• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ආණ්ඩු පක්ෂ රැස්වීමේදී තර්ක විතර්ක-විරෝධතා-කෑකෝ ගැසීම්-වීඩියෝ දර්ශන-ඉල්ලා අස්කර ගැනීම් EXCLUSIVE

October 10, 2020
in Exclusive, Uncategorized
Reading Time: 6 mins read
A A
ආණ්ඩු පක්ෂ රැස්වීමේදී තර්ක විතර්ක-විරෝධතා-කෑකෝ ගැසීම්-වීඩියෝ දර්ශන-ඉල්ලා අස්කර ගැනීම් EXCLUSIVE

Sri Lanka, October 25 (ANI): Sri Lanka People's Front party presidential election candidate and former wartime defence chief Gotabaya Rajapaksa and his brother former president and opposition leader Mahinda Rajapaksa looks at the manifesto book during it's launching ceremony in Colombo on Friday. (REUTERS Photo)

Share on WhatsAppShare on Facebook

20 වන සංශෝධනය ආණ්ඩුව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු විපක්ෂය පමණක් නොව ආණ්ඩු පක්ෂයේ ඇතැම් පාර්ශ්වයන්ද ඊට එළිපිටම විරෝධතා පළ කළ ආකාරයක් දැකගත හැකි විය. විශේෂයෙන්ම ආණ්ඩුව නියෝජනය කරන මැතිඇමැතිවරුන් වන විමල් වීරවංශ, උදය ගම්මන්පිල, වාසුදේව නානායක්කාර, ගෙවිදු කුමාරතුංග, විදුර වික්‍රමනායක, විජයදාස රාජපක්ෂ ආදීන් මෙම විස්සේ විරෝධය ආණ්ඩුවෙන් පිටතට පවා රැගෙන යාමට කටයුතු කළහ. ඇතැමුන් 20ට එරෙහිව ප්‍රසිද්ධියේ ප්‍රකාශ නිකුත් කළහ. සමහරු මාධ්‍ය නිවේදන නිකුත් කළහ. තවත් සමහරු ලිපි ලිවූහ. තවත් සමහරු ‘විස්ස ගැන් මම දන්නේ නෑ’ කියමින් කතා කළහ. මේ නිසාම පසුගිය සිකුරාද සවස 20 සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම දැනුවත් කිරීම සදහා විශේෂ සාකච්ජාවක් සංවිධාන විය. අගමැති මහින්ද රාජජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම සිකුරාදා සවස 3.30ට පැවැත්වෙන බවද සදහන් විය. කෙසේවෙතත් සිකුරාදා උදෑසන ජනාධිපති ලේකම් කාර්යාලයෙන් විශේෂ දැනුම් දීමක් සියලුම මන්ත්‍රීවරුන් හට සිදු කෙරුණු අතර ඉන් කියවුණේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාද සාකච්ජාවට එක්වන බවකි.

ඒ අනුව සිකුරාදා සවස ආරම්භ වූ රැස්වීමට මන්ත්‍රීවරු සියල්ලෝම පාහේ එක්ව සිටියහ. ජනාධිපතිවරයාද ඊට සහභාගී වූයේ ඒ වනවිට රටට පැමිණ සිටි චීන කොමියුනිස්ට් පක්ෂයේ ජ්‍යෙෂ්ඨතමයකු වන යැන් ජෙයිචි ප්‍රමුඛ දූත පිරිස සමග පැවැති අතිවිශේෂ සාකච්ජාවෙන් අනතුරුවය. ජනාධිපතිවරයා ඊට සහභාගී වුවද අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සාකච්ජාව ආරම්භ වූ බවක් දැකගන්නට ලැබිණ.

එළියේ කතාකරන්න යන්න එපා

ඒ අනුව මුලින්ම අදහස් දැක්වීම ආරම්භ කළේ වාසුදේව නානායක්කාරය. වාසුදේව කියා සිටියේ 20 වන සංශෝධනය ගෙන ආ යුතු වුවද එහි ඇති ඇතැම් කරුණු සම්බන්ධයෙන් ගැටලුවක් ඇති බවය. ඊට පළමුව උත්තර දුන්නේ ජාතික ලයිස්තුවෙන් පත්වූ මන්ත්‍රීවරයෙකි. ඔහු කියා සිටියේ ඇතැමුන්ට මේ පිළිබදව විවිධ මත තිබිය හැකි වුවත් විවේචන ඉදිරිපත් කිරීමෙන් වැළකී සිටිය යුතු යැයි කියාය. ඔහුගේ මේ කතාවෙන් වාසුට ටිකක් කේන්ති ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ අනුව වාසු කීවේ ‘මොන එහෙකටද එහෙනම් මේ සාකච්ජාව කැදවූයේ’ යැයි කියාය. එවිට ජාතික ලයිස්තු මන්ත්‍රීවරයා කීවේ, ‘නෑ ඇමැතිතුමා මෙතන විවේචන සියල්ල ඉදිරිපත් කරන්න පුලුවන්. ඒ වුණත් එළියෙ ඒවා කතා කරන්න එපා කියලයි මම කිව්වේ…’ කියාය.

