ශ්‍රී ලංකාවේ විශාලතම සීඝ්‍රයෙන් අලෙවි වන පාරිභෝගික නිෂ්පාදන සමාගමක් වන යුනිලිවර් ශ්‍රී ලංකා සිය ආහාරපාන නිෂ්පාදන එකතුවට හෝර්ලික්ස් සහ වීවා යන අද්විතීය වෙළෙඳ නාමයන් එක් කොට ගනිමින් පෝෂණීය ආහාරමය පානයන් වෙත යොමු වූ බව පසුගියදා නිවේදනය කරන ලදී. එම නිවේදනය හින්දුස්ථාන් යුනිලිවර් ලිමිටඞ් සහ ග්ලැස්කෝස්මිත්ක්ලින් හෙල්ත්කෙයාර් ලිමිටඞ් අතර ඇති කරගනු ලැබූ වෙළෙඳ ගනුදෙනුවක සාර්ථක ප්‍රතිඵලයක් ලෙස සඳහන් කළ හැකිය. මේ නිවේදනයත් සමඟ හෝර්ලික්ස් සහ වීවා නිෂ්පාදනයන්හි අලෙවි සහ බෙදාහැරීමේ හිමිකාරීත්වය යුනිලිවර් සමාගම විසින් හිමි කරගනු ලැබීය.
හෝර්ලික්ස් සහ වීවා නිෂ්පාදනයන් සිය සුවිශේෂී සන්නාම අතරට එක් කර ගැනීම තුළින් ශ්‍රී ලාංකිකයන් හට ගුණාත්මක, පෝෂ්‍යදායී ආහාරපාන සැපයීමේ යුනිලිවර්හි කැපවීම තව දුරටත් සනාථ කරනු ලබයි.
යුනිලිවර් ශ්‍රී ලංකාහි ගෘහ ආරක්ෂණ, ආහාරපාන සහ ජලය පිළිබඳ අලෙවි අධ්‍යක්ෂිකා ශර්මිලා බණ්ඩාර මහත්මිය මේ පිළිබඳව අදහස් දක්වමින් සඳහන් කර සිටියේ “හෝර්ලික්ස් සහ වීවා පරම්පරා ගණනක විශ්වාසය හා ආදරය දිනාගත් පෝෂණීය සන්නාමයන් ලෙස පෙන්වා දිය හැකියි. මෙරට ආහාර සංස්කෘතිය තුළ ගැඹුරින් මුල් බැසගෙන ඇති මෙම වෙළෙඳ නාමයන් දිවයිනේ සෑම පවුලකම පාහේ එදිනෙදා මූලික පෝෂණය සලසන ආහාරයන් ලෙස සලකනු ලබන අතර ඒ ආකාරයේ නිෂ්පාදනයන් වෙනුවෙන් ශ්‍රී ලංකාවේ වෙළෙඳපොළ නියෝජනය කිරීමට ලැබීම පිළිබඳ ඉතා ගෞරවයක් කොට සලකනවා. එමෙන්ම පෝෂණය සම්බන්ධයෙන් වන අභියෝග ජයගැනීමේ අවශ්‍යතාවයෙන් යුත් ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් වැඩි සේවාවක් ලබා දීම සඳහා මෙම සන්නාමයන්හි ප්‍රමුඛ අරමුණු තව දුරටත් සවිමත් කිරීමට හැකිවීම පිළිබඳවද ඉතාමත් සතුටට පත් වෙනවා.” යනුවෙනි.











