ඇට්ලස් සමාගම ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට බැක්ටීරියා නාශක ලිපිද්‍රව්‍ය පෙළක් හඳුන්වා දෙයි. ශ්‍රී ලංකාවේ වඩාත් ජනප්‍රිය සහ විශාලතම ලිපිද්‍රව්‍ය සන්නාමය ලෙස ඇට්ලස්, දරුවන් හට සුරක්ෂිත ඉගෙනුම් පරිසරයක් නිර්මාණය කළ හැකි පාසල් උපකරණ හඳුන්වාදීමේ පුරෝගාමී මෙහෙවරක් ඉටුකරයි.
වර්තමානයේ උද්ගත වී ඇති අභියෝගාත්මක තත්ත්වය හමුවේ සනීපාරක්ෂක සහ සුරක්ෂිත ඉගෙනුම් පරිසරයක අවශ්‍යතාව අන් කවරදාටත් වඩා ඉස්මතු වී ඇත. විශේෂයෙන් පාසල් යළි විවෘත වී ඇති බැවින් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳ මවුවරුන්ගේ විශේෂ අවධානය යොමුවී ඇත. ශ්‍රී ලංකා නැනෝතාක්ෂණික ආයතනය (SLINTEC) සමග අත්වැල් බැඳගනිමින් ඇට්ලස් සමාගම විසින් නිෂ්පාදනය කරන ලද මෙම පොත් සහ පෑන් පෙළ බැක්ටීරියා නාශක නවීන තාක්ෂණයෙන් සවිබල ගන්වා ඇති අතර මෙම විශේෂිත පොත් සහ පෑන් මතුපිට ඇති බැක්ටීරියා 99.9%ක් නැසීමේ හැකියාවෙන් යුතු බවට තහවුරු කර ඇත.
බැක්ටීරියා නාශක ඇට්ලස් නිෂ්පාදන පෙළ 2020 සැප්තැම්බර් මස 18 වනදා කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ Atlas Skills Factory පරිශ්‍රයේදී නිල වශයෙන් හඳුන්වා දෙන ලදී. එම ප්‍රදර්ශනය සැප්තැම්බර් මස 18 සිට 27 වනදා දක්වා BMICH හිදී පැවැත්වුණි.
මෙම නිෂ්පාදන පෙළ හඳුන්වා දීම පිළිබඳ අදහස් පළ කරමින් ඇට්ලස් ඇක්සිලියා සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ අසිත සමරවීර මහතා සඳහන් කළේ, ශ්‍රී ලාංකේය ලිපිද්‍රව්‍ය කර්මාන්තය නවෝත්පාදනයෙන් ඉදිරියට ගෙන යමින් මෙරට මිලියන ගණනක් වූ දරුවන්ගේ ඉගෙනුම් ගමන්මගේ සුවිශේෂී සගයෙකු ලෙස ඇට්ලස් සමාගම වසර 60කට අධික කාලයක් පුරා කටයුතුකර ඇති බවයි.











