තිස්සමහාරාමය අවට කුඩා ට්රක් රථ හිමියන් වෙනුවෙන් සංවිධානය කළ ඇසට්ලයින් ලීසිං සේවා පියස වැඩසටහන පසුගියදා දෙබරවැව යකඩ පාලම අසලදී සේවා රැසක් ලබාදෙමින් සාර්ථකව අවසන් විය.
ඇසට්ලයින් ලීසිං සේවා පියසට පැමිණි සියලු කුඩා ට්රක් රථ හිමියන්ට වාහනයේ දුම් පරීක්ෂාව, තත්ත්ව පරීක්ෂාව මෙන්ම වීල් එලයිමන්ට් පරීක්ෂාවද නොමිලේ කර ගැනීමේ අවස්ථාව සලසා දී තිබිණි.
මෙහිදී ඇසට්ලයින් ලීසිං සේවා පියස සමඟින් ඩීමෝ අයිඩියල් මෝටර්ස් ආයතන අත්වැල් බැඳගත් අතර ඔවුන්ගේ අමතර කොටස් සුවිශේෂී වට්ටම් යටතේ මිලදී ගැනීමටද ඇසට්ලයින් ලීසිං සේවා පියසට පැමිණි කුඩා ට්රක් රථ හිමියන්ට අවස්ථාව උදාවිය.
මෙහිදී සහභාගි වූ සියලුදෙනාගේ අදහස වූයේ කොවිඞ් – 19 වසංගත තත්ත්වය නිසා අතපසු වූ නඩත්තු කටයුතු නොමිලේම සිදුකර ගැනීමට කාලෝචිත අවස්ථාවක් ලබාදීම සම්බන්ධව ඇසට්ලයින් ලීසිං සමාගමට බෙහෙවින් ස්තුතිවන්ත වන බවයි.
ඇසට්ලයින් ලීසිං සේවා පියස වැඩසටහන ඉදිරියේදී දිවයින පුරාම සමාජ සත්කාරයක් ලෙස ක්රියාත්මක කිරීමට මේ වන විටත් කටයුතු යොදා ඇත.











