• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Astrology

ඔබත් ගණ දෙවියන් යාළු කරගන්න

October 3, 2020
in Astrology
Reading Time: 1 min read
A A
ඔබත් ගණ දෙවියන් යාළු කරගන්න
Share on WhatsAppShare on Facebook

මේ දිනවල නිතර නිතර ඇසෙන කතාවක් තමයි ගණ දෙවියන් යාළු කරගැනීම කියන කතාව. ඇත්තටම එහෙම ගණ දෙවියන්ව කාට හරි ඕන විදියට යාළු කරගන්න පුළුවන්ද කියලා හරියටම හොයලා බලන එක වැදගත් කියලා අපට හිතුණා. මොකද ගණ දෙවියන් ප්‍රසිද්ධියක් උසුලන්නේ අධ්‍යාපනය වගේම, නුවණටයි. එනිසා මේ මාතෘකාවේදී අධ්‍යාපනය ලබන වයසේ සිටින පිරිස තරමක් කලබල වෙනවා. එහෙම නැත්නම් ගණ දෙවියන් යාළු කරගත්තොත් සේරම හරි කියලා හිතන්න පෙලඹෙනවා. අද වෙද්දි ගණ දෙවියන් යාළුකර ගැනීම සම්බන්ධයෙන් වැඩමුළු පවා පැවැත්වෙනවා. හැබැයි එහෙම වැඩමුළුවල කියන ආකාරයට ඕන ඕන විදියට ගණ දෙවියන් ඔබත් එක්ක යළු වෙයිද කියන එකයි ප්‍රශ්නය.්

ඔබ යම්කිසි අයුරකින් පුද පූජා කටයුතු සඳහා නිවෙසට දේව ප්‍රතිමාවක් තෝරා ගන්නවා නම් ඒ සඳහා සුදුසු ප්‍රතිමාවක් තෝරාගත යුතු වෙනවා. ඒ කියන්නේ සෑම දේව ප්‍රතිමාවක්ම නිවෙසට ගැළපෙන්නෙ නැති නිසයි. මොකද දේව ප්‍රතිමා විවිධ අංග ලක්‍ෂණ අනුවයි නිර්මාණය කර තිබෙන්නේ. ඒ ඒ අංග ලක්‍ෂණ අනුව එම ප්‍රතිමාවලින් යෙදෙන පලවිපාකත් වෙනස් වෙනවා. එනිසා ගණ දෙවියන් සම්බන්ධවත් මේ කාරණාව පොදුයි. එහිදී ගණ දෙවි ප්‍රතිමාවේ හොඬවැල පිහිටා ඇති ආකාරය ඉතාමත් වැදගත්. ඒ නිසා දෙවියන් ගැන හරියට නොදන්නා අයගෙන් ලද උපදෙස් මත දෙවියන් යාළුකර ගන්නට යැයි සිතා ප්‍රතිමා මිලට ගැනීම සුදුසු නොවේ.

ඊළඟට වැදගත්ම කාරණය තමයි ගණදෙවි පූජාවේ වගේම අනෙකුත් දේව පූජාවන්ට තබන පූජා වට්ටිය. මෙයට අතිවිශේෂ තැනක් හිමි වෙනවා. අපිට ආවාට ගියාට පූජා වට්ටි හදාගන්න බැහැ. එහෙම කළාම නියමාකාර ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ගණ දෙවියන්ට තබන පූජා වට්ටිය වුණත් හදාගත යුත්තේ පංච තත්ත්වයන් නිරූපණය කෙරෙන දේවල්වලින් බවයි දෙවියන් පිළිබඳව දන්නා බොහෝ දෙනකුගේ මතය වෙන්නේ. එනම් ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ් යන තත්ත්වයන් සංකේතවත් කරන ද්‍රව්‍යයන්ය. එයින් අපේ ශරීරයේ පවතින තත්ත්වයන් සමනය කරගෙන සාර්ථකත්වයට පත්විය හැකි බවට විශ්වාසයක් වෙයි.

එහිදී ආපෝ තත්ත්වය සංකේතවත් කිරීමට පැන් බඳුනක් හෝ ආහාර තැබිය හැකිය. තේජෝ තත්ත්වය සංකේතවත් කිරීමට පහනක් දැල්වීම සුබය. වායෝ තත්ත්වය සඳහා සුවඳ ධූපයට හැකියාව පවතී. ඔබ පුදන මල්වලින් ආකාශ් තත්ත්වය සංකේතවත් කරන අතර, පඨවි තත්ත්වය සඳහා සඳුන් කැබැල්ලක් ගලගා තැබීමද සෑහේ. එහෙත් අද වෙද්දි මේ තත්ත්වය වෙළෙඳ අංශයේ ධන උපයන මාර්ගයක් බවට පත්ව ඇත. එය මනාවට පැහැදිලි වන්නේ ප්‍රසිද්ධ දේවාල අසල ඇති පූජා වට්ටි කඩවලිනි. පූජා වට්ටියට පෙර කියූ දේවල් තැබීමෙන් ඔවුන්ට ලොකු ලාභයක් ලැබිය නොහැකි බැවින් වෙළෙඳුන් විසින් පූජා වට්ටිය ධන උපායන මාර්ගයක් බවට පත්කරගෙන තිබේ. එහි මිල තීරණය කරන්නේද ඔවුන්මය.

