අලියාන්ස් ලංකා සමාගම හා BIMA ලංකා ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් (පුද්ගලික) සමාගම (BIMA) ඒකාබද්ධව ‘BIMA හෙල්ත්’ නමින් සුවිශේෂී සෞඛ්‍ය රක්ෂණ විසඳුමක් හඳුන්වාදී තිබේ. මෙම සරල මෙන්ම පහසු වාරික ගෙවීම්වලින් සමන්විත සෞඛ්‍ය රක්ෂණාවරණය ශ්‍රී ලාංකික රක්ෂණ පාරිභෝගිකයින් වෙත වටිනා ප්‍රතිලාභ රැසක් හිමිකර දෙනු ඇති බවට අලියාන්ස් ලංකා සමාගම විශ්වාසය පළකර සිටී.
ලන්ඩන් හා සිංගප්පූරුව සිය මූලස්ථාන කරගනිමින් ක්‍රියාත්මකවන BIMA සමාගම ලොව ප්‍රමුඛතම රක්ෂණ හා සෞඛ්‍ය සේවා සැපයුම්කරුවෙකු ලෙස ඉදිරියෙන්ම සිටී. ආසියානු හා අප්‍රිකානු කලාපයන්හි රටවල් නවයක දිනෙන් දින දියුණුව ලබන රක්ෂණ වෙළෙඳපොළවල් තුළ සිය සේවය විශිෂ්ටත්වයෙන් යුතුව ලබා දෙන එම සමාගමේ පාරිභෝගික පදනම මිලියන 35 ඉක්මවයි. BIMA සමාගම මින් පෙර රක්ෂණ හා සෞඛ්‍ය සේවාවන් අත්නොවිඳි ජනයා වෙනුවෙන් වඩාත් සරල හා පහසු රක්ෂණ විසඳුම් රැගෙන ඒම සඳහා ඩිජිටල් තාක්ෂණය යොදාගැනීම අතින් ලෝකයේ ඉදිරියෙන්ම සිටින සමාගමක් බවද සිහිපත් කළ යුතුය.
අලියාන්ස් සහ මින් පෙර ක්‍රමෝපායික ආයෝජකයෙකු වශයෙන්ද අත්දැකීම් සහිත BIMA සමාගම් අතර ජාත්‍යන්තර වශයෙන් දිගුකල් පවත්නා සබඳතාවක් සුරක්ෂිත කරගනිමින් ගොඩනගා ගත් මෙම සහයෝගිතාවය හරහා ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසකට සෞඛ්‍ය රක්ෂණාවරණයක් ලබා ගැනීමේ අවස්ථාව හිමිකර දීමට අපේක්ෂා කෙරේ.











