සුහද හදක් ඇති දේශීය බැංකුව ලෙස සෙලාන් බැංකුව සිය රන් මධ්‍යස්ථානයේ ATM යන්ත්‍රය ගැබෝ පෙදෙසට මුහුණලා පිහිටි වඩාත් පුළුල් පරිශ්රයකට ගෙනයන ලදී. සෙලාන් බැංකුවේ අලෙවි ප්‍රධානී ගාමික ද සිල්වා සහ මෙට්‍රො-II ශාඛාවේ සහකාර ප්‍රාදේශීය කළමනාකාර සුරේෂ් සුබ්රම් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම ATM යන්ත්‍රය නිල වශයෙන් විවෘත කෙරිණි.
ප්‍රදේශයේ සාප්පු සවාරිවල නියැළෙන පිරිසට වඩාත් පහසුවෙන් ප්‍රවේශවිය හැකි ලෙස ස්ථාපනය කර ඇති මෙම ATM යන්ත්‍රය හරහා සෙලාන් බැංකුවේ පාරිභෝගිකයන් හට වඩාත් කාර්යක්ෂම ලෙස සේවා සැලසීමේ පහසුවද හිමිවේ. ප්‍රදේශයේ ජනප්‍රිය අලෙවි මධ්‍යස්ථාන කේන්ද්‍රකර ගත් මෙම නව පරිශ්‍රය හරහා කාර්යබහුල නගරය තුළ සිය එදිනෙදා ගනුදෙනු පහසුවෙන් ඉටුකර ගැනීමට සෙලාන් බැංකු පාරිභෝගිකයන් හට හැකිවේ.
සිය අගනා පාරිභෝගිකයන් හට අසමසම බැංකුකරණ අත්දැකීමක් පිරිනැමීමේ අරමුණ පෙරදැරිව කටයුතු කරන සෙලාන් බැංකුව දිවයින පුරා පිහිටි 173කට අධික ශාඛා සහ 216කට අධික ATM ජාලය සමගින් සිය ව්‍යාප්තිය තවදුරටත් පුළුල් කිරීම සඳහා කැපවී සිටී.