ඉන් අනතුරුව කතා කිරීම ආරම්භ කළේ ගෙවිදු කුමාරතුංගය. ගෙවිදුද 20ට එ‌‌රෙහි කදවුර නියෝජනය කරන්නකු වීම නිසා ආරම්භයේ සිටම ගෙවිදු විස්සේ අඩුපාඩු පෙන්වා දීමට කටයුතු කළේය. මැතිවරණ සමයේදී අප දුන් පොරොන්දු ඉටු කිරීමට කටයුතු කළ යුතු බවද ගෙවිදු කියා සිටියේය.

ජනාධිපති විස්සේ අරමුණ පහදයි

මේ ආකාරයට ගෙවිදු අදහස් දක්වමින් පොරොන්දු ගැන කතා කරද්දී ජනාධිපතිවරයාටද තරමක් කේන්ති ගිය ආකාරයක් දැකගන්නට ලැබිණ. ඒ අනුව තරමක් උස් හඩින් ජනාධිපතිවරයා සිය අදහස් දක්වන්නට පටන් ගත් ආකාරයක් පෙණින.

‘මටත් උවමනා මම රටට දුන් පොරොන්දු ඉටු කරන්න තමයි. මම ජන්දෙදි දිගටම කිව්වේ 19 අහෝසිි කරනවා කියලයි. මේක තියාගෙන අපිට වැඩක් කරන්න බෑ. ගම්වලට ගියාම මිනිස්සු කියන්නේ ගමේ වැඩ ටික කරලා දෙන්න කියලයි. ඒ අය 19 ගැන හරි 20 ගැන හරි දන්නෙ නෑ. දැන් මම ඇවිත් අවුරුද්දක් වෙන්න එනවා. 19ත් එක්ක හරියට වැඩක් කරන්න බෑ. නිලධාරීන් බයයි වැඩ කරන්න. ඒ අය හිතන්නෙ එෆ්සීඅයිඩී යන්න වෙයි කියලයි. මම එකපාරක් හල්දුම්මුල්ලෙදි නිලධාරියෙක්ට වැඩක් කරන්න කිව්වාම එයා මට කියනවා චක්‍රලේඛයක් එවන්න කියලා. එහෙම කොහොමද වැඩක් කරන්නෙ. දැන් මේ 19 ගෙනාපු කට්ටිය පාර්ලිමේන්තුවෙත් නෑ. සමහරු රටෙත් නෑ. මේ විදිහට ගියොත් අපිටත් වෙන්න ඒකම තමයි. අපි කොහොමත් අලුත් ව්‍යවස්ථාවක් ගේනවා. එතකම් වැඩ කරන්න තමයි අපි 20 ගේන්නේ. 19 තවදුරටත් තිබුණා නම් අද මෙතන ඉන්නෙත් රනිලුයි මෛත්‍රීයි තමයි….’ යැයි කියමින් ජනාධිපතිවරයා අදහස් දක්වද්දී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඉදිරිපෙළ අසුනක සිටියද කිසිදු වචනයක් නොකියා සාවදානව අසා සිටි ආකාරයක් දැකගන්නට ලැබිණ.

ගෙවිදුට විශාල විරෝධයක්

කෙසේවෙතත් ජනාධිපතිවරයාගේමේ අදහස් දැක්වීමට පසුවද ගෙවිදු යම් යම් අදහස් දැක්වීමට නැගී සිටියත් පසුපෙළ සිටි මන්ත්‍රීවරුන්ගෙන් ගෙවිදුට විරෝධයක් එල්ල වන ආකාරයක් දැකගන්නට ලැබිණ.

‘මෙයා මේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු ආපු නිසා ගමේ මිනිස්සුන්ගෙ තියෙන ඉල්ලීම් මෙයා දන්නේ නෑ. ඔබතුමා දැන්වත් සද්ද නැතිව ඉන්නකෝ…’ යනුවෙන් එක් මන්ත්‍රීවරයෙක් කියද්දී තවත් මන්ත්‍රීවරයකු කීවේ ‘කව්රු මෙයා පත්කළාද දන්නෙ නෑ.. යැයි කියාය.

