හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායකවරයකු රජයේ ඉඩම් අක්කර 50ක පමණ කොටසක් බලහත්කාරයෙන් අත්පත් කර ගැනීමට පියවර ගෙන ඇති බවට ආණ්ඩුවට තොරතුරු ලැබී තිබේ.
මෙම ඉඩම් අත්පත් කර ගැනීම පිටුපස ශ්‍රීලනිප ඇමැතිවරයකු සිටින බවද, ඔහුගේ අනුදැනුම මත මෙය සිදුව ඇති බවට වූ සැකයක්ද මේ වනවිට ආණ්ඩුවේ ප්‍රබලයන්ට මතුව ඇති බවද වාර්තා වේ.
මේ සම්බන්ධයෙන් පසුගිය සතියේ අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන මහතා හම්බන්තොට පැවැති සාකච්ජාවකදී ප්‍රශ්න කර ඇති අතර එහිදී නිලධාරීන් සහ අමාත්‍යවරයා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදුව ඇති බවද දැනගන්නට ඇත.
එහිදී එක් නිලධාරීන් කණ්ඩායමක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ මහා ඉඩම් කොල්ලයක් සිදුවන බවට තොරතුරු අනාවරණය කර ඇති අතර තවත් පිරිසක් එම කොල්ලකරුවන්ගේ නම් සදහන් කරන ලෙසට ඉල්ලමින් කෑ කෝ ගසා ඇති බවද දැනගන්නට තිබේ.