• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Mahawanshaya

සෞරග්‍රහ මණ්ඩලයේ ලොකුම ගිනි කන්ද පුපුරයිද

October 17, 2020
in Mahawanshaya
Reading Time: 2 mins read
A A
සෞරග්‍රහ මණ්ඩලයේ ලොකුම ගිනි කන්ද පුපුරයිද
Share on WhatsAppShare on Facebook

සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ගිනි කන්ද කියලා කිව්වම ඔයගොල්ලෝ හිතෙනවා ඇති,
“අනේ ඒක පෘථිවියේ කොහේ තියෙනවද?” කියලා.

ඒත් ඇත්තටම සෞරග්‍රහ මණ්ඩලයේ විශාලතම ගිනි කන්ද තියෙන්නේ අඟහරුවල.

පෘථිවිය වගේම බුධ, සිකුරු, අඟහරු යන ග්‍රහලෝකවල සක්‍රිය ගිනි කඳු පවතිනවා. නමුත් සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහක වළල්ලෙන් පිටත පිහිටන බ්‍රහස්පති, සෙනසුරු, යුරේනස් සහ නෙප්චූන් යන ග්‍රහලෝක, වායුමය යෝධ ග්‍රහලෝක නිසා ගිනි කඳු පවතින්නේ නෑ.

නමුදු එම වායුමය යෝධ ග්‍රහලෝකවල පවතින චන්ද්‍රයන් තුළ පැහැදිලිව සක්‍රිය ගිනි කඳු පවතින බවට සාක්ෂි ලැබි පවතිනවා. උදාහරණක් ලෙස බ්‍රහස්පතිවල චන්ද්‍රයෙක් වෙන “අයෝ” චන්ද්‍රයාගෙ තමයි වැඩිම සක්‍රිය ගිනි කඳු ප්‍රමාණයක් පවතින්නේ. දැනට අයෝ චන්ද්‍රයා සතුව ගිනි කඳු 400කට පමණ ප්‍රමාණයක් තිබෙන බවට විද්‍යාඥයන් කියා තිබෙනවා.

මුලින්ම අපි ගිනි කන්දක් කියන්නේ මොකක්ද කියලා බලමු.

ඕනැම ග්‍රහලෝකයක මතුපිට පෘෂ්ඨයේ පිහිටන විවිරයන්වලට තමයි ගිනි කඳු ලෙස අර්ථ දක්වන්නේ. ඉතින් මෙම විවිර තුළින් ග්‍රහලෝකවල අභ්‍යන්තර තුළ පවතින ලාවා, විවිධ වායුන් සහ වායු අළුවලට ග්‍රහලෝකයේ මතුපිටට පැමිණෙන්ට උදව් වෙනවා.

ඉතින් මේ හරහා, ග්‍රහලෝකවල අභ්‍යන්තරය සිසිලනය කිරීමද,
පෘථිවි වායුගෝලයට අමතර වායුන් එකතු කිරිමද,
ඊට අමතරව අලුතින් දුපත් එකතු කිරීමද,
පෘථිවි වායුගෝලය තුල කාලගුණය වෙනස් කිරිමටද හැකියාව පවතිනවා.
ඉතින් දැන් අපි කතා කළොත් සොරග්‍රහ මණ්ඩලයේ විශාලතම ගිනි කන්ද මොකද්ද කියලා.

එය තමයි අඟහරුවල පිහිටන “ඔලිම්පස් මොන්ස්” (Olympus Mons) ගිනි කන්ද.
මෙම ගිනි කන්ද කිලෝමීටර් 21ට වඩා උස වන අතර අඩිවලින් ගත්තොත් අඩි 72,000ක්ය.

පෘථිවියේ වැඩිම උසක් වන එවරස්ට් කන්ද වගේ තුන් ගුණයක් උස වේ. (Everest Height – 7km)
ඒ වගේම සොරග්‍රහ මණ්ඩලයේ උසම කන්ද ලෙස සැලකුවත් ඔලිම්පස් මොන්ස් ගිනි කන්ද තමයි පළමු තැන ගන්නේ.

