ශ්‍රී ලංකාවේ කෘෂි ක්ෂේත්රය සඳහා යාන්ත්රිකමය දායකත්වය සපයන ඩීමෝ හි කෘෂි යන්ත්‍රෝපකරණ අංශය මගින්, මෙවර මහ කන්නයට සමගාමීව පැවති, වාර්ෂික මහින්ද්‍රා ට්‍රක්ටර් රථ සේවා වැඩසටහන සාර්ථක ලෙස දියත් කෙරිණි. මහින්ද්‍රා පාරිභෝගිකයින් හට සිය ට්‍රැක්ටර් රථ සම්බන්ධ අලුත්වැඩියාවන් හා සේවා කටයුතු සිදු කර ගැනීමටත්, ඩීමෝ වෙතින් පිරි නැමෙන ආකර්ෂණීය වට්ටම් හා දීමනා හිමි කර ගැනීමටත් එම වැඩසටහන මගින් අවස්ථාව සැලසිණි.
කන්නය පුරාම උපරිම කාර්යක්ෂමතාවයෙන් වැඩ කටයුතු කිරීමට හැකි වන පරිදි හා කල්පැවැත්මට හිතකර වන පරිදි ඕනෑම ට්‍රැක්ටර් රථයක නඩත්තු හා සේවාවන් සිදු කිරීම අවශ්‍ය බව ප්‍රකට කරුණකි. මෙවර මහ කන්නයට සමගාමීව පැවති මෙම සේවා වැඩසටහන මගින්, සිය ට්‍රැක්ටර් රථ පරීක්ෂා කරවාගෙන වාර්;ාවන් ලබා ගැනීමට හා සුළු අලුත් වැඩියාවන් හා සේවාවන් කිසිදු වැඩ කුළියකින් තොරව සිදු කරවා ගැනීමට මහින්ද්‍රා පාරිභෝගිකයින් හට අවස්ථාව හිමි විය. ඒ, අමතර කොටස් වෙනුවෙන් ඩීමෝ වෙතින් පිදෙන ආකර්ෂණීය වට්ටම්ද හිමි කර ගනිමිනි. එමෙන්ම ඊට සමගාමීව, මහින්ද්‍රා ශමඩද ට්‍රැක්ටර් රථ මිලදී ගැනීමේදී, නොමිලේ රොටවේටරයක් (Rotervator) පිරි නැමීමටද, ඩීමෝ එහිදී කටයුතු යොදා තිබීම විශේෂත්වයකි.
මෙම මහින්ද්‍රා සේවා වැඩසටහන 2020 අගෝස්තු මස 11 වැනිදායින් ආරම්භ වී 2020 සැප්තැම්බර් මස 05 වැනිදායින් අවසන් විණි. එමෙන්ම එය අම්පාර, මොණරාගල, බදුල්ල, පොළොන්නරුව, අනුරාධපුර, ත්‍රිකුණාමලය, කුරුණෑගල, පුත්තලම මෙන්ම මඩකලපුව,රෑ වවුනියාව, මුලතිවු, කිලිනොච්චි හා මන්නාරම ආදී ශ්‍රී ලංකාවේ ප්‍රධාන වශයෙන් වගා කටයුතු සිදු කෙරෙන සෑම ප්රදේශයක්ම ආවරණය කරමින් පැවැත්විණි.











