• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

හොඳට නරකට දෙකට සෙනසුරු

September 7, 2019
in Astrology
Reading Time: 1 min read
A A
Share on WhatsAppShare on Facebook

එක් දිනක් බ්‍රහ්ම විෂ්ණු ස්කන්ධ මහේශ්වර දිව්‍ය රාජයාණන් රැස්වී සිටින දිව්‍ය සමාගමට නවග්‍රහ දෙවියෝද පැමිණ සිටියෝය. දේව සමාගමේ රැස්වීමේදී විෂ්ණු දෙවියන්ට සෙනසුරු දශාවේදී කුමන විදියේ අපලයක් කරාවිදෝ යන සාකච්ඡාවේදී සෙනසුරා මහා නීච එපා කරපු අධමයායි වශයෙන් කියවයි. මෙයින් කෝපයට පත් සෙනසුරු දෙවියෝ විෂ්ණුට කරන දෙය බලා ගනීවි යැයි අභියෝග කොට දේව සමාගමෙන් නික්ම ගියේය. විෂ්ණු දෙවියන්ද සෙනසුරා මට මොනවා කරන්නද කියා නික්ම ගියේය. විෂ්ණු දෙවියන්ට සෙනසුරු අපලය ආරම්භ විය. විෂ්ණු දෙවියෝ සෙනසුරුගෙන් බේරීමට ඇත් වේශයක් මවාගෙන මහ වනයක වර්ෂ සයක කාලයක් සෙනසුරු අපලය ගෙවෙන තෙක් සැඟව සිටි නමුත් එම කාලය තුළ බටකොළ ආහාරයට ගනිමින් මඬේ ලගින්නට සිදුවිය. මෙවැනි කටුක කාලයක් ගතකරන්නට සිදුවූයේ සෙනසුරුගේ බලපෑම නිසා බැව් විෂ්ණු දෙවියන්ට පසුව වැටහිණි.

සෙනසුරු ග්‍රහයා හොඳ කරන්නන්ට හොඳ කරන ග්‍රහයෙකි. ධාර්මිෂ්ඨ ජීවිතයක් ගතකරන්නන්ට සෙනසුරු දශා කාලය තුළ තදබල පීඩා ඇති නොකරයි. ඇතැම් අය හිටි හැටියේ විශාල ධනවතුන් කරවයි. රජවරු කරවයි. ශ්‍රී ලංකාවේ දේශපාලන ඉතිහාසය බලන කල සෙනසුරු අපල කාලයේ රටේ නායකත්වයට පත් නායකවරු ගණනාවක් සිටින අතර, ඒ පිළිබඳ වෙනම ලිපියකින් විස්තර ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙමි. මෙහි අනෙක් පැතිකඩද එසේමය. සෙනසුරු අපල කාලයේ විශාල ධනවතුන් පවා අන්ත අසරණ දුගීභාවයට පත්විය හැකිය. රජවරුන්ට පවා රජකම අහිම විය හැකිය. ජන්මියෙක් උපන් වේලාවේ සෙනසුරු සිටින පිහිටීම හා ගෝචරයෙන් සෙනසුරු ගමන් කරන ස්ථානය හා වෙනත් ග්‍රහ දෘෂ්ටි සංයෝග මත සෙනසුරු ජන්මියාට කෙසේ බලපානු ඇත්දැයි තීරණය කළ හැකිය. සිදුහත් තාපසයාද අත්තකිලමතානු යෝගයෙහි යෙදීමෙන් ශරීරයට අනේකවිධ දුක් දීමෙන් බුදුබව පසක් කළ හැකි යැයි විශ්වාස කරමින් සය අවුරුද්දක් මුළුල්ලෙහි දුෂ්කර ක්‍රියා කරමින් අපමණ දුක්ගැහැට වින්දේද සෙනසුරු අපලය යෙදීමෙන් දැයි කටවහරයේ එන කරුණකි. සත්‍යවාදී හරිශ්චන්ද්‍ර රජුට සෙනසුරු අපලය පලදීමෙන් රජකමින් පහවී දේවියගෙන්ද, දරුවන්ගෙන්ද වෙන්කර දමා සොහොන් පාලකයෙක් වීමෙන් නොයෙක් ගැහැට වින්දේය.

මෙම සෙනසුරු ග්‍රහයා කාක වාහනය පිට ගමන් කරන නුගරුක් නුග සෙවණ නුග විමනේ වාසය කරයි. කළු පැහැති ශරීරයකින් හෙබි වෙයි. වියළී ගිය ළිං, පොකුණු, ගංගා, වැව්, දියඅගල්, යුද භූමි ආදියට අධිපතිකම් කරයි. එක් අතකින් යගදාවක්ද, අනෙක් අතකින් පාරාවළල්ලක්ද ආයුධ වශයෙන් දරා සිටී. අධික රුධිර පීඩනය, ක්ලාන්තය, ආහාර අරුචිය, උණ, වණ, කාස, පිස්සු, ඉදිමුම් වැනි රෝග නිධානයන්ටද සෙනසුරුගේ බලපෑම අධිකව සිටී. මේ හැර සෙනසුරුගෙන් යෙදෙන ප්‍රධාන රෝග අතර ඇම්ම, ඇවිලිල්ල, හිසරදය, වාත රෝග, කැඩීම්, තැළීම්, කොරවීම්, සිහි මුළාවීම් වැනි රෝග, සොර භය, අමනුෂ්‍ය භය, අණ-වින දෝෂ පැමණීමද වැනි දේද සෙනසුරු ප්‍රධාන කොට බලපවත්වනු ලබයි. සෙනසුරුගේ අපලයෙන් මිදීමට අංජන කැට, කළුතල, ලොත් සුඹුළු, බැබිල, කුප්පමේණිය මේවා ජලයෙහි බහා තබා ස්නානය කළ යුතුය. නිල් මැණික් පැලැඳීමද ලෝහ භාජන, නිල් මැණික්, පොල්, තල, කොල්ල, මී දෙනුන්, සෙනසුරු දානය සඳහා යොදා ගැනීමද සුබයි.

සෙනසුරු දෝෂ ඉවත් කරගැනීම සඳහා නීල මණ්ඩල යන්ත්‍රය හෝ ශනි මෘතුංජය යන්ත්‍රය හෝ මහා මෘතුංජය යන්ත්‍රය පැලඳවීම සුබයි. දස ක්‍රෝධ බලිය, මහා නිලග රක්‍ෂය, ගෞඩි රාක්‍ෂය යන බලි ශාන්තිය සෙනසුරු දෝෂ දුරුවීම සඳහා නියමිතව ඇත.
ජ්‍යොතීර් විද්‍යාපති ජී.ඩී. අසංක වීරසිරි

SendShareShare
Previous Post

අවුරුදු 22ක පුතෙකුගේ තාත්ත වෙන්න මං කැමති නෑ

Next Post

ඩර්ඩන්ස් වෙතින් පූර්ණ දන්ත වෛද්‍ය සේවාවක්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.