වරලත් කළමනාකරණ ගණකාධිකාරිවරුන්ගේ ආයතනය (CIMA) සහ ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය (ICCSL) විසින් සංවිධානය කරනු ලබන 2020 ශ්‍රී ලංකාවේ වඩාත්ම ප්‍රශංසනීය සමාගම් සම්මාන වැඩසටහනෙහි ප්ලැටිනම් අනුග්‍රාහකත්වය දැරීමට මෙවරත් AIA ඉන්ෂුවරන්ස් සමාගම මහත් සාඩම්බරයෙන් ඉදිරිපත් වී ඇත. AIA මෙම වැඩසටහනට අඛණ්ඩව ප්ලැටිනම් අනුග්‍රාහකත්වය දක්වන 3 වන වසර මෙය වේ. මෙම සම්මාන ලබාදීමේ අපේක්ෂාව වන්නේ හුදෙක් මූල්‍ය සාර්ථකත්වය පදනම්ව පමණක් නොව, සමාගමෙහි සේවකයින්, සේවාලාභීන්, ආයෝජකයින් සහ සාමාන්‍ය ප්‍රජාව සඳහා තිරසාර හා සදාචාරාත්මක ලෙස, වටිනාකමක් උපදවන, සෙසු සමාගම්වලට වඩා කැපී පෙනෙන සමාගම් හඳුනා ගැනීමයි.
ශ්‍රී ලංකාවේ ලැයිස්තුගත හා ලැයිස්තුගත නොකළ සමාගම් දෙපාර්ශ්වයටම විවෘතව ඇති මෙම සම්මාන උළෙලට 2020 ජුනි 30 වන විට වසර 5කට වැඩි කාලයක් ව්‍යාපාරයේ යෙදී සිටින සහ 30% හෝ ඊට වැඩි ශ්‍රී ලාංකික හිමිකාරීත්වයක් ඇති සමාගම් සුදුසුකම් ලබයි.
AIA ඉන්ෂුවරන්ස්හි ප්‍රධාන විධායක නිලධාරී නිඛිල් අද්වානි අදහස් දක්වමින් කියා සිටියේ “ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස (ග්ලෝබල් බෑන්කින් ඇන්ඞ් ෆිනැන්ස් රිවිව් වෙතින් ඇගයීමට පාත්‍රවන ලද) මෙරට ආයතන මෙලෙසින් ඇගයීමට පාත්‍ර කරන්නා වූ එකම සම්මාන උළෙලට අනුග්‍රහය දැක්වීමට හැකිවීම පිළිබඳව අප සතුටු වෙනවා. හුදෙක් මූල්‍ය සාර්ථකත්වයෙන් ඔබ්බට යමින් සිය සේවකයින්, සේවාලාභීන්, ආයෝජකයින් සහ සාමාන්‍ය ප්‍රජාව සඳහා තිරසාර හා සදාචාරාත්මක ලෙස වටිනාකමක් උපදවාලීමට කැපව කටයුතු කරන සමාගම් වෙත අපගේ සහාය ලබා දෙමින් ඔවුන්ව සම්මානයෙන් ඇගයුමට ලක්කිරීමට හැකිවීම අපට මහත් අභිමානයක් ගෙනදෙන කරුණක්.”