ කිහිපයකට සම්බන්ධ වෙලා වැඩකටයුතු කරගෙන යනවා. හැබැයි ඉතින් අපට දැන් ආරක්‍ෂාකාරීව අවදානම් තත්ත්වයක තමයි වැඩ කරගෙන යන්න වෙලා තියෙන්නේ.
වසන්ති ‘නෑනලා’ රොත්තකට එකතුවෙලා කාලය ගතකරන බව අපි දකිනවා. එය ගැනත් කතා කරමුද?
නාලක මෙන්ඩිස් අධ්‍යක්‍ෂණය කළ ‘නෑනලා’ ටෙලිනාට්‍ය සතියේ දිනවල ජාතික රූපවාහිනියේ රාත්‍රි 08.30ට විකාශ වෙනවා. ‘නෑනලා’ ටෙලිනාට්‍ය ලොකු ගැම්මක් එක්ක තමයි විකාශය ආරම්භ වුණේ. ‘නෑනලා’ විකාශය වෙලා තවම වැඩි කාලයක් නැහැ. ඉතාමත් උසස් ප්‍රතිචාර ලැබෙනවා. මෙසේ දීර්ඝ ටෙලිනාට්‍ය ගැම්මත් එක්ක පටන්ගත්තත් ටික කාලයක් එක්ක ඒ දීර්ඝ ටෙලිනාට්‍යවල ගැම්ම අඩු වෙනවා. මම හිතනවා ‘නෑනලා’ තුළ එහෙම නොවේවි කියලා.
ඇත්තටම අපි දකින බහුතරයක් ටෙලිනාට්‍යවල වසන්තිගේ රඟපෑමෙත් දැක්කේ නපුරුකම තමයි. තවමත් එයින් මිදීමට උත්සාහ කරන්නේ නැතිද?
ඒ රටාවෙන් මිදීමට තමයි මමත් උත්සාහ කරන්නේ. නමුත් නපුරු චරිත සාර්ථකව කරන නිසා ඒ චරිතවලටම කතා කරනවා. සමහර නිර්මාණ මම ප්‍රතික්‍ෂේප කළා. එයින් මිදීමට.
එක පැත්තකින් වසන්ති නපුරු චරිත කියලා ප්‍රතික්‍ෂේප කරනවා. තවත් පැත්තකින් වසන්තිව ප්‍රේක්‍ෂකයන් ප්‍රතික්‍ෂේප කරනවා නේද?
අපෝ ඔව්. ‘සිඳූ’ ටෙලිනාට්‍යයේ කුමාරිව හැමෝම ප්‍රතික්‍ෂේප කරනවා. කවුරුත් මට කැමැති නැහැ. හැබැයි ‘නෑනලා’ ටෙලිනාට්‍යයේ මගේ චරිතය වෙනස්ම විදියකට ගලාගෙන යන්නේ නපුරුකම් කළාට.
ඔබ කරන චරිත හරහා ඔබ පසුපස සිටින අනෙකුත් කලා ශිල්පීන්ට විශේෂ ආකර්ෂණයක් හිමි වෙනවා නේද නිර්මාණය තුළින්?
ඇත්තටම ඔව්. ගඟක් වුණත් ගල්වල හැප්පී ගලන කොටනේ ලස්සන. අන්න ඒ වගේ තමයි මම විතරක් නෙවේ නිර්මාණයක් තුළ චණ්ඩිකම් දාන වීරයෝ නිසා අවසානයේ අහිංසකයා වීරයෙක් බවට පත්වෙනවා. ඉතින් මම නපුරු චරිත රඟපෑවත් මම පසුපස සිටින අනෙකුත් ශිල්පීන් රඟපාන චරිත තුළ විශේෂ ආකර්ෂණයක් හිමිවෙනවා.
ඔබේ දෙනෙත් ලොකු නිසාමද එවැනි චරිත ඔබට හිමිවෙන්නේ?
මගේ ඇස් දෙක ලොකුයි… සමහරු මාව අඳුරගන්නේ මගේ ඇස් දෙක නිසා. සමහර විට එහෙම වෙන්න පුළුවන්.
දැන් නපුරුකම් කළා ඇති කියලා හිතිලා වෙනත් සුවිශේෂී චරිතයක් ලැබුණොත් එය බාර ගැනීමට ඔබ සූදානම්ද?
කවුද අනේ අකැමැති. මගේ දක්‍ෂතාව පෙන්වන්න තරම් සැලකිලිමත් චරිතයක් මට තවම ලැබිලා නැහැ. මටත් ඇතිවෙලා තියෙන්නේ මේ නපුරුකම් කරලා. මට පිරිමියෙක් විදියට රඟපාන්න ලැබුණොත් මම ඒ අභියෝගයට වුණත් සූදානම්.
අම්මා වගේම දුවත් කලාවට දක්‍ෂ බව අපි දන්නවා. ඇයටත් පසුගියදා හොඳම නිළියට සම්මාන ලැබුණා නේද?
එය ගැන මට ගොඩාක් සතුටුයි. මගේ දුව තමයි සිලිඳු රංවල. ඇය පසුගියදා පැවැති රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නිළියට තේරුණා. ඇය අධ්‍යාපන කටයුතු කරන ගමන් තමයි කලා කටයුතු කරගෙන යන්නේ.
වසන්ත විතාරණගේ

