යුනයිටඞ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාගමේ (United Motors Lanka PLC) පූර්ණ අනුබද්ධිත සමාගමක් වන යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඞ් සමාගමෙන් මිලදී ගනු ලබන වාහන සඳහා වාහනයේ වටිනාකමින් 30%ක මූලික ගෙවීමක් ලබාදීමේ පහසුකම පාරිභෝගිකයන්ට ලබා දෙමින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පුද්ගලික අංශයේ බැංකුව වන හැටන් නැෂනල් බැංකුව යුනිමෝ එන්ටර්ප්‍රයිසස් ලිමිටඞ් (Unimo Enterprises Limited) සමඟ අත්වැල් බැඳගෙන ඇත.
මෙම ප්‍රවර්ධන කාල සීමාව තුළ සීමිත තොගයක් පවතින 7 දෙනෙකුට අසුන් ගත හැකි DFSK 580 SUV රථ, ආසන 6 Glory 330 MPV රථ සහ Z100 compact කාර් රථ සඳහා පාරිභෝගිකයින්ට පහසු ලීසිං විසඳුම් මෙම හවුල්කාරීත්වය මගින් ලබා දෙනු ඇත. HNBහි පාරිභෝගික සහ කුඩා හා මධ්‍ය පරිමාණ බැංකු කටයුතු පිළිබඳ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීල සන්ජේ විජේමාන්න සහ යුනයිටඞ් මෝටර්ස් ලංකා පීඑල්සී සමාගමේ, සමූහ ප්‍රධාන විධායක නිලධාරී/විධායක අධ්‍යක්ෂ, චානක යටවර යන මහත්වරුන් අදාළ අවබෝධතා ගිවිසුමට අත්සන් තබන ලදී.
මෙම ප්‍රවර්ධන කාලය තුළ HNB විසින් විශේෂ පොලී අනුපාතයක් ඇතුළුව එක් එක් ගනුදෙනුකරුවන්ගේ ආදායමට හා වියදමට සරිලන පරිදි සකස් කළ ලීසිං පහසුකම් ආදී ප්‍රතිලාභ රැසක් ලබා දෙනු ඇත.
මීට සමානව, මෙම හවුල්කාරීත්වය යටතේ යුනිමෝ සමාගම විසින් HNB ලීසිං ගනුදෙනුකාරභවතුන්ට නොමිලේ වාහන ලියාපදිංචි කිරීමේ පහසුකම්ද සපයනු ඇත.











