එදා මෙදාතුර ලොතරැයි ඉතිහාසයෙහි දැවැන්තම තාක්ෂණික පියවර තබමින් ඉදිරියට ආ සංවර්ධන ලොතරැයි මණ්ඩලය තම ප්‍රථම ඩිජිටල් ලොතරැයිය වන “සසිරි” ලොතරැයිපත වෙළෙඳපළට නිකුත් කිරීම පසුගියදා (2020.09.29) මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදුකරන ලදී.
සංවර්ධන ලොතරැයි මණ්ඩලය විසින් මේ වන විට හදුන්වා දී ඇති DLB Sweep App හරහා “සසිරි” ඩිජිටල් ලොතරැයිපත මිලදී ගැනීමට හැකියාව පවතින අතර ලග්න වාසනාව, සුපර් බෝල් සහ ශනිදා යන ලොතරැයිපත්ද එම App මගින් online ක්‍රමයට මිලදී ගැනීමේ හැකියාව පවතී.
“සසිරි” ලොතරැයිය දකුණු ආසියාවේ ප්‍රථම ඩිජිටල් තාක්ෂණික ලොතරැයිපත වන අතර එය ඔන්ලයින් මාර්ගයෙන් මෙන්ම මුද්‍රිත ලොතරැයියක් වශයෙන්ද ලබා ගත හැකි දෙමුහුන් ලොතරැයිපතකි.
“සසිරි” ලොතරැයිපත වෙළෙඳපළට නිකුත් කිරීමේ ප්‍රධාන අරමුණ පසුගිය කොරෝනා වසංගත සමයෙහි පිහිටුවූ කොවිඞ් අරමුදල සඳහා මූල්‍ය දායකත්වය සැපයීමයි. ඒ අනුව මෙම ලොතරැයිපත් අලෙවිය හරහා ලැබෙන්නාවූ ලාභයන් ජනාධිපති අරමුදලට බැරවෙන අතර ජනාධිපති අරමුදල හරහා එම මුදල් කොවිඞ් අරමුදල වෙත සම්ප්‍රේෂණය කිරීමට යෝජිතය.