SendShareShare
Previous Post

කවදාහරි මම පාර්ලිමේන්තු යනවා

Next Post

පහ සහ පහ අධිපතිගෙන් දරුවෙක්

MORE NEWS

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News
Heart

මාලනීගේ අවසන් රංගනය… ‘මොණර විලක්’ ! Sri Lanka Latest News

වීල් එක්ක ඩාන්ස් කරන රෝලර් බෝල් ගෝල් ගහන ලංකාවේ මයිකල් ජැක්සන්….! ඩාන්සින් කියන්නේ මගේ හුස්ම වගේ…! හිප්-හොප් ඉගෙන ගන්න තැනක් තිබුණේ නැහැ…! හැමෝටම හොරෙන් තනියම පුරුදු වුණා…! පිට පිට සම්මාන තුනක් ලැබුණා…! ලසන්ත ප්‍රමුදිත සිල්වා ! Sri Lanka Latest News

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News
Heart

ප්‍රේමණීය නගරයෙන් ආ ආදරණීය හිමාෂි මිස්…! කාත් එක්කවත් තරගයක නැහැ…! මම මගේ ගමන යනවා…! තවම මම ආදරය විඳින කෙනෙක් නෙවෙයි….! නිපුණි පූජිත ගුණවර්ධන I Sri Lanka Latest News

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News
Heart

ශෙහාන් දෙන්නේ මාර සපෝට් එකක්…! ඒක වචනවලින් කියන්න බැහැ…! මට ටිකක් අමාරු වුණා…! මාව පොළොවේ ගහලා කුඩුකරලා දැම්මා…! ජෙනට් ඇන්තනී I Sri Lanka Latest News

මිහිරි අයියා මාව මැටි ගොඩක් වගේ පදම් කළා…! මුස්ලිම් කෙල්ලෙක් වෙලත් මට පල්ලියෙන් සපෝට් එක දුන්නා…! අවංකව ආදරය කරන පිරිමි හරි අඩුයි…! මාව බේරගත්තේ තාත්තා…! මගේ රඟපෑම් බලන්න දැන් එයා නෑ…! නෙයි සාරා I Sri Lanka Latest News

සිනමා සක්විති වෙන්න ලැබෙන එක නෙවෙයි අභිමානය කියන්නේ… ගැලරියෙන් විසිල් පාරක් හුරේ පාරක් එන එක තමයි නළුවෙක්ගේ අභිමානය…! මැච් වෙන්නේ නැහැ කියන කතා මට අදාළ නැහැ…! ‘රැජිනියේ’ ආවාම අපි බලමු…! ජනත් වික්‍රමගේ I Sri Lanka Latest News

Load More
කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News
Exclusive

කෝටි දෙකේ කොල්ලයේ සිද්ධියට ශාන්ත බණ්ඩාරගේ පුතා රිමාන්ඩ්! I Sri Lanka Latest News

චීන ජාතිකයෙකුගෙන් රුපියල් කෝටි 2ක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටින හිටපු රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතාගේ පුත් අනුද...

Read more
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඔක්කොම විනාශයි! විපක්ෂනායක සජිත්ගෙන් අද ආණ්ඩුවට දරුණු ප්‍රහාරයක්! VIDEO I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

අධිකරණ ස්වාධීනත්වය! නීතීයේ ආධිපත්‍යය! මහජන පෙත්සම දිවුලපිටියට! PHOTOS I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩාගාරයේ උතුරන්න සල්ලි තියෙනවා කියලා අනුර කියන කතාවට නාමල් උඩහමුල්ලේදී උත්තරයක් දෙයි! I Sri Lanka Latest News

‘ප්ලාන්ටේෂන්’ කියන ඒවට කෝටි ගණන් සල්ලි දාලා තියෙනවා නම් වහාම ගිහින් ඉල්ලගන්න! දුන්නෙ නැත්නම් මහබැංකුවට කියන්න! අපි පරීක්ෂණ පටන් අරගෙනයි තියෙන්නේ..! වගාවන්වලට කෝටි ගණන් සල්ලි දාපු අයට මහබැංකු අධිපතිගෙන් දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.