ඒ වගේම මෙම ගිනි කන්ද කෙතරම් විශාලද කියනවා නම් මෙම ගිනි කන්ද තුළට ප්‍රංශ රටේ භුමි ප්‍රමාණය දැම්මත් ප්‍රංශය තරම්ම විශාල වෙනවා. කිලෝමීටර්වලින් ගත්තොත් කිලෝමීටර් 600 පමණ පළල් වෙනවා.
විද්‍යාඥයන්ට ඊළඟට එන ප්‍රශ්නය තමයි කොහොමද මෙච්චර උසට සහ විශාලත්වයෙන් (පළලින්) මෙලස ගිනි කන්දක් බිහිවුණේ කියලා.

එවිට විද්‍යාඥයන් පළ කරන මත දෙකක් පවතිනවා. අඩු ගුරුත්වාකර්ෂණ බලය නිසා මෙච්චර උසට කන්ද වැඩුණු බවත්, අඟහරු භූ තැටිවල චලනය ඉතාමත් අඩු අගයක් මත පවතින නිසා මෙතරම් පළල් ලෙස ගොඩනැඟීමට උදව් වූ බවත්ය.

ඉතින් මෙම හේතු දෙක නිසාම ගිනි කන්ද සක්‍රිය අවස්ථාව ආ විට පිපිරී ලාවා විසිරී විශාල පිපිරීම් සිදු නොවමින් එම කන්ද වටේටම ලාවා සෙමින් ගාලා යමින් අවුරුදු මිලියන ගණනාවක් තුළ සෙමින් බිහි වූ බවයි.

ඒ වගේම 1971 දී අඟහරු වෙත ළඟා වුණ Mariner 09 චන්ද්‍රිකාව විසින් මෙම ගිනි කන්ද පැහැදිලිව ගිනි කන්දක් ලෙස හඳුනා ගන්නා ලදී.

ඉතින් මේ තමයි සෞරග්‍රහ මණ්ඩලේ විශාලතම ගිනි කන්දේ කතාව..!

ඔබට මෙම ලිපිය කියවලා, තවමත් මෙම ගිනි කන්දේ විශාලත්වය ගැන හරි හැටි තෙරුමක් නැත්තම් ඔබ අපි ජීවත්වෙන ශ්‍රී ලංකාවේ ප්‍රමාණය ගැන යම් හරි වැටහීමක් ඇති නේ,
ඉතින් ගණනය කිරීම් අනුව මෙම ගිනි කන්ද ලංකාව වගේ 05 ගුණයක් විශාල වෙනවා.

උපුටා ගැනීම අන්තර්ජාලයෙන්
එච්.ඩී. සචිත දුලංග

SendShareShare
Previous Post

යස ඉසුරු ගෙනදෙන වජ්‍ර සීනුව

Next Post

‘Cash on FD’ පහසුකම කොමර්ෂල් බැංකුවෙන්

MORE NEWS

Sri Lanka Latest News
Exclusive

මේ වාහනය ළඟට රෑට රෑට එන්නේ කැලැත්තෑවේ දොස්තර සොයිසාද? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

සුද්දෝ කපන්න හැදූ පිටකොටුව බෝධිය බේරාගත් තම්බයියා මුදලාලි I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ලක්ෂ ගණනින් මිනිසුන්ට ආශීර්වාද පූජා පැවැත් වූ දොළුකන්දේ හාමුදුරුවන්ට මොකද වුණේ? දැන් කොහෙද ඉන්නේ? I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ථූපාරාම පිළිමගෙය ආරක්ෂා කරන නාගයාගේ අබිරහස I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

ශ්‍රී මහා බෝධියේ ගිහි භාරකාරවරු බුලන්කුලම නුවරවැව පරපුර I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

මෛත්‍රී බුදුන් හා ලංකාව ගැන කියවෙන්නේ මෙහෙමයි I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.