සුපිරි වෙළෙඳසැල්වලට බඳුන් සැපයීම මගින්, වගකිවයුතු පාරිභෝගිකයින්ට ඔවුන්ගේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය බැහැර කිරීමට පහසු මාර්ගයක් ලබා දෙනු ඇතැයි යන විශ්වාසය ඇතිව, ප්ලාස්ටිසයිකල්, ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් අපද්‍රව්‍ය සැලකිය යුතු ලෙස අඩු කිරීමේහි ලා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කරයි. ප්ලාස්ටිසයිකල් විසින් මෙම වැඩසටහන සඳහා ලාෆ්ස් සහ සොෆ්ට්ලොජික් ග්ලෝමාර්ක් සුපිරි වෙළෙඳසැල් දාමයන් සමඟ හවුල්ව, තෝරාගත් අලෙවිසැල්වල මූලික ස්ථානගත කිරීම් ආරම්භ කර ඇත.
සීමාසහිත ලාෆ්ස් සුපිරි වෙළෙඳසැල් (පුද්ගලික) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරි ලිලන්ති හේරත් මහත්මිය මේ පිළිබඳ අදහස් දක්වමින් පැවසුවේ, “හරිත පරිසරයක් සඳහා අප දක්වන දායකත්වය පිරිසිදු හා තිරසාර ලෝකයක් සඳහා ධනාත්මක දායකත්වයක් ලබා දිය හැකි බව ලාෆ්ස්හි අප විශ්වාස කරමු. වගකිවයුතු ආයතනයක් ලෙස, පරිසර දූෂණය සහ එහි ඍණාත්මක බලපෑම් පිළිබඳ දැනුවත් කිරීමක් ඇති කරන තවත් ව්‍යාපෘති සඳහා සහාය වීමට අපි උත්සාහ කරමු.” පීඊටී බෝතල්, අයිස්ක්‍රීම් බහාලුම් සහ ෂැම්පූ බෝතල් ඇතුළු ප්‍රතිචක්‍රීකරණය කළ හැකි ප්ලාස්ටික් එකතු කිරීම සඳහා මේ වන විට රාජගිරිය, පැපිලියාන, මහරගම, කැස්බෑව සහ මොරටුවෙහි පිහිටි ලාෆ්ස් සුපිරි වෙළෙඳසැල්වල ප්ලාස්ටික් ප්ලාස්ටිසයිකල් බඳුන් තබා ඇත.
ප්ලාස්ටිසයිකල් බඳුන් ජාලය හා හවුල්කාරීත්වය ඇති කරගත් පළමු සුපිරි වෙළෙඳසැල් ජාලය වන කීල්ස්හි මේ වනවිට අලෙවිසැල් 43ක ප්ලාස්ටිසයිකල් බඳුන් පිහිටුවා ඇත.