පූජා වට්ටිය ගන්නට එන අයගේ සිතට විශාල පූජා වට්ටියක් තැබීමේ ඇති ගුණය ව්‍යාජ ලෙස මවා පාමින් කෙසේ හෝ රුපියල් දෙතුන් දහසකට විකුණනු ලබන්නේ රුපියල් දෙතුන් සියයක පලතුරුය. එහෙම බලද්දී දෙවියන්ගේ පිහිට පතාගෙන යන බොහෝමයක් නිසා ගොඩ යන්නේ මේ පලතුරු කඩකාරයන්ය. එනිසා පිටත ශෝභනයට හසු නොවී යථාර්ථයට අනුව පුද පූජා පවත්වා නිසි ලෙස දේව පිහිට ලබා ගැනීමට හැකි බව වටහා ගැනීම කාගේත් වගකීමකි.

දෙවියන් යාළුකර ගැනීම යනු දෙවියන් තම තත්ත්වයට ගෙන තවත් හිතවතකු බවට පත්කර ගැනීමකැයි ඇතැම් අය සිතන බවකුත් පෙනී යයි. ඇතැම් වැඩසටහන්වලට ගොස් ආපසු එන්නන් සිනාසී ගෙන එන්නේ ගණ දෙවියන් දැන් තම මිතුරකු බවයි. හවසට ප්ලේන්ටියක් දෙකට බෙදාගෙන බී මචං ලෙවල් එකෙන් කතා කර විභාගයට පෙර පොඩි සංතෝෂමක් ලබා දී වැඬේ කරගන්නට හැකි බව ඔවුන් සිතයි. එසේම තමාගේ වැඬේ වගේම ඇතැම් අය මිතුරන්ටද තම නිවෙසට එන්නට කියා ගණ දෙවියන්ගෙන් ඒ අයගේ වැඩටද උදව් අරගෙන දීමට පෙලඹෙයි. එහෙම බලද්දී ඒ අය වැඩ කරන්නේ ගණ දෙවියන් තමන්ගේ සාක්කුවේ සිටින්නකු ලෙසට සලකමිනි.

මෙය මහා මුළාවකි. දෙවියන්ට අගෞරව කිරීමකි. දෙවියන් නොසලකා හැරීමකි. වඩාත් හොඳින් කල්පනාවෙන් තේරුම් ගතයුතු දෙයක් වෙයි. එනම් ගණ දෙවියන් යාළුකර ගත හැක්කේ දෙවියන්ට ගරු කිරීමෙනි. දෙවියන්ට නම්‍යශීලී වීමෙනි. දෙවියන් කෙරේ භක්තිමත් වීමෙනි. එනිසා ඔබට ගණ දෙවියන්ගෙන් යමක් කරගත යුතු නම් දෙවියන් යාළු කර ගතයුතු නම් පෙර සඳහන් කළ අයුරින් පුද පූජා කරන්න. ගෞරව කරන්න. ඉන්පසු ඔබගේ අවශ්‍යතාවය ඉතා කල්පනාකාරීව මෙනෙහි කර සහනය පතන්න. එවිට දෙවියන් ඔබ කෙරේ අනුකම්පාවෙන් ඔබට පිහිට වෙනු ඇත. ඔබ සමඟ මිතුරු වෙනු ඇත.
ජ්‍යොතිෂවේදී ජයශ්‍රී නන්දකුමාර

SendShareShare
Previous Post

සිදුහත් කුමරුගෙ මඟුල් කඩුවත් ලංකාවේ

Next Post

ඇසට්ලයින් ලීසිං සේවා පියසෙන් වාහන හිමියන්ට සේවා රැසක්

MORE NEWS

මුළු රටම තීරණාත්මකයි ගුරු ග්‍රහයා මාරුවුණා බලන්න ඔබට හොඳයිද? නරකයිද? කියලා…
Astrology

ලග්න රැසකට හදිසි ධන යෝග! ලෝකයට සාමය – ලංකාවට අර්බුද ! වෘෂභ – කටක – මීන නොසිතූ සල්ලි කන්දක්…! මේෂ – තුලා වහාම ප්‍රවේසම් වන්න…!

පස්සෙන් පන්නන පෙර ආත්මේ ණයකාරයෝ…! සේසතම වනසන කර්මයේ සෙල්ලම…! Sri Lanka Latest News
Astrology

සෙනසුරු ගෝචරයේදී බෙල්ලෙන් අල්ලා මුල්ලෙන් තියනවා…! බිමටම වට්ටනවා…! ගැලවෙන්නේ මෙහෙමයි…! Sri Lanka Latest News

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News
Astrology

ශිෂ්‍යත්වයට දින 20යි…! ග්‍රහ අපල දුරු කර ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු ගන්න විස්මිත අනුහසක්…! 100%ක් ප්‍රතිඵල ස්ථිරයි…! Sri Lanka Latest News

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News
Astrology

ඇඟේ සයිස් එකට ග්‍රහයෝ දෙන ෂේප් එක මෙන්න…! උපන් කේන්දරෙන් කියන ඇඟේ හැඩේ රහස්…! ලග්නෙ හැටියටද ලස්සන? Sri Lanka Latest News

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News
Astrology

කුජ එකේද – දෙකේද – හතරේද – හතේද – දොළහේද? කුජ දෝෂය නැති කරගෙන විවාහය සාර්ථක කරගන්නේ මෙහෙමයි! Sri Lanka Latest News

ගුරු-රාහු-කේතු තුනම මාරු වුණා! හොඳට බලාගන්න ඕගොල්ලන්ට වෙන්න යන දේ…! Sri Lanka Latest News
Astrology

2026 ජූලි 12 වැනිදා සිට ජූලි 18 වැනිදා දක්වා රවි මිථුනයෙන් කටකයට යද්දී චන්ද්‍රයා වෘෂභ මිථුන කටක රාශි පසුකරයි! රටේ ලෝකයේ ආන්දෝලනාත්මක තීරණ! ලග්න රැසකට තීරණාත්මක වෙනස්කම් හදිසි අනතුරු අවදානමත් ඉහළට! Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.