කෙසේවෙතත් ගෙවිදුට එරෙහිව විරෝධය වැඩිවෙද්දී මැදිහත් වූ අගමැති මහින්ද රාජපක්ෂ මහතා කියා සිටියේ ගෙවිදුට කතාකරන්න ඉඩ දෙන්න යැයි කියාය.

සබ්‍රි මෛත්‍රිගේ වීඩියෝවක් ප්ලේ කරයි

ඉන් අනතුරුව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා 20 පිළිබදව මන්ත්‍රීවරුන්ට පැහැදිලි කිරීමක් කළේය. සබ්‍රි සිය කතාව කළේ විස්ස සම්බන්ධයෙන් විස්සේ පියවරුන් වූ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න ආදීන් දැක්වූ අදහස් ඇතුළත් වීඩියෝවක්ද මන්ත්‍රීවරුන් හමුවේ විකාශය කරමිනි. එහිදී මෛත්‍රීපාලගේ වීඩියෝවේ දැක්වුණේ එදා 19 හේතුකොට ගෙන තමන්ට කිසි වැඩක් කරගන්න ලැබුණේ නෑ යනුවෙන් මෛත්‍රී කළ ප්‍රකාශයකි. ජයම්පතිගේ වීඩියෝවේ දැක්වුණේ 19 හදුන්වා දුන් අරමුණු ඉටුකරගැනීමට යහපාලන ආණ්ඩුවට නොහැති වූ බවකි. සබ්‍රී මෙම වීඩියෝව විකාශය කරද්දී සභාවේ සිටි මැතිඇමැතිවරුන් මෛත්‍රීගේ මුහුණ දෙස බලද්දී මෛත්‍රීද තමන්ට නොවේ වගේ සිටින ආකාරයක් දැකගත හැකි විය.

විමල්ට ජනාධිපති උත්තර දෙයි

ඉන් අනතුරුව විමල් කතාව ආරම්භ කළේ ‘විස්ස සකස් කිරීමේදී යම් යම් අතපසුවීම් සිදුවෙලා තියෙනවා’ යැයි කියමිනි. ඒ අනුව විමල් විස්සේ අඩුපාඩුකම් ගැන විස්තරයක් මන්ත්‍රී කණ්ඩායම හමුවේ තැබීමට කටයුතු කළේය. කෙසේවෙතත් සැලකිල්ලෙන් යුතුව විමල්ගේ අදහස් අසා සිටි ජනාධිපතිවරයා ඊට දුන් පිළිතුරෙන් මුලු සභාවම නිශ්ශබ්දව ගිය ආකාරයක් දැකගන්නට තිබිණ.

‘විස්සේ එදා නොතිබුණු කිසි දෙයක් නෑ. 77 ඉදන් තිබ්බ දේවල් තමයි විස්සෙ තියෙන්නේ. මේ ඔක්කොම කතා හැදුවෙ අපේ ඇතුළෙම ඉන්න අය. ඒ අය තමයි එළියෙ මේවා කතාතරලා වෙනස් මතයක් රට ඇතුළෙ හැදුවෙ. මම කොහොමත් අලුත් ව්‍යවස්ථාවක් හදනවා. ඊට කලින් මට රට හදන්න අවශ්‍යයි. ඒකට මට මැන්ඩේට් එකක් දීලා තියෙනවා….’ යනුවෙන් ජනාධිපතිවරයා කියද්දී ඉන් එහාට කවුරුත් කතා කරන්න ගියේ නැත.

විමල් නිමල්ට කියපු වචනය ඉල්ලා අස්කර ගනී

ඉන් අනතුරුව මැති අමැතිවරු බොහෝ දෙනෙක් විස්සට පක්ෂව අදහස් දක්වන ආකාරයක් දැකගත හැකි විය. පවිත්‍රා වන්නිආරච්චි, තිස්ස කුට්ටිආරච්චි, සංජීව එදිරිමාන්න, එස්. බී. දිසානායක, නිමල් සිරිපාලද සිල්වා ඒ අතර වූහ. මෙහිදී නිමල් විස්සට පක්ෂව අදහස් දක්වා අවසන් වීමත් සමග විමල් ඔහුට එරෙහිව අදහස් දැක්වීම විශේෂ සිදුවීමක් විය.

