සිය න්‍යාය පත්‍රය ඉදිරියට ගෙන යමින් තරුණ ශ්‍රී ලාංකිකයින් අතර ඉතිරි කිරීමේ පුරුදු දිරිමත් කිරීමේ ප්‍රයත්නයන්ට ශක්තියක් වෙමින් දිවයිනේ ප්‍රමුඛතම පාරිභෝගික බැංකුව වන හැටන් නැෂනල් බැංකුව (HNB) මෙරට වඩාත් ගෞරවනීයම පාසල වන කොළඹ රාජකීය විද්‍යාලයේ HNB ශිෂ්‍ය ඉතුරුම් ඒකකය සම්පූර්ණයෙන් නවීකරණය කිරීමෙන් පසු පසුගියදා උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.
මෙම නව ඒකකය පාසලේ පැවති විශේෂ උත්සවයක් අතරතුර විවෘත කරන ලද අතර කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී. ඒ. අබේරත්න මහතා සමඟ HNB හි පාරිභෝගික බැංකු සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීල සන්ජේ විජේමාන්න මහතා, රාජකීය විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය විදුහල්පති වී- එස්- ගුණතිලක මහතා, පාසලේ අංශ භාර ප්‍රධානීන්, සංවර්ධන සමිතිවල ප්‍රධානීන්, ගුරුවරුන් හා සිසුන් ඇතුළු පිරිසක් මෙම උත්සවයට සහභාගි විය.
“පාසලේ විවෘත කරන ලද මෙම නවතම HNB ශිෂ්‍ය ඉතුරුම් ඒකකයත් සමඟ මෙම වැදගත් සන්ධිස්ථානමය අවස්ථාව සැමරීමට ලැබීම ගැන අප සතුටු වෙනවා. අනාගතය වඩාත් සාර්ථක කරගැනීම සඳහා පාදක වන නව තාක්ෂණයන්ට හුරු කරවමින් හා මූල්‍ය වශයෙන් වගකිව යුතු හා ඉතිරි කිරීමේ පුරුද්ද වර්ධනය කිරීම වැනි ජීවිතය සාර්ථක කරගැනීමට අවශ්‍ය අත්‍යාවශ්‍ය කුසලතා පිළිබඳව මූලික ආරම්භයක් HNB හි සහාය ඇතිව සිසුන්ට ලබාදීමට අපට දැන් හැකිව තිබෙනවා” යනුවෙන් කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති බී.ඒ. අබේරත්න මහතා පැවසුවේය.