‘ජනාධිපතිතුමනි මේ අය කියන දේවල් විශ්වාස කරන්න එපා. එදා මම කැබිනට් එකේ විස්ස ගැන කතා කළාම කැබිනට් එක ඉවර වෙලා මෙයාම තමයි මගේ ළගට ඇවිල්ලා එක්සලන්ට් ස්පීච් විමල් කියලා කිව්වේ. මේ අය මහ ‘……….’ (මාධ්‍යයේ සදහන් කළ නොහැකි වචනයකි)’ යනුවෙන් විමල් නිමල්ට කී වචනයෙන් අගමැතිවරයාටද කේන්ති ගිය ආකාරයක් දැකගත හැති විය. ඒ අනුව අගමැතිවරයා විමල්ට කීවේ වහාම එම වචනය ඉල්ලා අස්කර ගන්න යැයි කියාය. විමල්ද වහාම එම වචනය තමා ඉල්ලා අස් කර ගන්නා බව කීමත් සමග ඉන් එහාට එම සාකච්ජාව ඇදී ගියේ නැත.

වාසු අන්තිමේදී කළ කතාව

අවසානයේදී වාසුදේව කතා කරමින් අපූරු අදහස් දැක්වීමක් කළේය. වාසු කියා සිටියේ මේ ආකාරයටම එදා 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය රැගෙන එද්දීද තමන් විරෝධය පළ කළ බවකි.

‘ජනාධිපතිතුමනි මම අද විස්සට විරුද්ධව අදහස් දක්වනවා වගේම එදා මහින්ද ජනාධිපතිතුමා 18 අරගෙන එද්දිත් විරෝධය පළ කළා. එදත් 18 ගැන හෝටලයක පැවැති වැඩමුලුවකදිත් මම ඒකට විරෝධය පළ කළා. හැබැයි 18ට තිබ්බ ජන්ද විමසුමේදි මම ඒකට පක්ෂව ජන්දය දුන්නා. එදා මම ජන්දය දෙද්දි යූඑන්පී එකෙන් මට හූ තිබ්බා. එදා 18ට වගේම අදත් මම විස්සට විරුද්ධයි. හැබැයි ආණ්ඩුව තීන්දුවක් ගත්තාම මම ඒකට පක්ෂව ජන්දය දෙනවා…’ යනුවෙන් වාසු කියා සිටියේය.

කපිල පුුංචිමාන්නගේ

SendShareShare
Previous Post

යුනිලිවර් ශ්‍රී ලංකා සමඟ හෝර්ලික්ස් සහ වීවා නව ගමනක් අරඹයි

Next Post

20 ගැන රහසිගත තීන්දුව මහින්දට: ඇරලා බලන්නේ සඳුදා

MORE NEWS

ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ඒරාෂ්ටකයේදී රජෙකුගේ වුණත් රාජ්‍යය විනාශ වෙනවා! හිරේ විලංගුවේ වැටෙනවා! අපල සඵල කරගන්න විදිය මෙන්න! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
ඉදිරියට මුහුණ දීමට ඇත්තේ එදා මෙදා තුර විශාලතම ප්‍රතිසංස්කරණ ප්‍රයත්නයට සහ නැවත ගොඩනැඟීමේ කාර්යභාරයට! විනාශයේ තරම ගැන අනුමාන තක්සේරු එතරම් බරපතළයි! නියත වශයෙන්ම අපි පෙර තිබූ තැනට වඩා හොඳ රටක් ගොඩනඟනවා! මෙතැන් සිට එය පටන් ගත යුත්තේ බිංදුවේ සිට වුවත් අපි ඒ අභියෝගය භාර ගන්නවා! අනුර ජාතිය අමතමින් කියයි! I Sri Lanka Latest News
Exclusive

අනුර ඉන්නේ නෑ කියපු රට වටේ තියෙන ජනාධිපති මන්දිරවල ගිය අවුරුද්දේ තුන්දාහකට වඩා පිරිසක් නවාතැන් අරන්! වියදම කෝටි 3 පැනලා! Sri Lanka Latest News

2025 වර්ෂයේදී රටපුරා ඇති ජනපති මන්දිරවල ජනාධිපතිවරයා නවාතැන් නොගත්ත ද ඉන් බොහෝමයක විවිධ පුද්ගලයන් 3,089 දෙනෙකු නවාතැන් ගෙන ඇති බව ජාතික...

Read more
වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

වේදිකාවේ රඟපාලා ඊජිප්තුවත් හොල්ලලා සිනමාව අල්ලපු කෙල්ලෙක්…! හර්ෂි වික්‍රමසිංහ I Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

කැපිලි කෙටිලි අස්සේ බඹරෙක් ඇවිත් විනූට දුන්න සම්මානේ…! විනූ පෙරේරා I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

යසපාලිත නිර්මාණයක්.. රස සාගරයක්! යුක්තියද? ශක්තියද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.